Tuesday, January 16, 2018

යමරජු ගේ නඩු පොත


එක දිගටම ඡායාරුප ශිල්පය  ගැන කතා කරන්න ගියොත්, ඒ ගැන උනන්දුවක් නොදක්වන හිතවතුන්ට අසාධාරණයක් වෙයි කියලා හිතුන නිසා අද මේ කතාව කියවලා බලමු.

මිට කලින් මං  තුමා ළඟ තියෙන කඳුළු දුපතේ රජ කථා ඇතුලත් වටිනා පුස්තකයේ තිබුන කතා කීපයක් පල කලානේ.  මේ කතාවත් ඔය වටිනා දුර්ලභ පොතේ අවසාන හරියේ තියෙන කතාවක්. හොඳයි එහෙනම් කියවලා බලමු.

මිට කලින් පලකල කතාවල තිබුනේ කඳුළු දුපතේ රජකම් කල ජ.රා. ජරා ගැන කතා උනත් මේ  කතාවෙන් කියවෙන්නේ ඔය ජ.රා. රජාගෙන්  පස්සේ ජරාකම් වැරදුනා රජකම් කල රජතුමා ගැනයි. මෙයා  යුවරජ කලේ උන සිදුවීම මතක ඇතිනේ. මතක නැත්නම් මෙතනින් ගිහින් බලන්න . 

 ඔන්න ඉතින් මේ රජතුමා ගේ කාලයේ රටේ බොහොම කැරලි කෝලාහල තිබුනා. රට උතුරෙන් දකුණෙන් දෙපැත්තෙන්ම යුද්ධ වලට මැදි  වෙලා තමයි තිබුනේ. ඔය කොහොම උනත් මේ රජතුමාත් අත හැරියේ  නැහැ. උතුරු පැත්තේ යුද්ධ කරපු කණ්ඩායමට  අවශ්‍ය කරන අවි ආයුධ මදි වෙයි කියලා හිතුන මේ රජතුමා ඒ ගොල්ලන්ට ආයුධ  එහෙමත් දුන්නා. බලන්න අප්පා කොච්චර කරුණාවන්ත රජෙක්ද කියලා? තමන්ට විරුද්ධව සටන් කරන එකාටත් ආයුධ දෙන්න මොන තරම් උණුවෙන හදවතක් තියෙන්න ඕනෙද?  නමුත් දකුණු පැත්තේ සටන් කරපු උන්ට නම් කිසිම සමාවක් දුන්නේ නැහැ. ඇයි  අප්පා ඉතින් යුද්ධ කරන හැම එකා ගැනමත් හිතන්න බැහැනේ.



ඔයවගේ ඉතින් රටේ ජරාකම් වැරදුනා රජකම් කරගෙන යන අතරේ පන්සලක මොකක් හරි තිබුනොත් මල් වට්ටියක් අරන් ඉස්සෙල්ලම එතන ඇති. රටේ තිබුන හැම පන්සලකටම මල්වට්ටි අරන් යන්න මෙයා හරි හපනා නිසාම පුෂ්ප කුමාර රජතුමා නමින් තමයි මහා ජනයා මෙයාව හැඳින්නුවේ.

ඔය කවුරු මොනවා කිවත් කරුමේ කියන එක වලක්වන්න බැහැ  නොවැ. මේ රජතුමා බොහොම විශ්වාස කරගෙන තමන්ගේ පරිවාර මාලිගයක නවත්වාගෙන හිටපු කෙනෙක් හිටියා. මේ කෙනා ඔය කලින් කියපු උතුරු පැත්තෙන් යුද්ධ කරපු කණ්ඩායමේ කෙනෙක් බව කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. දවසක් මේ හාදයා කබල් බයිසිකලයක බෝම්බයක් බැඳගෙන රජතුමා විදි සංචාරය කරන වෙලාවක රජතුමා ළඟටම ගිහිම් මේ බෝම්බය පුපුරවලා ඒ රජතුමා ඝාතනය කලා. ඒ පිපිරුමෙන් මේ පුද්ගලයගේත් ජීවිතය නැති උනා.

ඔන්න දරුවනේ මේ කතාවේ පෙරවදන. ඊට පස්සේ තමයි කතාව සිද්ධ වෙන්නේ. ඔන්න ඒකත් බලන්නකෝ.

දැන්  මේ රජතුමා ගේ ආත්මය සුදු ඇඳුමක් ඇඳගෙන ,  අතේ සුදු මල් වට්ටියක් අරගෙන දිව්‍ය ලෝකය කරා ගමන් ගන්නා මාර්ගයේ සෙමින් සෙමින් රජකීය ලීලාවෙන් ගමන් කරනවා. මේ මාර්ගය එකතැනකදී දෙකට බෙදෙනවා. එක පාරක් දිව්‍ය ලෝකය කරා, අනික අපාය කරා. මෙතන එක්තරා  දේව දුතයෙක් ඉන්නවා. එයා අතේ රත්තරන් පොතක් තියෙනවා. මේ පොතේ දිව්‍ය ලෝකය කරා ගමන් කිරීමට සුදුසු අයගේ නම සටහන් වෙලා තියෙනවා. ඉතින් මෙතැනදී නම පරික්ෂා කරලා තමයි දිව්‍ය ලෝකයට පිටත් කරන්නේ. යම් හෙයකින් ඔය පොතේ නම තිබුනේ නැත්නම් ඉතින් අපායට තමයි.

දැන් අපේ පුෂ්ප කුමාර රජතුමා මේ කියපු දේව දුතයා ඉදිරියේ , දැන් දේව දුතයා මෙලෙස ප්‍රශ්න කරනවා.

තමාගේ නම මොකක්ද? මොනවද කරලා තියෙන පින්?

මගේ නම පුෂ්ප කුමාර  රජතුමා, මම කඳුළු දුපතේ හැම පන්සලකටම ගිහින් තියෙනවා. මල් පුජා කරලා තියෙනවා. රන් වියන් හදවලා තියෙනවා. තව කොච්චර පින් වැඩ කලාද, හාමුදුරුවරු ටයර් සැයේ ආදාහනය කරන්න අණ  දිලා තියෙනවා. ආ වැරදුනා..  ඒවා කලේ මම නෙවේ. 

