|
පින්තූරය ගුගල් ගෙන්.. |
"ඔන්න ළමයෝ අදත් නරි හූ කියනවා.. මේ ටිකේම රෑට රෑට නරි හූ කියනවා ඇහෙනවා.. මොකක් හරි නරක දෙයක් වෙන්න යන්නේ.."
අපි පොඩි කාලේ අපේ ආච්චි ඔහොම කියනවා මට මතකයි. ඒ කාලේ ඉඳන්ම මං තුමාට තිබුන පුරස්නේ තමයි මොකද මේ රෑට රෑට නරි ගම්මාන අසලට ඇවිත් හූ කියන්නේ කියන එක. ඕක විසඳා ගන්න කියලා ආයේ ඉතින් නරියෙක් ගෙන් අහන්න කියලද. ඔන්න ඔහොම කාලේ ගත උනා කියමුකෝ..... මේ ලඟදි දවසක, මගේ පොඩි පුත්තරයා, මිනිහා ගැන දන්නවා නේද? මෙන්න මේතනින් බලාගන්න පුලුහන් මිනිහා කවුදැයි කියලා.
ඇට දෙකම කැඩුනොත් දොස්තර මොකක්ද කරන්නේ? සහ
පොලිසියෙන් කලා පොළ කයි. හා.. හා.. ඔය පරණ පොස්ට් දෙක පස්සේ බලමු. ඉතින් මිනිහා මගෙන් අහනවා..
" තාත්තා දන්නවද, මොකද මේ රෑට රෑට නරි, ගම් කිට්ටුවට ඇවිත් හූ කියන්නේ කියලා.?.."
යකෝ, ජාන වලින් ළමයින්ට අපේ ප්‍රශ්න යන බවක් මම මිට කලින් දැනගෙන හිටියේ නැහැ නොව. මම ඉතින් මෙයාට මෙහෙම උත්තර දුන්නා.
" අනේ නැහැ පුතේ.. මටත් පොඩි කාලේ ඔහොම ප්‍රශ්නයක් තිබුනා.. "
"ඉතින් උත්තරේ හොයා ගත්තා ද?"
"අනේ නැහැ ..මොකද හු කියන්නේ කියලා අහගන්න මට නරියෙක් හමු උනේ නැහැ..."
"හා තාත්තා දන්නේ නැති උනාට මම දන්නවා"
"මොකා..."
""ඔව් මම Biology පාඩම් කරනකොට මේකට හේතුව හොයාගත්තා."
" ආ එහෙනම් කියමු බලන්න..."
ඔන්න එහෙනම් කතාව අහමු...
මේ කතාව දැනගන්න නම් ආදී කල්පිත මිනිසා ගල්ගුහා වල දඩයමින් ජිවත්වන කාල වකවානුවට යන්න වෙනවා.
මේ කාලයේදී තමයි මුලින්ම බල්ලා හමුවෙලා තියෙන්නේ කියලා තමයි මානව විද්‍යාව ගැන දන්නා අය කියන්නේ. හෝව්... හෝව්... පොඩ්ඩක් ඉවසලා ඉන්න. ට්‍රැක් පැන්නා නෙවේ.. මේ කතාව කියන්න නම් මුලින්ම බල්ලා ගැන කියන්න වෙනවා.
ඉතින් ආදී මානවයා දඩයම් කරලා රැගෙන එන සතුන්ගේ මස් කල් තියාගන්න ක්‍රමයක් තිබුනේ නැති නිසා, ඉක්මනින් නරක් වෙන්න ගත්තා. මේ නරක් වුන කොටස්, විටින් විට පාහේ තමන්ගේ ගල්ලෙනෙන් ඉවත් කරන්න සිදු උනා. මේ ඉවත ලන මස් කන්න බල්ලන් හිමින් සැරේ මිනිසුන් අසලට ආවා. දැන් උන්ට මහන්සියක් නැතිව ආහාර ලැබෙන නිසා මුන් මිනිසුන් අසල ගැවසෙන්න පුරුදු උනා.
