 |
ෆොටෝ එක ගුගල් එකෙන් |
ඡායාරුපකරණය ගැන ලිපි ගණනාවක් කියවීම නිසා, ඔබ සැමට මේ විෂය පිළිබඳව සැහෙන දැනුමක් තියෙනවා. අද පොස්ට් එකෙන් ඉදිරිපත් කරන්න යන්නේ විශේෂ දෙයක්. ඒ තමයි මේ විෂය ගැන උනන්දුවක් ඇති අයට කල හැකි ඉතා වැදගත් ප්රායෝගික ක්රියාකාරකමක්.
බෝලයක් අරගන්න. දැන් මේ බෝලය මේසයක් උඩින් තබන්න. දැන් ඔබ එම බෝලය දිහා සැම පැත්තකින්ම බලන්න. මොන පැත්තෙන් බෝලය බැලුවත් ඔබට දකින්නට ලැබෙන්නේ එකම ආකාරයේ දර්ශනයක්. දැන් ඔබට කරන්න තියෙන්නේ මේ බෝලය එකිනෙකට වෙනස් ආකාර 8 කින් පෙනෙන ලෙස ඡායාරුපගත කිරීමයි.
ඔන්න වැඩේ මෙතෙක් කල් ඉගෙන ගත් දැනුම දැන් ප්රායෝගිකව පරික්ෂාකර බලන්න හැකියි. මේ සඳහා ඔබට ඕනෑම කැමරාවක් භාවිතා කරන්න පුළුවන්. මෙතැනදී වැදගත් වන්නේ ඔබ භාවිතා කරණ කැමරාව නොව ඔබ මේ සඳහා යොදාගන්නා තාක්ෂණයයි. මේ ප්රායෝගික දැනීම ඉදිරියෙදී බොහෝ ප්රයෝජනවත් වෙනවා.
හැකිනම් ඔබ ගන්නා ඡායාරුප කමෙන්ට් වලින් ඉදිරිපත් කරන්න එවිට ඒ ගැන අපිට වැඩිදුර සාකච්චා කරන්න පුළුවන්
එහෙනම් දැන් වැඩේ කොරන එකයි ඇත්තේ.