හ්ම්ම්. .. පොඩ්ඩක් ඉන්න මේ පොතේ නම තියෙනවද බලන්න.,................  නැහැ,  නම නැහැ අර අනිත් පැත්තෙන් අපායට යන්න.

මොනවා! මගේ නම නැහැ. වෙන්න බැහැ. අනේ කරුණා කරලා තව  සැරයක් පොත බලන්න, මගේ නම ඇති.

දැන් මේ දේව දුතයා පොත නැවත පරික්ෂා කරයි.

නැහැ, නම නැහැ මම අපහු බැලුව. දැන් කරන්න දෙයක් නැහැ අර පාරෙන් අපායට යන්න.

අනේ එහෙම කරන්න එපා. ඔය පොතේ මොකක් හරි වැරදීමක් ඇති.

හ්ම්ම් මටත් දැන් නම් හිතෙනවා මෙතන මොකක් හරි වැරදීමක් වෙලා කියලා.

අන්න හරි, ඇයි ඔබ තුමා එහෙම කියන්නේ ?


නැහැ දැන් ටිකකට කලින් කිලුටු  ඇඳගත්ත මිනිහෙක් අවා කබල් කැඩුණු බයිසිකලයක් තල්ලු කරගෙන. ඒ මිනිහගෙන්  මොනවද කරපු පින් කියලා ඇහුවම  දුන්න උත්තරේ තමයි;

"අනේ අප්පි පින් කොරලා නේ ෂාමි...., මම මේ එකෙක්ට මොම්බයක් ගහල මරලා එන ගමන්"

ඒ උනාට ඒ මිනිහගේ නම මේ පොතේ ලොකුවට ලියලා තිබුනා.








කළු පටියද, සුදු පටියද? (18+)


කලින් පොස්ට් එකට කොමෙන්ට් එකක්  දාලා අපේ යසිත් මලයා කියලා තිබුනා "ඉස්සර වගේ කතාවක් ලියනකම් බලං ඉන්නේ..." කියලා. ඉතින් යසිත් කොලුවගේ ඉල්ලීම නිසා පොඩි කතාවක් ලියන්න හිතුවා.

මිට කලින් ලියපු කථාකරණ ගිරවා  පොස්ට් එක මතක ඇති නේද? කියවන්න  බැරි උන කට්ටිය ඉන්නවනම් ඔය ලින්ක් එකෙන් ගිහින් බලන්න. මේ කතාවත් ඒ වගේ කථාකරණ ගිරවෙක් ගැන තමයි.  එහෙනම් ඉතින් කියවලාම බලන්න කෝ.

ඔන්න ළමයිනේ එකමත් එක කාලෙක, එකමත් එක රටක, එකමත් එක නගරයක්  තිබුනා. මේ නගරයේ තිබුනා ප්‍රසිද්ධ සල්පිලක්. ඉතින් මේ සල්පිලේ එක තැනක සුරතල් සතුන් විකුණන කෙනෙක් ඉන්නවා. මෙයා ළඟ එක එක ජාතියේ සත්තු. බලු පැටවූ, පුස් පැටවූ, හාවෝ, ගිරවු ඔය මෙකි නොකී සත්තු හිටියා. මිනිස්සු වටවෙලා හිටියේ  මෙයා විකුණන සත්තු බලන්න විතරක්ම නෙවේ, මේ මනුස්සයා සත්තු ගැන කරණ වර්ණනාව අහන්නත් එක්ක.

ඔන්න දැන් මෙයා පෙන්නනවා එක ගිරවෙක්. මේ ගිරවාගේ එක කකුලක කළුපාට පටියක් ගැට ගහලා, අනිත් කකුලේ සුදුපාට පටියක් ගැට ගහලා.  දැන් ඉතින් මේ තැනැත්තා මේ ගිරා පෝතකයා ගැන වර්ණනාව.

"මේ  බලන්න මේ වගේ ගිරවෙක් කවදාවත්ම ගන්න ලැබෙන්නේ නැ..  අද විතරයි.. කවුද මේ ගිරවා මිලදී ගන්න වාසනාවන්තයා.  මේ බලන්න මේ ගිරවට භාෂා දෙකක් කතා කරන්න පුළුවන්. මේ කකුලේ බැඳලා තියෙන සුදු පටියෙන් අදිනකොට  ගිරවා කථාකරන්නේ සිංහලෙන්, කළු පටියෙන් අදිනකොට කථාකරන්නේ ඉංගිරිසියෙන්. එන්න බොරුනම් ඇදලා බලන්න..."

දැනේ මේක බලාගෙන හිටපු ගැනුම් කරුවෙක්  ඉදිරියට ඇවිත් මෙහෙම අහනවා..

"මම මේ සුදු පටියෙන් ඇදලා බලන්නද?"

"හරි හරි ඇදලා බලන්න මම බොරු කියලා සත්තු විකුනන්නේ නැහැ."

සුදු පටියෙන් ඇදලා   විතරයි  ගිරවා සිංහලෙන් කථා කරන්න ගත්තා.. ගැනුම් කරුට  සතුටුයි. නමුත් මෙයාට හිතුනා අනිත් පටියෙනුත් ඇදලා බලන්න ඕන කියලා.

"ෂා මරුනේ ...මම මේ කළු  පටියෙනුත්  ඇදලා බලන්නද?"

"බලන්න, බලන්න එතකොට ඉන්ගිරීසියෙන්  කතාකරනවා" 

කළු  පටියෙන් ඇද්දා  විතරයි   ගිරවා ඉංගිරිසියෙන්  කථා කරන්න ගත්තා.. දැන් ගැනුම් කරුට හරිම සතුටුයි. ගිරවා ගන්න අදහස් කරපු ගැනුම්කරු දැන් මෙහෙම අහනවා.

