Tuesday, January 16, 2018

කළු පටියද, සුදු පටියද? (18+)


කලින් පොස්ට් එකට කොමෙන්ට් එකක්  දාලා අපේ යසිත් මලයා කියලා තිබුනා "ඉස්සර වගේ කතාවක් ලියනකම් බලං ඉන්නේ..." කියලා. ඉතින් යසිත් කොලුවගේ ඉල්ලීම නිසා පොඩි කතාවක් ලියන්න හිතුවා.

මිට කලින් ලියපු කථාකරණ ගිරවා  පොස්ට් එක මතක ඇති නේද? කියවන්න  බැරි උන කට්ටිය ඉන්නවනම් ඔය ලින්ක් එකෙන් ගිහින් බලන්න. මේ කතාවත් ඒ වගේ කථාකරණ ගිරවෙක් ගැන තමයි.  එහෙනම් ඉතින් කියවලාම බලන්න කෝ.

ඔන්න ළමයිනේ එකමත් එක කාලෙක, එකමත් එක රටක, එකමත් එක නගරයක්  තිබුනා. මේ නගරයේ තිබුනා ප්‍රසිද්ධ සල්පිලක්. ඉතින් මේ සල්පිලේ එක තැනක සුරතල් සතුන් විකුණන කෙනෙක් ඉන්නවා. මෙයා ළඟ එක එක ජාතියේ සත්තු. බලු පැටවූ, පුස් පැටවූ, හාවෝ, ගිරවු ඔය මෙකි නොකී සත්තු හිටියා. මිනිස්සු වටවෙලා හිටියේ  මෙයා විකුණන සත්තු බලන්න විතරක්ම නෙවේ, මේ මනුස්සයා සත්තු ගැන කරණ වර්ණනාව අහන්නත් එක්ක.

ඔන්න දැන් මෙයා පෙන්නනවා එක ගිරවෙක්. මේ ගිරවාගේ එක කකුලක කළුපාට පටියක් ගැට ගහලා, අනිත් කකුලේ සුදුපාට පටියක් ගැට ගහලා.  දැන් ඉතින් මේ තැනැත්තා මේ ගිරා පෝතකයා ගැන වර්ණනාව.

"මේ  බලන්න මේ වගේ ගිරවෙක් කවදාවත්ම ගන්න ලැබෙන්නේ නැ..  අද විතරයි.. කවුද මේ ගිරවා මිලදී ගන්න වාසනාවන්තයා.  මේ බලන්න මේ ගිරවට භාෂා දෙකක් කතා කරන්න පුළුවන්. මේ කකුලේ බැඳලා තියෙන සුදු පටියෙන් අදිනකොට  ගිරවා කථාකරන්නේ සිංහලෙන්, කළු පටියෙන් අදිනකොට කථාකරන්නේ ඉංගිරිසියෙන්. එන්න බොරුනම් ඇදලා බලන්න..."

දැනේ මේක බලාගෙන හිටපු ගැනුම් කරුවෙක්  ඉදිරියට ඇවිත් මෙහෙම අහනවා..

"මම මේ සුදු පටියෙන් ඇදලා බලන්නද?"

"හරි හරි ඇදලා බලන්න මම බොරු කියලා සත්තු විකුනන්නේ නැහැ."

සුදු පටියෙන් ඇදලා   විතරයි  ගිරවා සිංහලෙන් කථා කරන්න ගත්තා.. ගැනුම් කරුට  සතුටුයි. නමුත් මෙයාට හිතුනා අනිත් පටියෙනුත් ඇදලා බලන්න ඕන කියලා.

"ෂා මරුනේ ...මම මේ කළු  පටියෙනුත්  ඇදලා බලන්නද?"

"බලන්න, බලන්න එතකොට ඉන්ගිරීසියෙන්  කතාකරනවා" 

කළු  පටියෙන් ඇද්දා  විතරයි   ගිරවා ඉංගිරිසියෙන්  කථා කරන්න ගත්තා.. දැන් ගැනුම් කරුට හරිම සතුටුයි. ගිරවා ගන්න අදහස් කරපු ගැනුම්කරු දැන් මෙහෙම අහනවා.

"ඈ.. මුදලාලි මම  එකපාරට මේ පටි දෙකෙන්ම ඇද්දොත් මෙයා කථාකරන්නේ මොන භාෂාවෙන්ද?"

මෙහෙම ඇහුවා විතරයි, ගිරවා එකපාරටම අත්තටු ගහලා කියනවා..

"ඈ.. බෝල බුරු හු**,  කකුල් දෙකෙන්ම අද්දහම මම හිටගෙන ඉන්නේ *කෙන්ද ?"