ආදී මානවයා මුල් කාලයේ දඩයම් සඳහා යනකොට, ගැහැණු පිරිමි බේදයක් නැතිව සැමෝම දඩයමේ ගියා. එතකොට වෙන්නේ මේ ගල්ලෙන් අසල ගැවසෙන බල්ලන් සහ අනිත් සතුන් ගල් ලෙන තුල ඇති මස් ටිකට වගකියන එක. මේ ප්රශ්නය විසඳාගන්න ඔවුන් කලේ මස් ආරක්ෂා කරගැනීමට ඔවුන්ගේ කෙනෙක් සෙකියුරිටි විදිහට පත්කළ එක. එතකොට දඩයම් කිරීම සඳහා ඔවුන්ට සිටි කෙනෙක් කැපකරන්න උනා. ඒ වගේම ගැහැණු අයට දරුවන් ලැබීමට අසන්න වන විටත්, දරුවන් ලැබුන විටත් ඔවුන්ව දඩයමින් ඉවත්කර ගල්ලෙන තුල රඳවන්න සිදු උනා. මේනිසා මොවුන්ගේ පිරිස් බලය ඉතා තදින් පිරිහුණා.
මෙයට විසඳුම ලෙස ඔවුන් කලේ තමන්ගේ ගල්ලෙන අසල ගැවසෙන බල්ලන් හිලෑ කරගෙන දඩයමට පුරුදු කිරීමයි. මෙමගින් ඔවුන් තමන්ට අහිමි වන පිරිස් බලය වෙනුවට නව කාර්යක්ෂම ආදේශකයක් යොදාගත්තා. එවිට ගැහැණුන්ව දරුවන් බලාගැනීමට මෙන්ම අනිකුත් කාර්යයන් සඳහා ගල්ලෙනෙහි නතර කිරීමට හැකිවුනා.
ඔන්න ඔහොම තමයි මානව ශිෂ්ටාචාරය ගැන දන්නා අයවලුන් නම් කියන්නේ. ඔන්න දැන් තමයි අපේ කතාව පටන් ගන්නේ.
ඔය මානව ශිෂ්ටාචාරය ගැන කවුරු කොහොම කිවත් සැබවින්ම සිදු උනේ වෙන දෙයක්. කලින් කියපු කතාව හරි. නමුත් මුලින්ම ඔතැන හිටියේ බල්ලා නෙවේ නරියා. ඉතින් මේ නරි බොහොම මහන්සි වෙලා දඩයම් කරලා දුන්නට මොකද මිනිස්සු නරින්ට හොඳට සැලකුවේ නැහැ. දඩයමින් ඉතිරිවෙන දෙයක් යන්තමින් නරින්ට දුන්නා විතරයි. කවදාවත් වැස්සකටවත් මේ නරින්ට ගල්ලෙන ඇතුලට එන්න දුන්නේ නැහැ. ඔයවගේ කෙනෙහිලිකම් ඉවසන්න බැරි තැන නරි, මිනිසුන් අත්හැර ආපහු කැලයටම ගියා.
ඔන්න ඔයවෙලේ අවස්ථාව බලාගෙන හිටපු බලු රැල හිමින් සැරේ මිනිස්සුන්ට කිට්ටු වෙන්න ගත්තා. එතකොට නරි එකතු වෙලා මේ බලු රැලට බොහොම කරුණාවෙන් මෙන්න මෙහෙම කිවා.
"උඹලා ඔය මිනිස්සු කියන උන්ට උදවු කරන්න යන්න එපා. උන් කවදාවත් කෙලෙහි ගුණ දන්නා සත්තු ජාතියක් නෙවේ. උන් අපිට කල දේම තමයි උඹලටත් කරන්නේ. ඒ නිසා දඩයමක් කරගෙන මේ අපි වගේ කැලේටම වෙලා හිටහන්."