"ඈ.. මුදලාලි මම  එකපාරට මේ පටි දෙකෙන්ම ඇද්දොත් මෙයා කථාකරන්නේ මොන භාෂාවෙන්ද?"

මෙහෙම ඇහුවා විතරයි, ගිරවා එකපාරටම අත්තටු ගහලා කියනවා..

"ඈ.. බෝල බුරු හු**,  කකුල් දෙකෙන්ම අද්දහම මම හිටගෙන ඉන්නේ *කෙන්ද ?"






ගණිකා මඩමේ Audit එක (18 ++)


Audit කියන්නේ විගණනය එහෙමත් නැත්නම ගණන් පරීක්ෂණය කියලා කියන්න පුළුවන්. සෑම ආයතනයකම  එහි සිදුවන මුලය කටයුතු විගණනය කිරීමකට ලක්වෙනවා. අද මේ කියන්න යන්නේ එක්තරා ආයතනයක සිදුවුන අපුරු විගණනයක් ගැන. එහෙනම් ඉතින් කියවලා බලන්න.

ඔන්න එක්තරා ගණිකා ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක් හිටියා.  දැන් ඉතින් තොත්ත බබාලා වගේ මගෙන් අහන්න එපා "ගණිකාවක් කියන්නේ මොකක්ද?" කියලා එහෙම. දන්නෙම නෑතිනම්  ඔය ලින්ක් එක ඔබලා එතනට ගොහින් බලාන එන එකයි ඇත්තේ. මේ ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන යන තැනැත්තිය හඳුන්වන්නේ මැඩම් කියලා. මේ මැඩම් කලේ සේවා සපයන්නියන් දෙතුන් දෙනෙක්  තියාගෙන මෙතනට එන ගණුදෙනු කරුවන්ට සේවා සැපයීම. මේ වෙනුවෙන් නිශ්චිත මුදලක් අය කලේ නැහැ. ගණුදෙනු කරුවන් සතුටු වෙන ප්‍රමාණය අනුව මුදලක් මැඩම් අතට ලබාදීම තමා සිදුවුනේ. දවස අවසානයේ වැඩි කොටසක් මැඩම් තියාගෙන බොහොම සුළු මුදලක් මේ සේවා සපයන්නියන් වෙත ලබා දීම සිදු වුනා.

ඔන්න එක දවසක් මේ මැඩම්ට අත්‍යාවශ්‍ය කාරණයක් වෙනුවෙන් නගරයෙන් පිට යන්න සිදුවුනා. එක දවසක් හරි ව්‍යාපාරය වහලා පාඩු සිදුකරගන්න මැඩම් කැමති වුනේ නැහැ. නමුත් මෙතන පාලනය බාර දීලා යන්න විශ්වාස කටයුතු කෙනෙකුත් නැහැ. ඉතින් අවසානයේ මැඩම් කල්පනා කළා එදා දවස පාලනය මෙතන සේවා සපයන්නියන් වෙතම බාර දෙන්න ඕන කියලා. එහෙම කල්පනා කරපු මැඩම් මේ අයට මෙහෙම කියනවා

"ළමයි අද මට වැඩකට යන්න වෙනවා, මෙතන අද ඔය ලමයි හොඳට  බලාගන්න ඕන. ගණුදෙනු කාරයන් හොඳින් සතුටු කරලා හැකි තරම් මුදල් ලබාගෙන ඒවා නිවැරදිව ගණන් හිලවු පොතක ලියලා මට හෙට බාර දෙන්න ඕන. සල්ලි එහෙම හොරකම් කරන්න හිතන්න එපා.."

ඔහොම අවවාද කරපු මැඩම් තමන්ගේ ගමන පිටත් වුනා. දැන් තමයි වැඩේ. ඔන්න ඉතින් ගණුදෙනු කාරයෝ එනවා , උවමනා වැඩේ කරගෙන අහවර වෙලා මුදල් දීලා යනවා.  කොහොම හරි එදා එතරම් ගණුදෙනු කාරයෝ හිටියේ නැහැ. එදා දවසටම ගණුදෙනු කාරයෝ  4 දෙනයි. නමුත් මුදල් රුපියල් 16665/- එකතු වෙලා තිබුනා. 

අද තමයි මේ ළමයි බිස්නස් එකේ හැටි දැනගත්තේ. දැන් ඉතින් කට්ටිය කතාව.

"අනේ බලන්න අද හිටියෙත් 4 දෙනයි ඒ උනාට 16665/- ක් ලැබිලා. අනිත් දවස් වල මැඩම් කොච්චර හොයනවා ඇතිද, ඒ උනාට අපිට දවසකට දෙන්නේ රු.1000/- විතරයි."

දැන් තව කෙනෙක් මෙහෙම අදහසක් දෙනවා.

" අපි මේකෙන් රුපියල් 10000/- තියාගෙන මැඩම්ට ඉතිරි 6665/- දෙමු"

දැන් ඉතින් මේ අය රුපියල් 10000/- යටිමඩි  ගහගෙන බෙදාගත්තා. දැන් ඉතින් පහුවදා උදේම මැඩම් ඇවිත් අහනවා .

"ලමයි... ඊයේ බිස්නස් කොහොමද?"

"ආ මැඩම් මේ තියෙන්නේ ඊයේ ලැබුන සල්ලි රු 6665/- ක්"

"මොනවා.... මෙච්චර ද?"

"ඔව් මැඩම්.. ඊයේ වැඩි  දෙනෙක් ආවේ නැහැ.."

"වෙන්න බැහැ.. මට බොරු කරන්න එපා.. මිට වඩා වැඩි වෙන්න ඕන.. "

"නැහැ මැඩම් ඇත්තමයි.. මෙච්චරයි ලැබුනේ"

නමුත් මැඩම්ගේ පළපුරුද්දෙන් දන්නවා මේක කීයටවත් වෙන්න බැහැ කියලා. දැන් ඉතින් මැඩම් ඔඩිට් එක පටන් ගන්න ලැස්ති වෙලා, කොලයක් පෑනක් අරගෙන  මේ අයගෙන් මෙහෙම අහනවා.