79 comments:

  1. හරි සැර ගිරවෙක්.

    ReplyDelete
    Replies
    1. සැර නෙවේ මලේ, භාෂා ඥාණය..

      Delete
  2. මමත් මේ වාගේ ගිරවෙක් හොයා,හොයා ඉන්නේ...:D

    ReplyDelete
    Replies
    1. හම්බුනොත් හෙම මටත් කියපං මනෝජ් මල්ලි

      Delete
    2. ඇයි බං මනෝජ්, තරහ කාරයෙක්වත් ඉන්නවද බනින්න, හැලපයියටත් එම ම ද.

      Delete
    3. මෙහෙම එකෙක් දැක්කොත් උඹලා දෙන්නටම කියන්නම්..

      Delete
  3. දෙකෙන්ම ඇද්දම කතා කරන්නේ ශුද්ධ සින්හල .. බොරුද මන් කියන්නේ ..

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ සහන් අයියා හරි :)

      Delete
    2. ඔව් ඔව් ශුද්ධ සිංහල තමයි :D

      Delete
  4. ඔහොම සල්පිලකින් ගිරවෙක් ගත්තු මුදලාලි කෙනෙක් ගිරවා අරන් ගිහිං කඩේ ඉස්සරහින් කුඩුවක් හදලා එල්ලුවලු. ඉතින් දැන් කාලයක් යද්දී කඩේට එන කොල්ලෝ කුරුට්ටෝ කියන කුණුහරුප අනම් මනං කතා පුරුදු වෙලා කඩේට එන හැම මිනිහටම මු කුණුහරුපෙන් බනිනවලු. දැන් මුදලාලිට මල, ගිරවා යවන්නත් බෑ සල්ලි දීලනේ ගත්තේ. ඉතිං මනුස්සය කරපු වැඩේ මාසයක් විතර කුඩුව රෙද්දකින් වහලා තිබ්බලු. වැඩේ හරි ගිහිං. ගිරවා හැදිලා, සද්දයක් නෑ. අනේ ඉතිං මූ පවනේ, වහලා තියන්න හොඳ නෑනේ කියල අර රෙද්ද අයින් කලාලු කඩේට ආව කීපදෙනෙක් ඉස්සරහ. රෙද්ද අයින් කළා විතරයි, ගිරවා කිව්වලු

    "අඩේ අප්පා අ*^*^% හු*^%*% එලියක්නේ ආවේ ඔයි" කියලා

    ReplyDelete
    Replies
    1. ඔය ගිරවාට විවාහ වෙන්න ඕන කාලේ ලං වුනාම මොනවා කියන්න ඇත්ද........

      Delete
    2. පැතුම් ඔය කතාව පොස්ට් එකක් විදිහට දාන්න හැකියි නේද?

      @ඉවාන්

      ඒවා පොඩි උන්ට හොඳ නැහැ...

      Delete
  5. ඕක තමයි කියන්නේ එක එක එව්වයින් අදින්නෙපා කියලා

    ReplyDelete
    Replies
    1. නැහැ සඳු, එක එක ඒවායෙන් ඇද්දට කමක් නැහැ, දෙකෙන්ම අදින්න හොඳ නැහැ.

      Delete
  6. අන්න මං වගේ ගිරවෙක්. හික්ස්...

    ReplyDelete
    Replies
    1. මොකෝ නලින් අයියේ පේන්න නැත්තේ වැඩිය. හෙනම බිසීද?

      Delete
    2. ඈ... නලියත් ඒ වගේද? ඔන්න නොකීවයි කියන්න එපා කවුරුවත් නලින් ගේ මොකෙන්වත් අදින්න එපා...

      Delete
  7. විශ්වවිද්‍යාල ජීවිතයේ යථාර්තය...

    http://campusapi123.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... ගොහින් බලන්නම්

      Delete
  8. අහවල් එකෙන් ඇද්දොත්???

    ReplyDelete
    Replies
    1. ඒක ගිරවගෙන් ගිරවට වෙනස් වෙනවා ..

      Delete
    2. ඒකෙන් ඇද්දොත් නාඩියෝ කියනවා......:D

      Delete
    3. ඇදලම බලන්න ඕන නාඩියෝ

      Delete
  9. සර්ව සාධාරණ කතාවක්. :-)

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ්, අර කියන්නත් වගේ මොකෙන් හිටගෙන ඉන්නද? අපේ උන් බලන්නෙම කකුලෙන් අදින්නනේ.

      Delete
  10. ගිරවා වුණත් ඇත්ත නේ කියලා තියෙන්නේ..

