ලමයි ශ්‍රී ලංකාවේ උසම කන්ද මොකක්ද?
පිදුරුතලාගල කන්ද
හොඳයි එහෙනං කියමු බලන්න ශ්‍රී ලංකාවේ දිගම කඳු වැටිය කුමක්ද?
මොකද උත්තර නැත්තේ? ඒ තමයි ගල්ගිරියාකන්ද....
දන් ඉතින් කට්ටිය බලනවා ඇති මොකද මේ එකපාරටම ශ්‍රී ලංකාවේ උසම කන්ද මොකක්ද? දිගම කඳු වැටිය කුමක්ද? වගේ ප්‍රශ්න අහන්නේ කියලා.එකට හේතුව තමයි මේ පසුගිය ඉරිදා, ඔව් ඔව් නොවැම්බර් 13 දා තමයි. මං තුමාට ඔය කියපු ගල්ගිරියාකන්දට යන්න වුනා. වෙන මොකකටවත් නෙවේ, ගල්ගිරියාකන්දේ පිහිටා තිබෙන ආරණ්‍ය සේනාසනයක තිබුන පිංකමකට සහභාගී වෙන්න ලැබුනා.
මං තුමාට මේ සහභාගී වෙන්න ලැබුන පිංකම බොහොම වටිනා එකක්. ඒ තමයි සැදැහැවත් පිංවත් පිරිසක් විසින් ඉතා අලංකාරවත්ව නිමකල දාන සාලාව, සඟසතු කොට, ආරණ්‍ය සේනාසනයට පුජා කිරීම නිමිත්තෙන් පැවැත්වූ පිංකම.
මේ ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ ඉතා රමණිය පරිසරයක. මේ පරිසරයේ 60 දෙනෙකුගෙන් පමණ වන අලි රංචුවක් ඉන්න බව දැනගන්න ලැබුන නමුත් එදින ඔවුන් දැකගැනීමේ හැකියාවක් තිබුනේ නැහැ, මේ ගමනේදී ගත්ත පින්තුර ටිකක් අපේ මිතුරන් සමග බෙදාගන්න හිතුනා...
 |
ගමන යන අතරමග දුටු පතොක් මල් |
 |
පිටුපසින් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දිගම කඳු වැටිය වන ගල්ගිරියාකන්ද. |
 |
පිටුපසින් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දිගම කඳු වැටිය වන ගල්ගිරියාකන්ද |
 |
ආරණ්‍ය සේනාසනය වෙත යන අතරමග.....
|
 |
දාන ශාලාව පිහිටි ගල්තලාව මත සිට අවට බැලුවිට පෙනෙන අයුරු
|
 |
දාන ශාලාව පිහිටි ගල් තලාව මත සිට අවට බැලුවිට පෙනෙන අයුරු.. |
 |
දාන ශාලාව සහිත නව ගොඩනැගිල්ල |
 |
පිණ්ඩපාත දාන ශාලාවේ සිට ආරණ්‍ය සේනාසනයට යන පාර |
 |
ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම |
 |
ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම |
 |
ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම |
 |
ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම |
 |
ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම |
 |
ධර්මරාජ ගල ආරණ්‍ය සේනාසනය - කුටි සෙනසුන් |
 |
ධර්මරාජ ගල ආරණ්‍ය සේනාසනය - කුටි සෙනසුන් |
 |
ධර්මරාජ ගල ආරණ්‍ය සේනාසනය |
 |
ධර්මරාජ ගල ආරණ්‍ය සේනාසනය - පුස්ථකාලය සහ ධාතු මන්දිරය |
 |
ශ්‍රී ලංකාවේ දිගම ලෙන් ලිපිය පිහිටා ඇති ලෙන |
බොහොම ලස්සනයි.
ReplyDeleteස්තුතියි රාජ්
Deleteලස්සනයි. යන පාරෙ විස්තරයක් දෙන්න බැරිද ?
ReplyDeleteජයවේව!!!
දුමින්ද, ඔබටත් ජයවේවා !!!!
Deleteඅගෙයි.....
ReplyDeleteහ්ම්ම්...
Deleteලස්සන පරිසර, මිනිස්සු නොයනවා නම් තමා වඩා හොඳ....
ReplyDeleteමිනිස්සු නොයනවා නම් නෙවේ, යන මිනිස්සු පරිසරයට හානි නොකරනවානම් තමා හොඳ..
Deleteලස්සන පරිසරයක් හා ලස්සන ෆොටෝස් ටික.
ReplyDeleteස්තුතියි මනෝජ්
Deleteලස්සන පරිසරයක්. තව ටිකක් විස්තර තිබුණනං හොඳා
ReplyDelete"ඡායාරුපයක් වදන් දහසක් වටි" කියලා තියෙනවා නේ ප්‍රසන්න, ඉතින් තව මොනවා විස්තර කරන්නද?
DeleteMata phone number eka hari email eka hari ewannako
ReplyDeleteayilas419@gmail.com
Delete