"උඹලා මට බොරු කරන්න එපා.. දැන් මම අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න ඕන.  මේ ප්‍රශ්න අහලා මම ගණන් හදාලා හරියටම කියන්නම් ඊයේ ලැබුන ගණන..."

ඔය විදිහට කියපු  මැඩම් දැන් මෙහෙම ප්‍රශ්න අහනවා 

"ඊයේ කී දෙනක් ආවද?."

"හතර දෙනයි මැඩම්"

දැන් මැඩම් කොලය අරගෙන් මේ විදිහට බෝල හතරක් ඇඳ ගන්නවා.



"ආපු උන් හතර දෙනාම යහතින් ගියාද?"

"අනේ ඔව් මැඩම්, හොඳට සලකලා යැවුවා..."

දැන් මේ මැඩම් අර බෝල හතරට පහලින් අපහු බෝල හතරක් අඳිනවා මේ විදිහට 



"හ්ම්.. දැන් කියනවා බලන්න මේ හතර දෙනා එනකොට ආපු විදිහ..."



ඔය පින්තුරේ තියෙනවා වගේ ඇඟිල්ලක් කෙලින් උස්සලා පෙන්නලා කීවාලු..

"අනේ මැඩම් හතර දෙනාම එනකොට නම් ඔය වගේ කෙලින් කරන්  තමයි ආවේ.."

දැන් මැඩම් අර කොලේ අරගෙන හතර දෙනා ආපු හැටි මේ වගේ සටහන් කර ගත්තා..



"එහෙනම් කියමු බලන්න යනකොට ගිය විදිහ.."

"හොඳට සැලකුවානේ මැඩම්, යනකොට ඔයවගේ පහල දාගෙන තමයි ගියේ.."

දැන් ඒ හතර දෙනා ගිය විදිහත් කොලේ මේ විදිහට සටහන් කර ගත්තා..


 දැන් ඉතින් ඔඩිට් එක ඉවරයි. ඊයේ ලැබුන ගණන දැනගන්න තමයි තියෙන්නේ, ඒ  වෙනුවෙන්  මැඩම් කලේ මෙන්න මේ විදිහට පොඩි ගණිත කර්මයක් ගොඩනගපු එකයි.






දැන් එහෙනම් එකතු කරලා බලන්න මැඩම් ගේ ඔඩිට් එක හරිද කියලා.

Wednesday, July 12, 2017

ඩිස්කේ අම්මට ඩිස්කාරේ වෙන්නම DSLR එකෙන් මියුසික් වීඩියෝ කරමු ද?

ඩෙංගු හින්දා ගෙවල් දොරවල් සුද්ද කරන්න කියලා තියන හින්දා ඔන්න ඉතින් බොලොග්  එකත් පොඩ්ඩක් සුද්ද කරන්න කියලා මේ පැත්තේ ගොඩ උනා. ඉතින් නිකන්ම යන්න හොඳ නැති නිසා ඩිස්කේ අම්මට ඩිස්කාරේ කියලා DSLR කැමරාවකින් මියුසික් වීඩියෝ එකක් කරන්නේ කොහොමද කියලා පෝස්ටුවක් දෙකක්  දමන්න හිතුවා...
 
වැඩි කතා බහක් කරන්න කලින් මුලින්ම  වැඩේ බලලා ඉන්න. මේ මියුසික් වීඩියෝව කලේ මගේ හොඳම ගෝලයෙක්.  මේ  වීඩියෝ එකේ තියන වීඩියෝ කොලිටිය ගැන මුලින්ම හොඳ අවබෝධයක් ගන්න. ඊට පස්සේ වර්ණ සහ කැමරාව හැසිරවීම ගැන හොඳින් අවධානය යොමු කරන්න.


මෙන්න YouTube  ලින්ක් එක 





රූ ගත කිරීමේ අවස්ථා කිහිපයක්



වේශ නිරුපණ අවස්ථාවන්




මෙම ලිපි මාලාවෙන් මෙවන් වීඩියෝවක් කීරීමට ඇවැසි කරන කැමරා, කාච, සහ අනිකුත් උපකරණ මෙන්ම මෘදුකාංග හා ශිල්පීය කුසලතා පිළිබඳව සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බැවින් මෙම වීඩියෝව  නරඹා ඔබට විශේෂයෙන්  දැනගත යුතු දෙයක් ඇත්නම් ඒ පිළිබඳව කොමෙන්ට් මාර්ගයෙන් විමසන්න.

මෙම ලිපි මාලාවේ දෙවන කොටස බලාපොරොත්තු වන්න

Tuesday, November 15, 2016

ගත සිත නිවා....


ලමයි ශ්‍රී ලංකාවේ උසම කන්ද මොකක්ද?
පිදුරුතලාගල කන්ද

හොඳයි එහෙනං කියමු බලන්න ශ්‍රී ලංකාවේ දිගම කඳු වැටිය කුමක්ද?
මොකද උත්තර නැත්තේ? ඒ තමයි ගල්ගිරියාකන්ද....
  
දන් ඉතින් කට්ටිය බලනවා ඇති මොකද මේ එකපාරටම ශ්‍රී ලංකාවේ උසම කන්ද මොකක්ද? දිගම කඳු වැටිය කුමක්ද? වගේ ප්‍රශ්න අහන්නේ කියලා.එකට හේතුව තමයි මේ පසුගිය ඉරිදා, ඔව් ඔව් නොවැම්බර් 13 දා තමයි. මං තුමාට ඔය කියපු ගල්ගිරියාකන්දට යන්න වුනා.  වෙන මොකකටවත් නෙවේ, ගල්ගිරියාකන්දේ පිහිටා තිබෙන ආරණ්‍ය සේනාසනයක තිබුන පිංකමකට සහභාගී වෙන්න ලැබුනා.

