Thursday, December 19, 2013

වසර 1යි , පොස්ට් 100යි, හිට්ස් 36800යි.


මේක ගත්තේ ගුගල් කේක් කඩෙන්.
අනේ මන්දා කාලය ගතවෙන ඉක්මන නේද, අද වෙනකොට මේ බ්ලොග් එක පටන් අරගෙන හරියටම වසරක් ගත වෙනවා. ඒ එක්කම මේ පොස්ට් එක තමයි 100 වෙනි එක. මේ වෙනකොට හිට්ස් 36800 ට ටිකක් වැඩියි.

ඉතින් මේ තරම් දුරක් එන්න  තරම් සවියක් උනේ මගේ මේ බ්ලොගයට ගොඩවදින ඔයාලා නිසාමයි. ඒ නිසා මේ බ්ලොගයට ගොඩවදින සැමෝටම

බොහොම ස්තුතියි 


කියන්න තමයි මේ කෙටි සටහන ලිවේ. මගේ 50වෙනි පොස්ටුවේදී නම් සැම දෙනාගේම නම් ගම් සහිතව ස්තුති කළා. නමුත් දැන් කස්ටිය ගොඩාක් වැඩි නිසා එලෙස නම් ගම්  සටහන් කරන්න ගියොත් මේක ඉතා දීර්ඝ වෙන නිසා මෙලෙස සැමෝටම ස්තුති කරනවා.


47 comments:

  1. මොන මගුලකට ඔච්චර ලියවද බං.. හැක් හැක්.. උණුසුම් සුභ පැතුම් අයිලා.. උඹ බ්ලොග් අවකාශයේ හිස් තැනක් සම්පුරුණ කරපු කෙනෙක්. ඒකයි වටින්නේ... දිගටම ඉමු හොදේ... (වලියක් වත් දාගන්න එකෙක් නෑ මේ දවස් වල)

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි බන් වලියල්වත් දාගන්න ඉන්නේ උඹ විතරයි. ළඟදීම වලියක් දාගත හැකි පොස්ට් එකක් ලියන්නම් ...:)

      Delete
  2. මගෙනුත් උණුසුම් සුභ පැතුම් අයිලාස්... කියන්න දේවල් නං හිතේ ගොඩයි. 21 දා හම්බවුණාම කියන්නං...

    ReplyDelete
    Replies
    1. ඒයි ද්‍රකියා උඹ කොහෙද මකබාවුනේ

      Delete
    2. හික් .. හික් .. මේ දවස්වල ප්‍රොෆෙසර් වෑන් හෙල්සිං ඩ්‍රැකියා පස්සෙ පන්නනවලු, ඒකයි මිනිහා මිසිං.

      Delete
    3. මදුරු බේත් ඔය කියලා තියෙන්නෙ හේතුව. ඉවෝනුයි ඩීඩීටීයි 21 දා හම්බවෙමු...!

      Delete
    4. සොරි මචං, සුපුරුදු පරිදි ඉතිං මම නොමැත. :)

      Delete
  3. හුභ පතනවා හදවතින්ම

    ReplyDelete
  4. මගේ බ්ලොග් එකට අවුරුදු දෙකයි කියලා මම ඊයේ පෝස්ට් එකක් දැම්මා..අයිලාශ් අයියා අවුරුද්දට පෝස්ට් 100ක් ලියද්දි මට ඒකෙන් භාගයක්වත් ලියන්න පුලුවන් උනේ නෑ. ඒ වගේම අයියාගෙ පෝස්ට් වලින් මමත් සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. විශේශයෙන්ම ඡායාරූපකරණය ගැන.
    පහුගිය ටිකේ අයියා වැඩිය පේන්න හිටියෙත් නෑ..දිගටම ලියන්න අයිලාශ් අයියා....සුභ පැතුම්!!!!!

    ReplyDelete
  5. සුභ පැතුම් !!!! දිගටම ඉදිරියට යමු. පලවෙනි සීයට වඩා දෙවෙනි සීය රසවත් වෙයි.

