Monday, January 22, 2024

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප



කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කොහොම උනත් ආපහු මේපැත්තේ ආවේ පොඩි ආරංචියක් කියන්න. 


මේ දවස්වල මංතුමා ගේ විනෝදාංශය වන වණජීවී ඡායාරූපකරණය වෙනුවෙන්  වැඩිකාලයක් ගතකරනවා.  වණජීවීන්  කිවම එය ඉතා පළල් පරාසයක් කරා විහිදෙනවා. 


1. කුරුල්ලන් 

2.සිවුපාවුන් 

3. උරගයන් / සර්පයින් 

4. සමනලයින් සහ බත්කුරන් 

5. මල්වර්ග 

6. ගස් වැල් 


මේ සියලුම දේ වණජීවීන්  ලෙස හදුන්වන්න පුළුවන්. මේ අංශ අතරින්, මංතුමා ගේ ප්‍රියතම දේ තමා කුරුල්ලන් සහ ඔවුන්ගේ හැසිරීම් ඡායාරූපගත කිරීම. 


මේ වනවිට මා සතුව විශාල වණජීවී ඡායාරූප එකතුවක් ඇති නිසා එම  ඡායාරූප ඔබත් සමග බෙදාගන්න හිතුවා. ඒ වෙනුවෙන්ම නව බ්ලොග් එකක් ඉතා ඉක්මනින් පටන්ගැනීමට අදහස් කරන අතර, ඡායාරූප සමග එම ජීවියා ගැන කෙටි සටහනක් සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පලකිරීමටත් අදහස් කරනවා.


මේ ගැන ඔබ සැමගේ අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම බ්ලොගය සදහා සුදුසු නමක් යෝජනා කරන මෙන්ද ඉතා ආදරයෙන් ඉල්ලනවා.


එම බ්ලොගය පටන්ගත් පසු ඔබ සැම  දැනුවත් කරන්නම්. එවිට ඒ පැත්තේ ඇවිත් යන්න එන්න.



  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...