මං තුමාට මේ සහභාගී වෙන්න ලැබුන පිංකම බොහොම වටිනා එකක්. ඒ තමයි  සැදැහැවත් පිංවත් පිරිසක් විසින් ඉතා අලංකාරවත්ව නිමකල  දාන සාලාව, සඟසතු කොට, ආරණ්‍ය සේනාසනයට පුජා කිරීම නිමිත්තෙන් පැවැත්වූ පිංකම.

මේ ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ ඉතා රමණිය පරිසරයක. මේ පරිසරයේ 60 දෙනෙකුගෙන් පමණ වන අලි රංචුවක් ඉන්න බව දැනගන්න ලැබුන නමුත් එදින ඔවුන් දැකගැනීමේ හැකියාවක් තිබුනේ නැහැ, මේ ගමනේදී ගත්ත පින්තුර ටිකක් අපේ  මිතුරන් සමග බෙදාගන්න හිතුනා...


ගමන යන අතරමග  දුටු පතොක් මල්
 පිටුපසින් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දිගම කඳු වැටිය වන ගල්ගිරියාකන්ද.
 පිටුපසින් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දිගම කඳු වැටිය වන ගල්ගිරියාකන්ද
 ආරණ්‍ය සේනාසනය වෙත යන අතරමග.....
දාන ශාලාව පිහිටි ගල්තලාව  මත සිට අවට බැලුවිට පෙනෙන අයුරු

දාන ශාලාව පිහිටි ගල් තලාව  මත සිට අවට බැලුවිට පෙනෙන අයුරු..
දාන ශාලාව  සහිත නව ගොඩනැගිල්ල
පිණ්ඩපාත දාන ශාලාවේ සිට ආරණ්‍ය සේනාසනයට යන පාර
ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම
ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම

ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම

ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම

ආරණ්‍ය සේනාසනයේ සිට නව පිණ්ඩපාත දාන ශාලාව වෙත භික්ෂුන් වහන්සේලා වැඩම කරවීම
ධර්මරාජ ගල ආරණ්‍ය සේනාසනය - කුටි සෙනසුන්

ධර්මරාජ ගල ආරණ්‍ය සේනාසනය - කුටි සෙනසුන්


ධර්මරාජ ගල ආරණ්‍ය සේනාසනය
ධර්මරාජ ගල ආරණ්‍ය සේනාසනය - පුස්ථකාලය සහ ධාතු මන්දිරය
 
ශ්‍රී ලංකාවේ දිගම ලෙන් ලිපිය පිහිටා ඇති ලෙන





Friday, September 2, 2016

වනජීවී ඡායාරුප ප්‍රදර්ශනය - 2016


වනජීවී අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වනජීවී භාරය මගින් සංවිධානය කරන ලද, 2016 වනජීවී ඡායාරුප ප්‍රදර්ශනය, සැප්තැම්බර් මස 5 වන දින සිට 7 වන දින දක්වා, කොළඹ 07, ලයනල් වෙන්ට් කලාගාරයේ පැවැත්වේ.

වනජිවින්ට ආදරය කරන අය මෙන්ම දුර්ලභ මෙන්ම කලාත්මක වනජීවී ඡායාරුප දැකගැනීමට කැමති නම් නොවරදවාම එන්න. වසර ගණනාවකට  පසු මං තුමාත් ඡායාරුපයක්  ඉදිරිපත්කලා. (මේ ඉහත ඡායාරුපය නෙවේ).

එහෙනං ඉතින් එදාට හමුවෙමු...


Monday, April 4, 2016

නරි හූව සහ බලු බිරීම ..


පින්තූරය ගුගල් ගෙන්..

"ඔන්න ළමයෝ අදත් නරි හූ කියනවා.. මේ ටිකේම රෑට රෑට නරි හූ කියනවා ඇහෙනවා.. මොකක් හරි නරක දෙයක් වෙන්න යන්නේ.."

අපි පොඩි කාලේ අපේ ආච්චි ඔහොම කියනවා මට මතකයි. ඒ කාලේ ඉඳන්ම මං තුමාට තිබුන පුරස්නේ තමයි මොකද මේ රෑට රෑට නරි ගම්මාන අසලට ඇවිත් හූ කියන්නේ කියන එක. ඕක විසඳා ගන්න කියලා ආයේ ඉතින් නරියෙක් ගෙන් අහන්න කියලද.  ඔන්න ඔහොම කාලේ ගත උනා කියමුකෝ..... මේ ලඟදි දවසක, මගේ පොඩි පුත්තරයා, මිනිහා ගැන දන්නවා නේද? මෙන්න මේතනින් බලාගන්න පුලුහන් මිනිහා කවුදැයි කියලා.ඇට දෙකම කැඩුනොත් දොස්තර මොකක්ද කරන්නේ? සහ පොලිසියෙන් කලා පොළ කයි. හා.. හා.. ඔය පරණ පොස්ට් දෙක පස්සේ බලමු. ඉතින් මිනිහා මගෙන් අහනවා..

" තාත්තා දන්නවද, මොකද මේ රෑට රෑට නරි, ගම් කිට්ටුවට ඇවිත් හූ කියන්නේ කියලා.?.."

යකෝ, ජාන වලින්  ළමයින්ට අපේ ප්‍රශ්න යන බවක් මම මිට කලින් දැනගෙන හිටියේ නැහැ නොව. මම ඉතින් මෙයාට මෙහෙම උත්තර දුන්නා.

" අනේ නැහැ පුතේ.. මටත් පොඩි කාලේ  ඔහොම ප්‍රශ්නයක් තිබුනා.. "

"ඉතින් උත්තරේ හොයා ගත්තා ද?"

"අනේ නැහැ ..මොකද හු කියන්නේ කියලා අහගන්න මට නරියෙක් හමු උනේ නැහැ..."

"හා තාත්තා දන්නේ නැති උනාට මම දන්නවා"

"මොකා..."

""ඔව් මම Biology පාඩම් කරනකොට මේකට හේතුව හොයාගත්තා."

" ආ එහෙනම් කියමු බලන්න..." 

ඔන්න එහෙනම් කතාව අහමු...