    ReplyDelete
  11. මේකේ සැළලිහිණි වර්ෂන් එක අහලතිබ්බා..

    ReplyDelete
  12. ජාතක කතාවක් මතක් උණා. පටි දෙක ගැට ගහන්ට තිබුනේ ගිරව් දෙන්නෙකුගේ. එක්කෙනෙක් හොඳ ගිරවෙක් අනෙක් එක්කෙනා නරක ගිරවෙක් :D

    ReplyDelete
    Replies
    1. එතකොට පොඩ්ඩියේ නරක ගිරවා සිංහල කතාකරන ගිරවද ඉංගිරිසි කතාකරන ගිරවද...?

      Delete
    2. පොඩ්ඩිගේ හොඳ ගිරවා කතා කරන්නේ අර දෙකෙන්ම ඇද්දම කතාකරන භාෂාවෙන්.

      Delete
  13. ආදර්ශය කඩවල් වල ගිරා කූඩු එල්ලා තැබීමෙන් වලකින්න.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන ආදර්ශය නම්.

      ගිරවුන් ඇති කිරීමෙන් වලකින්න.. ඔවුන්ට නිදහසේ ජිවත් වීමට ඇති අයිතිය තහවුරු කරන්න.

      Delete
  14. අයියෝ ගිරව්..... බලාගෙන ගියාම ගිරව් ගැන හෙන කතා සෙට් එකක් තියනවනේ/

    ReplyDelete
    Replies
    1. ඒකනේ, අර ෆාදර්ගෙ කළු පටිය දැකල උඹත් කෙළල අහු උනාද අහපු, ටෙන්ලීටර්ස් ඕඩර් කරපු ගිරව්ගෙ කතාත් උඹ අහල ඇතිනේ.

      Delete
    2. @ උකුස්සා
      ඔව් ඔව් හෙන සෙට් එකක් තියෙනවා.

      @ DDT
      ෆදර්ගේ කතාව ටිකක් මොදිෆ්ය් කරලා කලින් ලීවා. ඔය හිට් ලිස්ට් එකෙත් තියෙන්නේ. අනිත් එක ලියන්න විදිහක් නැහැ. ආගම් ප්‍රශ්නයක් එන නිසා..

      Delete
  15. පටි දෙකෙන්ම ඇද්දෙත් නැතුව ඌ අමු හිංගලෙන් කතාකරලනේ.

    අනේ මූට භාෂා තුනක් පුළුවන් කියල අයිලාස් ගිරවව ගෙදර ගෙනාවද.

    ReplyDelete
    Replies
    1. නැහැ මලේ, මම ගන්න කලින් වෙන එකෙක් ඌ ව ගත්තනේ ෂික්.. අපරාදේ ..

      Delete
  16. Replies
    1. අනේ නැහැ, වෙන මොනවා කරන්නද? කොහොමද හිටගෙන ඉන්නේ?

      Delete
  17. වල් ගිරවෙක්.. තවුසා ගාව හැදුන ගිරවනම් ඔහොම නෑලූ..

    ReplyDelete
    Replies
    1. වල් ගිරවෙක්ද? වණ ගිරවෙක්ද?

      Delete
    2. වල් එවුන් ඔක්කොම වණ වෙලා ඉන්නේ

      Delete
    3. එකනම් ඇත්ත තමයි මොරබ්බා.

      Delete
  18. ඊට පස්සෙ හමුදාවෙන් ඇව්ත් ගිරවගෙ #කට වෙඩි තිය මැරුවලු...

    හෑ... රීඩරේ ලින්ක් එක තියෙද්දි මං හිතුවෙ අද 18+ ෆොටෝ ගහන හැටි කියල දෙන්න හදනව කියල :P

    ReplyDelete
    Replies
    1. හු හූ බලන් හිටපන් .... :P

      Delete
    2. ඈ බොල කොල්ලෝ, එහෙනං බලං හිටහන් කට ඇරගෙන.... හුහ්..

      Delete
    3. ඒක තමා මේ මත් බැලුවේ. 18+ ෆොටෝ ගහන හැටි කියල දෙනවා කියල ආසාවෙන්ම අව විතරයි , මෙන්න ගිරවෙක් ඉන්නව.

      Delete
  19. මේක ටිකක් වල් කතාවක් වගේ පෙනුනු හන්දා මම පේලි දෙකක් විතර කියවලා නවත්තලා හිරි ඔතප් බේරාගත්තා මචං.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ මෙයා...ඔයාගෙ හිරිඔතප් බිදුනා නම් ඒකත් පෝස්ට් එකක් වෙන්න ඉඩ තිබුනා...චික් විතරක් බිදුනෙ නෑනෙ.

