Monday, January 22, 2024

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප



කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කොහොම උනත් ආපහු මේපැත්තේ ආවේ පොඩි ආරංචියක් කියන්න. 


මේ දවස්වල මංතුමා ගේ විනෝදාංශය වන වණජීවී ඡායාරූපකරණය වෙනුවෙන්  වැඩිකාලයක් ගතකරනවා.  වණජීවීන්  කිවම එය ඉතා පළල් පරාසයක් කරා විහිදෙනවා. 


1. කුරුල්ලන් 

2.සිවුපාවුන් 

3. උරගයන් / සර්පයින් 

4. සමනලයින් සහ බත්කුරන් 

5. මල්වර්ග 

6. ගස් වැල් 


මේ සියලුම දේ වණජීවීන්  ලෙස හදුන්වන්න පුළුවන්. මේ අංශ අතරින්, මංතුමා ගේ ප්‍රියතම දේ තමා කුරුල්ලන් සහ ඔවුන්ගේ හැසිරීම් ඡායාරූපගත කිරීම. 


මේ වනවිට මා සතුව විශාල වණජීවී ඡායාරූප එකතුවක් ඇති නිසා එම  ඡායාරූප ඔබත් සමග බෙදාගන්න හිතුවා. ඒ වෙනුවෙන්ම නව බ්ලොග් එකක් ඉතා ඉක්මනින් පටන්ගැනීමට අදහස් කරන අතර, ඡායාරූප සමග එම ජීවියා ගැන කෙටි සටහනක් සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පලකිරීමටත් අදහස් කරනවා.


මේ ගැන ඔබ සැමගේ අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම බ්ලොගය සදහා සුදුසු නමක් යෝජනා කරන මෙන්ද ඉතා ආදරයෙන් ඉල්ලනවා.


එම බ්ලොගය පටන්ගත් පසු ඔබ සැම  දැනුවත් කරන්නම්. එවිට ඒ පැත්තේ ඇවිත් යන්න එන්න.



9 comments:

  1. ෆොටෝ බලන්න ආවේ .. කාලෙකට පස්සේ දැක්ක එකට සතුටුයි . සතුන්සමග වගේ නමක් කොහොමද

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , අලුත් බ්ලොග් එක පටන් ගත්ත ගමන් දැනුවත් කරන්නම්

      Delete
    2. https://wildlifetrails.blogspot.com/
      ඔන්න අලුතින් කියපු ලෙස බ්ලොග් එක පටන් ගත්තා. මේක ඉංග්‍රීසි භාෂාවෙන් පළකරන්නේ, නමුත් ඉක්මනින්ම සිංහල භාෂාවටත් පරිවර්තනය කරලා තවත් සිංහල බ්ලොග් එකකුත් ලියනවා එතෙක් මේක බලන්න

      Delete
  2. වනජීවී කැන්වසය kohomada?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි , එකක් නරක නෑ, තව බලමු

      Delete
    2. https://wildlifetrails.blogspot.com/
      ඔන්න අලුතින් කියපු ලෙස බ්ලොග් එක පටන් ගත්තා. මේක ඉංග්‍රීසි භාෂාවෙන් පළකරන්නේ, නමුත් ඉක්මනින්ම සිංහල භාෂාවටත් පරිවර්තනය කරලා තවත් සිංහල බ්ලොග් එකකුත් ලියනවා එතෙක් මේක බලන්න

      Delete
  3. ඔබේ බ්ලොග් අඩවිය සඳකඩපහන සින්ඩියට ඇතුලත් කරගෙන ඇත. එය ඇත්තේ බ්ලොග් සඟරා තීරයේය. ඊට අමතරව ඔබ මේ ලියන්නේ බොහෝ කලකින් බැවින් එය "පුනරුප්පත්ති" කොලමට එක් කොට ඇත!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි

      Delete
    2. https://wildlifetrails.blogspot.com/
      ඔන්න අලුතින් කියපු ලෙස බ්ලොග් එක පටන් ගත්තා. මේක ඉංග්‍රීසි භාෂාවෙන් පළකරන්නේ, නමුත් ඉක්මනින්ම සිංහල භාෂාවටත් පරිවර්තනය කරලා තවත් සිංහල බ්ලොග් එකකුත් ලියනවා එතෙක් මේක බලන්න.

      ඔබගේ සිංඩියට මෙයත් ඇතුලත් කරන්න හැකිනම් බොහොම වටිනවා.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...