මේ කතාව දැනගන්න නම්  ආදී කල්පිත මිනිසා ගල්ගුහා වල දඩයමින් ජිවත්වන කාල වකවානුවට යන්න වෙනවා.



මේ කාලයේදී තමයි මුලින්ම බල්ලා හමුවෙලා තියෙන්නේ කියලා තමයි මානව විද්‍යාව ගැන දන්නා අය කියන්නේ.  හෝව්... හෝව්... පොඩ්ඩක් ඉවසලා ඉන්න. ට්‍රැක් පැන්නා  නෙවේ.. මේ කතාව කියන්න නම් මුලින්ම බල්ලා ගැන කියන්න වෙනවා.


ඉතින් ආදී මානවයා  දඩයම්  කරලා  රැගෙන එන සතුන්ගේ මස් කල් තියාගන්න ක්‍රමයක් තිබුනේ නැති නිසා, ඉක්මනින් නරක් වෙන්න ගත්තා. මේ නරක්  වුන  කොටස්, විටින් විට පාහේ  තමන්ගේ ගල්ලෙනෙන් ඉවත් කරන්න සිදු උනා. මේ ඉවත ලන මස් කන්න බල්ලන්  හිමින් සැරේ මිනිසුන් අසලට ආවා. දැන් උන්ට මහන්සියක් නැතිව ආහාර ලැබෙන නිසා මුන් මිනිසුන් අසල ගැවසෙන්න පුරුදු උනා. 

ආදී මානවයා මුල් කාලයේ දඩයම් සඳහා යනකොට, ගැහැණු පිරිමි බේදයක් නැතිව සැමෝම දඩයමේ ගියා. එතකොට වෙන්නේ මේ ගල්ලෙන් අසල ගැවසෙන බල්ලන් සහ අනිත් සතුන් ගල් ලෙන තුල ඇති මස් ටිකට වගකියන එක. මේ ප්‍රශ්නය විසඳාගන්න ඔවුන් කලේ මස් ආරක්ෂා කරගැනීමට ඔවුන්ගේ කෙනෙක් සෙකියුරිටි විදිහට පත්කළ එක. එතකොට දඩයම් කිරීම සඳහා ඔවුන්ට සිටි කෙනෙක් කැපකරන්න උනා.  ඒ වගේම ගැහැණු අයට දරුවන්  ලැබීමට අසන්න වන විටත්,  දරුවන් ලැබුන විටත් ඔවුන්ව දඩයමින් ඉවත්කර ගල්ලෙන තුල  රඳවන්න සිදු උනා.  මේනිසා  මොවුන්ගේ පිරිස් බලය ඉතා තදින් පිරිහුණා.

මෙයට විසඳුම ලෙස ඔවුන් කලේ තමන්ගේ ගල්ලෙන අසල ගැවසෙන බල්ලන් හිලෑ කරගෙන දඩයමට පුරුදු කිරීමයි. මෙමගින් ඔවුන් තමන්ට අහිමි වන පිරිස් බලය වෙනුවට නව කාර්යක්ෂම ආදේශකයක් යොදාගත්තා. එවිට ගැහැණුන්ව දරුවන්  බලාගැනීමට මෙන්ම අනිකුත් කාර්යයන් සඳහා ගල්ලෙනෙහි නතර කිරීමට හැකිවුනා.

ඔන්න ඔහොම තමයි මානව ශිෂ්ටාචාරය ගැන දන්නා අයවලුන් නම් කියන්නේ. ඔන්න දැන් තමයි අපේ කතාව පටන් ගන්නේ. 



ඔය මානව ශිෂ්ටාචාරය ගැන කවුරු කොහොම කිවත්  සැබවින්ම සිදු උනේ වෙන දෙයක්. කලින් කියපු කතාව හරි. නමුත් මුලින්ම ඔතැන හිටියේ බල්ලා නෙවේ නරියා. ඉතින් මේ නරි බොහොම මහන්සි වෙලා දඩයම් කරලා දුන්නට මොකද මිනිස්සු නරින්ට හොඳට සැලකුවේ නැහැ. දඩයමින් ඉතිරිවෙන දෙයක් යන්තමින් නරින්ට දුන්නා විතරයි. කවදාවත් වැස්සකටවත් මේ නරින්ට ගල්ලෙන ඇතුලට එන්න දුන්නේ නැහැ. ඔයවගේ කෙනෙහිලිකම් ඉවසන්න බැරි තැන නරි, මිනිසුන් අත්හැර  ආපහු කැලයටම  ගියා. 

ඔන්න ඔයවෙලේ  අවස්ථාව බලාගෙන හිටපු බලු රැල හිමින් සැරේ මිනිස්සුන්ට කිට්ටු වෙන්න ගත්තා.  එතකොට නරි එකතු වෙලා මේ බලු  රැලට  බොහොම කරුණාවෙන් මෙන්න මෙහෙම කිවා. 

"උඹලා ඔය මිනිස්සු කියන උන්ට උදවු කරන්න යන්න එපා. උන්  කවදාවත් කෙලෙහි ගුණ දන්නා සත්තු ජාතියක් නෙවේ. උන් අපිට කල දේම තමයි උඹලටත් කරන්නේ. ඒ නිසා දඩයමක් කරගෙන මේ අපි වගේ කැලේටම වෙලා හිටහන්."


"උඹලා කොහොම කිවත් අපි දන්නවා මිනිස්සුන්ගෙන් සැලකිලි ලබන විදිහ.අපි උඹලා වගේ නෙවේ. අපිට බුරන්න පුලුහන්. අපි දන්නවා මිනිස්සුන්ව ආරක්ෂා කරන්න. එතකොට අපිට මිනිස්සු බොහොම හොඳින් ආදරයෙන් සලකාවි. අපි ආයේ කවදාවත් කැලයට එන්නේ නැහැ."