      Delete
    2. අප්පා ඇති යන්තං හෙන්රියා බේරිලා...

      @ සිරා
      ඈ බන් සිරෝ, උඹ දැන් බලං ඉන්නේ කාගේ හරි හිරි ඔතප් බිදෙනකල් ද පොස්ට් එකක් දාන්න. මම මේ එත් කල්පනා කරා.., සිරා මොකද දැන් මොනවත් ලියන්නේ නැත්තේ කියලා.

      Delete
  20. මොනවා උනත් කෙලින් කතා කරන ගිරවෙක්

    ReplyDelete
  21. මං මේක බුකියෙ හිලරියස් එකෙත් දැකපු කතාවක්.. ආයෙත් හිනා උනා හැබැයි :)

    ReplyDelete
  22. මේකා ගිරා පෝතකයෙක් නෙමෙයි බොහොම නාකි ගිරවෙක් වගේ...භාෂා දෙකක්ම ඉගෙනගෙන තියෙනවනෙ...

    ReplyDelete
    Replies
    1. දෙකක් නෙවේ සිරා, තුනක්ම ඉගෙනගෙන තියෙනවා..

      Delete
  23. අයි අර ගිරා කපල් එක පාදිලි තුමාට කියපු 18+ කතාව...ගිරව් ගැන ආයේ ඕන නෑ.... :D

    ReplyDelete
  24. හෑ... රට්ටු හිනස්සන ගිරවෙක්.. :D
    චික් චික්... ! හැබැයි සාදාරනයි නෙව. යකෝ ඌ කියන කතාව ඇත්ත. කකුල් දෙකම ඇද්දම හිටගෙන ඉන්නේ &((න් ද ?

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. පළමුවෙන්ම ඔබව සාදරයෙන් පිලිගන්නවා බෙන්.

      අන්න බෙන්ට තේරුනා උගේ ගිරා අයිතිවාසිකම් ගැන.

      Delete
  25. නියම සිංහල ගිරවෙක් ද කොහෙද.. :D

    ReplyDelete
    Replies
    1. අනිවා ඌ නම් පට්ට සිංහල ... :)

      Delete
  26. කතාව කලින් දන්නවා. ඒත් නැවත රස විඳ හිනාවෙන්න ඒක බාදාවක් වුනේ නෑ. ගිරව කියලත් ඉවසන එකේ සීමාවක් තියෙනවනෙ. ඔබේ ඊමේල් එක එවනවද?

    ReplyDelete
    Replies
    1. නැවත රස වින්දා නම සතුටුයි.

      ayilas419@gmail.com

      Delete
  27. Replies
    1. ඔව් ඔව් ඒ වගේ තමයි.

      Delete
  28. ඒ කියන්නේ සංස්කෘත හැදිලා තියෙන්නේ ඉංග්‍රීසි සහ සිංහල කළවං වෙලා ඈ....

    ReplyDelete
    Replies
    1. එතකොට දිනුක කියන්නේ පටි දෙකෙන්ම ඇද්දම ගිරවා කතා කරලා තියෙන්නේ සංස්කෘත වලින් කියලද?

      Delete
  29. සමහරවිට පහත කථාව ඔබ අසා ඇති...

    දිනක් ගිරව් දෙදෙනෙකු අරන් යන පුදගලයෙකු දුටූ පොහොසතකු “මේ ගිරවුන් විකුණන්නද ?” කියලා අහලා තියෙනවා. එවිට ඒ පුද්ගලයා කියලා තියෙනවා ඕනෑම නම් මේ ගිරවා විකුණනවා..... හැබැයි සාමාන්ය ගිරවෙකුට වඩා පස්ගුණයක් වත් වැඩි ගානකට තමා දෙන්න වෙන්නේ... කියලා

    හේතුව මොකද කියලා ඇසූ විට අනෙක් ගිරවා පෙන්නලා කියලා තියෙනවා “මෙයා හරිම බුද්ධිමත් ගිරවෙක්... ඕනෑම ප්රකශ්නයක් ඇසු විට බුද්ධිමත් පිලිතුරක් දෙනවා.... මේ දෙන්නම එකම බෙනෙන් ගත්ත නිසා (මෙයා දැනට සාමාන්යර ගිරවකුමෙන් කථා කලත්....) පස් ගුණයකට තමා විකුණන්න වෙන්නේ... කියලා.

