මේ තියෙන්නේ සෝනි සමාගමෙන් නිෂ්පාදනය කරන ලද නවතම ඩිජිටල් කැමරාවයි. පේනවා නේද, දුටු පමණින් නම් ලෙන්ස් එකක්වගේ, නමුත් මේක ඩිජිටල් කැමරාවක්. මේ කැමරාවෙහි විශේෂත්වය වන්නේ මෙය ස්මාර්ට් ෆෝන් එකක් සමග භාවිතා කල යුතු වීමයි. එම නිසාම මෙය Smartphone Attachable Lense Camera ලෙස තමයි හඳුන්වන්නේ.
මේ කැමරාව WI-fi තාක්ෂණය මගින් Smartphone එක සමග සම්බන්ද කිරීමෙන් පසු ෆෝන් එක හරහා මෙය පාලනය කල හැකියි. එමෙන්ම මෙම කැමරාවට LCD screen එකක් නැහැ. ඒ වෙනුවට භාවිතා කරන්න වෙන්නේ ෆෝන් එකේ තිරය.
ඉහත රුප වල දැක්වෙන ආකාරයට මෙමෙ කැමරාව ෆෝන් එකට සවිකර හෝ වෙනමම තබාගෙන ඡායාරුප ගැනීම කල හැකි වෙනවා.
මෙම කැමරාව මාදිලි දෙකකින් හඳුන්වා දී තිබෙනවා, Sony QX 100 සහ Sony QX 10 ලෙසට. මේ මාදිලි දෙකෙහි වෙනස වන්නේ එහි ඇති ලේන්සයයි. QX 100 වර්ගයට ලොව ඉස්තරම්ම කාව වන Carl Zeiss ලේන්ස යොදා තිබෙන අතර එහි මිල ඩොලර් 500 ක් පමණ වන අතර, QX 10 වර්ගයටයොදා ඇති කාචය වන්නේ සෝනි කාචයයි. එහි මිල ඩොලර් 200 ක් පමණ වෙනවා.
 |
Sony QX 100 |
 |
Sony QX 10 |
මේ පහල තියෙන්නේ එම කැමරා මාදිලි දෙකෙන් ගත් ෆොටෝ දෙකක්.
 |
Sony QX 100 Sample Image |
 |
Sony QX 10 Sample Image |
(මෙහි ඇති සියලුම ඡායාරුප අන්තර් ජාලයෙන් ලබාගත් බව සලකන්න.)