නරි කොතරම් කරුණු පැහැදිලි කලත්, බල්ලන් ඔන්න ඔහොම කියලා හිමින් සැරේ මනුසතා ලඟට කිට්ටු කළා. මිනිසා සමග හිතවත් උනා. දඩයම් කරලා දුන්නා. වෙනත් සතුන් ගල්ලෙන් ලඟට එනකොට එම සතුන්ගෙන් ගල්ලෙන් ආරක්ෂා කිරීමට බුරන්න ගත්තා. මිනිසා දකිනකොට, හිතවත්කම පෙන්නන්න ඕන නිසා පස්ස හකුලුවාගෙන වල්ගය වනන්න උනා.

මේ මොනදේ කලත් මිනිසුන්  බල්ලාට සැලකුවෙත් නරියාට වගේමයි. නමුත් බල්ලන්ට නැවත කැලයට යන්න බැහැ.  එදා ඉඳන් අද වෙනකල්ම බල්ලා බලු වෙලා මිනිසුන් ළඟ ඉන්නවා.


ඉතින් හිටපු ගමන් නරින්ට මේ සිද්දිය මතක් වෙනවා. එතකොට නරි ටික රෑට රෑට ගම්මානය අසලට ඇවිත් බල්ලන්ට හූ කියන්න ගන්නවා... නරි ටික බල්ලන්ට හු කියනකොට ලැජ්ජාව ඉවසගන්න බැරිකමටම බල්ලන්ටත් ජුවල් ගිහින් බුරන්න පටන් ගන්නවා.  ඔන්න ඕකයි කතාව.

අපේ ආච්චි ජිවතුන් අතර හිටියානම්, උන්දැටත් මේ කතාව කියලා දීලා මෙහෙම කියන්න තිබුනා. "ආච්චි බයවෙන්න එපා නරි  හු කියන්නේ බල්ලන් කල මෝඩ වැඩේ නිසා බල්ලන්ට. උන් හු කිවා කියලා මොන අකරතැබ්බයක් වත් වෙන්නේ නැහැ."




Thursday, November 26, 2015

Operation Lapwing - A Rescue Mission

මේ පින්තුරය  ගුගල් එකෙන්
ආයුබෝවන් යාලුවනේ, ඔන්න බොහොම කාලෙකින් මේ පැත්තේ ගොඩවුනා... මං තුමා ඉතින් ඔය එක එක විදිහේ මෙහෙයුම් කරනවානේ,  මතක නේද අර "Operation Eagle"  මේකත් ඒ වගේ මෙහෙයුමක් තමයි, නමුත්  ගලවා ගැනීමේ මෙහෙයුමක් (Rescue Mission) ගැන. එහෙනම් බලමු මොකක්ද මේ  කියලා.

මතක ඇති නේද මම මිට කලින් ලියපු  "කිරලා මැනලා හදාපු කූඩුව" බලපු නැති උදවිය බලලා අවොතින් තමයි හොඳ. හ්ම්ම්.. මතක් උනා නේද?  ඔන්න එහෙනම් කතාව. 

මේ කිරල කූඩුව දැකලා ෆොටෝ කෑලි  ටික අල්ලාගෙන ආපු මං තුමා ඇතුළු ගෙදර උදවිය පහුවෙනිදත් ඔතනට ගියා තව ෆොටෝ කෑලි කිහිපයක් ගන්න හිතාගෙන. නමුත් එතනට යනකොට කූඩුව තිබුන තැන හිස්. මට ඉවෙන් වගේ තේරුනා මේ කිරල පවුලට මොකක් හරි ඇබැද්දියක් වෙලා කියලා. ඉතින් අපි ටිකක් විපරම් කොරලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න ටිකක් ඇතට වෙන්න කිරල ජෝඩුව මරහඬ තියනවා. ..

මතක නේද කිරල කූඩුව ගැන ලියපු පොස්ට් එකදී  මං තුමා කියලා තිබුනා , "මෙයාලා කූඩුව හදාපු තැන වැරදියි "කියලා. ඇත්තෙන්ම මේ කූඩුව හදලා තිබුන තැන නිසා තමයි මේගොල්ලන්ට මේ කරදරයට මුහුණ දෙන්න වුනේ.  මේ කූඩුව හදලා තිබුනේ ශරීර සුවතාවය සඳහා පුරවැසියන්ට ඇවිදින්න හදලා තියෙන මංතීරුවක් අසල. මේ මං තීරුවේ එක පසෙකට වන්න  ඇලක් ගලාගෙන යනවා. අනිත් පසින් අඩි දෙකක් විතර ගැඹුර තියෙන කොන්ක්‍රීට් කානුවක්, ඊට එහා පැත්තෙන්  අඩි 6 පමණ උස කණ්ඩියක් සහ ඊට යාබදව ප්‍රධාන මාර්ගය. මෙම ප්‍රධාන මාර්ගයේ අනිත් පසින් වෙල් යායක්. ඔහොම කීවට හිතාගන්න බැහැ  නේද? ඔන්න එහෙනම් මේ ෆොටෝඑක බලන්න.
දැන් තේරුනා නේද?  ඔන්න ඕක තමයි කියන්න ඡායාරුපයක් වදන් දහසක් වටි ලියලා. එහෙනම් ඉතින් මං තුමා ඡායරුපකරණය ගැන ලියලා තියෙන පොස්ට් බලලා ෆොටෝ ගන්න පටන් ගත්තොතින් හොඳා. හා.. හා.. ෆොටෝ ගන්න පස්සේ පුළුවන්, දැන් යමු අපේ  කතාවට. කිරලා කූඩුව හදලා තිබුනේ ඔය වැලි පාරේ ඇල අයිනට වෙන්න තියෙන තණකොළ තීරුවේ...

දැන් තේරෙනවා නේද කුවුව හදාපු තැනෙ ඇති ප්‍රශ්නය. පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් පැටවූ ටික ඇලට වැටෙනවා. නමුත් හොඳ වෙලාවට මේ පැටවූ ටික ඇලට වැටිලා නැහැ, නමුත් අනිත් පැත්තේ තියෙන කාණුවට වැටිලා.