    එතකොට බුද්ධිමත් ගිරවා කීයකටද විකුණන්නේ කියලා ඇසූ විට...”අපෝ මහත්තයා ඔය ගිරවා හරිම බුද්ධිමත්... එයා කීයකටවත් දෙන්නේ නැහැ..... කොටින්ම එයාගේ වටිනාකම මිල කරන්න බැහැ...ගිරවා එක-එක අයගේ ප්ර ශ්න වලට උදේ ඉදන් උත්තර දීලා හොදටම හෙම්බත් වෙලා ඉන්නේ... ඕනෑම නම් මහත්තයා එකම එක ප්ර ශ්නයක් අහන්න; එයා බුද්ධිමත් පිලිතුරක් දේවී....”

    ඉතින් අර ධනවතා “ඇත්තද ගිරවෝ උබ බුද්ධිමත් ගිරවෙක් කියන්නේ.....?” කියලා අහලා තියෙනවා.

    එවිට ගිරවා “ඔබ සිතනා සැටි නිවැරදි වන්නට පුලුවන්” කියා පිලිතුරු දීලා.

    මේ පිලිතුර අසා හොල්මන් වෙච්ච ධනවතා... තම අත වූ සියලුම මුදල් වෙලෙන්දා අත තබා... ඉතා අමාරුවෙන් කැමති කරගත් වෙලෙන්දාගෙන් බුද්ධිමත් ගිරවා මිලදීගෙන තියෙනවා.

    ගනුදෙනුවෙන් පසු වෙලෙන්දා කියලා තියෙනවා “මම කලින් කීවා වගේ මෙයා හරිම වෙහෙසට පත් වෙලා ඉන්න නිසා, නැවත මොකුත් ප්රනශ්න අහන්න යන්න එපා...ගෙදර ගිහිල්ලත් දින දෙක තුනක් ගිරවට විවේකයෙන් ඉන්න දීලා ඕනෑම දෙයක් අහන්න...කියලා.

    කීවා වගේ දින දෙක තුනකට පසු ධනවතා සහ ඔහුගේ පවුලේ සැම දැඩි කුතුහලයකින් සහ උනන්දුවකින් ප්රනශ්න ඇසූ අතර; අසන සෑම ප්රාශ්නයකටම ගිරවා දෙන එකම පිලිතුර වූයේ “ඔබ සිතනා සැටි නිවැරදි වන්නට පුලුවන්” යන්නලූ.

    අවසානයේ පෝසතාගේ බිරිඳ කෑගහලා අහලා තියෙනවා “මගේ අමන මිනිහා... උබ වගේ මෝඩ ගිරවෙකු විකුණපු කපටි මිනිහෙකුට අහුවෙලා නේද???” කියලා...
    එවිට ප්රනශ්නය අසා ඉවර වෙන්නත් කලින්, ගිරවා ඊටත් වඩා වැඩි ශබ්දයකින් සුපුරුදු පිලිතුරම දීලා තියෙනවා...:D

    (බලාගෙන යනකොට වෙලෙන්දා ගිරවට උගන්නවලා තියෙන්නේ “ඔබ සිතනා සැටි නිවැරදි වන්නට පුලුවන්” කියන එක විතරයි)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ වටිනා කතාව බෙදාගැනීම සම්බන්ධයෙන්. ඇත්තටම යතාර්ථය මේක තමයි, "අපි සිතනා සැටි නිවැරදි වන්න පුළුවන්"

      Delete
  30. තුනෙංම ඇද්දොත් මොන භාෂාවෙන් කතාකරයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. මොන තුනෙන්ද ප්‍රසන්න?

      Delete
    2. බලන්නකො නේද දන්නේ නෑ වගේ අහන හැටි....

      Delete
  31. ඒක පට්ට අයිලාෂ් ,,,, අප්පේ මම හිතුවේ 18+ ෆොටෝ පාරක් වත් ගහන හැටි පුරුදු කරනවද කියල ,, බලාපොරොත්තු සේරම බින්දවටුන අප්පා :)))

    අයිලාෂ්ට මතකද ඉස්සර පොස්ටුවක මම අහල තිබුන ප්‍රශ්නයක් "හාවයි , කෝටියයි කැරට් අලෙයි දාල වාක්‍යක් හදන්න කියල" .. එකට අයිලාෂ් දීපු උත්තරේ නම් වැරදියි, එකේ උත්තරේ "කූටියා හාවා අල්ලයි" කියන එක ... :)

    ReplyDelete
  32. බලං හිටු ෆොටෝ ගහන හැටි කියලා දෙනකල්. :D

    කොටියා හාවා අල්ලයි කියනකොට කැරට් ගැන කියවෙන්නේ නැහැ නේ..:(

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...