    ReplyDelete
  6. ඡායාරූපකරණයට නං ආසාවක් නැතත් උඹේ අනිත් ලිපි බොහොමයක් කියෙව්ව. බ්ලොගේට සුභ උපන්දිනයක්.

    ReplyDelete
  7. සුබ පැතුම්..!
    ඒ වගේම ඡායාරූපකරණය ගැන නොදන්නා දේ කියා දෙනවට ස්තුතියි.

    ReplyDelete
  8. උණුසුම් සුබ පැතුම්!!! :)

    ReplyDelete
  9. ඔන්න මේ මගෙනුත් උණුසුම් සුබ පැතුම්....!!!

    ReplyDelete
  10. මම නං ඔබේ ඡායාරූප ලිපි ඉතාමත්ම ආසාවෙන් කියෙව්වේ . උණුසුම් සුබ පැතුම් අයිලාශ්

    ReplyDelete
  11. 1ට සහ 100ට මගේ සුභ පැතුම්!!!

    ReplyDelete
  12. දැන් බලනකොට ඔයා, මම, කඩුල්ල සහ මීදුම, ඔක්කොම දෙසැම්බර් මාසේ උපන්දින සමරන අය. මගෙන් මෙන්න උණුසුම් සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. මට හරියට දිනයක් මතක නැහැ...හැබැයි ලක්ෂය පැන්නුවේ දෙසැම්බරයේ.........

      Delete
  13. මගෙන් උණුසුම් සුභපැතුම් ..!!!

    ReplyDelete
  14. හදවතින්ම සුබපතනවා අයියේ,!!
    අහම්බයෙන් ඔයාගේ බ්ලොග් එකට අවේ මාරයාගේ හරි චන්දනගේ හරි බ්ලොග් එකක් හරහා, එදා ඉදල අවගියා කමෙන්ට් නොකරත් කියවල ගියා, එත් ජයාරූපකරණය ගැන ලිපි පලවෙන්න ගත්තදා ඉදල අනිවාර්යෙන් බලන අඩවියක් විදියට බුක්මාර්ක් කරලම තියාගත්තා, පුද්ගලිකව අහපු ගැටලුවලටත් ඔයා ඉක්මනින් උත්තරදිලා තියෙනවා,වැඩිම දෙනෙක් ආස ඔයාගේ ජයාරූප ලිපිවලට කියලා පේනවා
    තමන් දන්නදේ නිවැරදිව කිසිමදෙයක් හංගන්නේ නැතුව නිර්ලොබියව කියලදෙනවට ඔයාට ගොඩක් පින්..!
    තවතවත් දැනුම ලබාදෙන්න,ගුණවත් අදහස් තවතව බෙදාහදාගන්න හැකිවේවා.!
    ඔබට නැවතත් සුබපතනවා අයියේ..!!

    ReplyDelete
  15. සුබපැතුම් අයිලාස් අයියා ...ඔබට ජයෙන් ජය

    ReplyDelete
  16. ඔන්න මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  17. සුබ පැතුම් අයිලාස්,තව තව වැඩියෙන් ලියන්නට ලැබේවා.

    ReplyDelete
  18. අයිලාෂ්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න මගෙන් සුභ පැතුම්!!!!

    ReplyDelete
  19. සුබ පැතුම්.. වැඩි වැඩියෙන් ලියවේවා.. පොටෝ ගැහේවා!

    ReplyDelete
  20. උණුසුම් සුබ පැතුම් ඈ... 100ක් මදි 100000000ක් ලියන්න ඔය දෑත ට ශක්තිය ලැබේවා... !!

    ReplyDelete
  21. උණුසුම් සුබ පැතුම් අයිලාශ්.. ගෙදරින් ගුටි කන්න වෙන හින්දා වැඩි වැඩියෙන් බ්ලොග් ලියන්න ලැබේවා කියලනම් කියන්නෑ ඕන්...