මේ කානුව අඩි 2ක් විතර ගැඹුරුයි. මොනමවිදිහකින් වත් මේ පැටවුන්ට මේ කානුවෙන් ගොඩ එන්න බැහැ. ලොකු කිරිල්ලි පාර අද්දර ඉහලට වෙන්න ඉඳන් කෑ ගසමින් පැටවුනට අඬගසනවා.  ඒ අතරම අනිත් කුරුල්ලා (තාත්තා වෙන්න ඇති) වටේ කෑ ගසමින් කිසිවෙකුටත් ලං වෙන්න දෙන්නේ නැහැ.

  

පැටවූ තුන්දෙනා පුදුමාකාර වෙහෙසක් ගන්නවා කානුවෙන් ගොඩවෙලා අම්මා ලඟට යන්න. ඒ  විතරක් නෙවේ මුන් තුන්දෙනා කානුව දිගේ එහෙ මෙහේ  දුවනවා ගොඩවන්න තැනක් හොයාගන්න.  පැටවූ ටික ඉන්න  අසලම කාණුවේ තියෙනවා විශාල ගලියක්, කාණුවේ වතුර එහා පැත්තේ තියෙන ඇලට යන්න හදාපු.  මම වහාම එතන ඇති අනතුර දැක්කා.  දැන් ප්‍රථම කාරිය විය යුත්තේ මේ ගලි කට වහන එක. කොහොම හරි ඒ අහල පහලින් ගෝනියක් හොයාගන්න හැකිවුනා. එක ගලිය අසලට පැටවුනට  යන්න බැරි වෙන්න මග අහුරන්න උපයෝගී කරගත්තා. 

දැන් විනාඩි 45 විතර මේ දෙස අපි බලාගෙන හිටියා. කිරලා අම්මා කෑ  ගහමින් පාරෙන් එහා පැත්තේ තියෙන වෙල්යාය දෙසට පියාඹනවා. නැවත මුලින් සිටි තැනට ඇවිත් නැවතත් කා ගසනවා. අපි තේරුම් ගත්තා මේ පැටවූ ටික වෙල්යායට ගෙනියන්න තමයි මේ උත්සාහ කරන්නේ කියලා. පැටවුනට ඉතා වෙහෙස බවපෙනුනා. එකවරම පැටියෙක් ඇදගෙන වැටුනා. මම හිතුවේ ඌ වෙහෙසටම මැරුණා කියලා.අපි හැමෝටම බොහොම දුක හිතුනා. අපි තීරණය කළා මේ කිරල පවුලට උදවු කිරීමට. 

මම පොඩි පුතාට කිවා අපි මේ පැටවූ ටික අල්ලාගෙන අනිත් පැත්තේ තියෙන වෙලට ගෙනියමු කියලා. ඒකට කැමති උන පොඩි පුතා කාණුවට බැස්සා විතරයි අනිත් පැටවූ දෙන්නා කානුව දිගේ දුවන්න ගත්තා. මැරිලා වගේ හිටපු  එකා එහෙමම හිටියා. මෙයා ඉස්සෙල්ලම ඒ පැටියා අතට ගත්තා. ඌ මැරිලා නැති බව අපිට තේරුනා.  මගේ බිරිඳ ඉක්මනටම සිරි මල්ලක් හොයාගත්තා. ඉස්සෙල්ලම මේ පැටියව ඒ මල්ලට දැම්මා.

අපි මේ වැඩේ  කරනකොට කිරල ජෝඩුව තේරුම් ගත්තා අපි යම් ආකාරයකින් උදවු කරන්න සැරසෙන බව. ඒ දෙන්නාම පාරෙන් අනිත් පැත්තේ වෙල්යාය අසලට ඉගිල ගිහින් එතැන් ඉඳන් කෑ ගසන්න උනා.

දැන් කොහොම හරි බොහෝ වෙහෙස වෙලා අනිත් පැටවූ දෙන්නත් අපේ පොඩි පුතා අල්ලා ගත්තා. ඊට පස්සේ මේ තුන්දෙනාවම වෙල්යාය අසලින් ගෙනිහින් තැබුවා. එහෙම තැබුවා විතරයි කිරල ජෝඩුව ඒ අසලට ඇවිත් අපිටත් තැන්කිව් පාරක් දාහෙන පැටවූ ටික බොහොම පරිස්සමින් වෙල්යාය දිහේ ඒ අසල තිබුන ලඳු කැලෑවට රැගෙන ගියා.



අම්මයි තාත්තයි පැටවූ මැදි කරන්  යන අපුරුව..

මේ කරපු සත්කාරිය ගැන අපි තුන්දෙනාටත් බොහොම සතුටුයි.  මේ වගේ උදවුවක් අවශ්‍ය උන වෙලාවක අපි හැමෝම ඒ අහිංසක සතුන්ට උදවු කලොත් ඉතා හොඳයි නේද.

Wednesday, October 14, 2015

වනජීවී ඡායාරුප කිහිපයක්

කිරලා මැනලා හදාපු කූඩුව පොස්ට් එක අවසන් කලේ මේ කිරල පැටවුන් බේරාගන්න කල මෙහෙයුම ගැන විස්තරයක් දානවා කියලා නේ. ඔන්න ඉතින් අද ඒ පොස්ට් එක ලියන්න කියලා හිතුවා. කරුමෙක මහත... ඒ පොස්ට් එකට  අදාළ පින්තුර ටික නැහැ. ඉතින් මක් කොරන්නද... වෙන දවසක ඒ පොස්ට් එක ලියනවා මිසක.


එහෙනම් ඒ පොස්ට් එක ලියනකම් මෙන්න මේ ෆොටෝ ටික බලන්න.  මම හිතන්නේ මේ ෆොටෝ කීපය ඔයගොල්ලන්ට පෙන්නන්න බැරි  උනා..









දැන් බොහෝ දෙනෙක් අතේ කැමරාව තියෙන නිසා සතුන්ගේ ෆොටෝ ටිකක් ගන්න උත්සාහ කලොත් නරකද?

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...