    ReplyDelete
  22. උණුසුම් සුබ පැතුම් අයිලෂ් අයියේ ............... දිගින් දිගටම ලියන්න රසවත් හරවත් ලිපි .... ඔබ ලියු ධර්ම ලිපි සහ චයරූපකරණය ගැන ලිපි ඉතාම වටිනවා..... පුවත් පතක වත් මෙතෙක් පලව නොතිබූ ලිපි එයින් බොහෝමයක්.....

    මීළඟ වසරටත් ආසිරි ....!

    ReplyDelete
  23. දිගටම අර්ථවත් කදිම ලිපිකරණයේ යෙදෙන්න ආසිරි !

    ReplyDelete
  24. ඔන්න එහෙනම් මගෙනුත් අයිලාෂ් අයියට සුබ පැතුම් ! තවත් බොහෝ කාලයක් අපිත් එක්ක බ්ලොග් ලියන්න - කියවන්න - කමෙන්ට් කරන්න - සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

    ආයෙ මොනවද, මටත් ඔය ඡායාරූපකරණය ගැන පොඩි මෙව්ව එකක් ඇති උනා මේ බ්ලොග් එක නිසා.

    ReplyDelete
  25. උණුසුම් සුබපැතුම්! කේක් එක කපන්න බැරි එක තමා ප්‍රශ්නේ :-)

    ReplyDelete
  26. සුබ පැතුම් ! කේක් නැතත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේකෙන්..එහෙන් මෙහෙන් පොඩ්ඩක් ටච් කරලා තිබ්බ එව්වයෙ..අඩු පාඩු පුරවා ගත්ත තැනක් තමයි...

    ReplyDelete
  27. හම්බෝ ලියනවා... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....
    තාමත් ලියනවා..
    හි හි.. සුභපැතුම්

    ReplyDelete
  28. ඔබටත් ස්තූතියි.. කියවන්න දෙයක් ලිවීමටත්... ඔබ ලිවූ දේවලින් මට බොහෝ ප්‍රයෝජන ලැබුනු නිසාත්...

    ReplyDelete
  29. හෙමින් යන ගමන ඇගට ගුණයි...උණුසුම් සුභ පැතුම්....

    ReplyDelete
  30. හ්ම් හ්ම්....ඔහොම දිගටම යමු අයියේ අපිත් එනවා පස්සෙන් ඔන්න

    ReplyDelete
  31. යකඩෝ අයියේ 100ක් ලියුවද? රෙද්දක් නේ.................... එකෙන්ම සුභ වේවා! ඉදිරියටත් අපේ දැනුමට යමක් අලුතින් එකතු කිරීමට හැකියාව ලැබේවා

    ReplyDelete
  32. එල එල නියමයි .......සුබපැතුම්

    ReplyDelete
  33. මගේ සුබ පැතුම් අයිලාස් අයියා. අයිලාස් කියන එකේ අකුරු අනිත් පැත්තට ලිව්වම ලස්සන නමක් හැදෙනවනේ :))

    ReplyDelete
  34. සුභ පැතුම් අයිලාස් අයියේ .මාර වැඩේ මම මුලින්ම මෙහෙට අපු දවස මේ ,කොහොම උනත් හදවතින්ම සුභ පතනවා අයේත් සැරයක්....

    ReplyDelete
  35. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!
    තව තව ස්ව නිර්මාණ (පෝස්ට්) බිහි වේවා!!

    ReplyDelete
  36. සියවැන්නට උණුසුම් ශුභ පැතුම්....

    ඒත් එක්කම; ලැබුවාවූ නව වසරද, සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වන්නාවූ ශුභම ශුභ වසරක්ම වේවා යැයි පතනෙමි.

    ReplyDelete
  37. පිළිගනින් මගෙන් උණුසුම් සුභ පැතුම අයිලාස්.

    උඹටත් පවුලේ සැමටත් සුභ 2014 වසරක් වේවා.

    පුත්තරයාට සුව ඇතැයි සිතමි.

    ReplyDelete
  38. සියලුම දෙනාට බොහොම ස්තුතියි, සමොටම සුභ නව වසරක් වේවා !!!!!

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...