"උඹලා කොහොම කිවත් අපි දන්නවා මිනිස්සුන්ගෙන් සැලකිලි ලබන විදිහ.අපි උඹලා වගේ නෙවේ. අපිට බුරන්න පුලුහන්. අපි දන්නවා මිනිස්සුන්ව ආරක්ෂා කරන්න. එතකොට අපිට මිනිස්සු බොහොම හොඳින් ආදරයෙන් සලකාවි. අපි ආයේ කවදාවත් කැලයට එන්නේ නැහැ."
නරි කොතරම් කරුණු පැහැදිලි කලත්, බල්ලන් ඔන්න ඔහොම කියලා හිමින් සැරේ මනුසතා ලඟට කිට්ටු කළා. මිනිසා සමග හිතවත් උනා. දඩයම් කරලා දුන්නා. වෙනත් සතුන් ගල්ලෙන් ලඟට එනකොට එම සතුන්ගෙන් ගල්ලෙන් ආරක්ෂා කිරීමට බුරන්න ගත්තා. මිනිසා දකිනකොට, හිතවත්කම පෙන්නන්න ඕන නිසා පස්ස හකුලුවාගෙන වල්ගය වනන්න උනා.
මේ මොනදේ කලත් මිනිසුන් බල්ලාට සැලකුවෙත් නරියාට වගේමයි. නමුත් බල්ලන්ට නැවත කැලයට යන්න බැහැ. එදා ඉඳන් අද වෙනකල්ම බල්ලා බලු වෙලා මිනිසුන් ළඟ ඉන්නවා.
ඉතින් හිටපු ගමන් නරින්ට මේ සිද්දිය මතක් වෙනවා. එතකොට නරි ටික රෑට රෑට ගම්මානය අසලට ඇවිත් බල්ලන්ට හූ කියන්න ගන්නවා... නරි ටික බල්ලන්ට හු කියනකොට ලැජ්ජාව ඉවසගන්න බැරිකමටම බල්ලන්ටත් ජුවල් ගිහින් බුරන්න පටන් ගන්නවා. ඔන්න ඕකයි කතාව.
අපේ ආච්චි ජිවතුන් අතර හිටියානම්, උන්දැටත් මේ කතාව කියලා දීලා මෙහෙම කියන්න තිබුනා. "ආච්චි බයවෙන්න එපා නරි හු කියන්නේ බල්ලන් කල මෝඩ වැඩේ නිසා බල්ලන්ට. උන් හු කිවා කියලා මොන අකරතැබ්බයක් වත් වෙන්නේ නැහැ."
හොක්කි හුක්කි හූ හූ කියල හොදවයින් දෙකකුත් කියල නෙහ් හූ කියන්නෙ. මිනිස්සු එක්ක ඉන්න කාලෙ ඉගෙන ගත්ත ඒව වෙන්න ඇති.
ReplyDeleteවෙල් කම් බැක් අයිලාස්
බොහොම කාලෙකින් නේද කම්මල..
Deleteහිටි ගමන් පත්තු වෙන අයිලාස්.. ජය.. ඔන්න ඊයේ පෙරේදා අපි නං ඔහේව මතක් කරා.. හිටං
ReplyDeleteමොනවා කරන්නද මචෝ හිටිගමන් හරි පත්තු වෙනවානේ... ඔව් ඔව් මම දන්නවා ඔබතුමා මාව මතක්කළ බව ලින්ක් එකක් දීලා. ඔන්න එකේදී මමත් ඔබට ස්තුති කරලා තියෙනවා.
Deleteආ........... ඒකද මේ කේස් එක....
ReplyDeleteඑක නේන්නම් කියන්නේ...
Deleteබල්ලො මහ බලු වැඩක්නෙ කරල තියෙන්නෙ බලාගෙන යනකොට.
ReplyDeleteඑහෙනං ඒකයි මේ නරි who කියන්නෙ.
බල්ලෝ බලු වැඩ නොකර මොනවා කරන්නද ප්‍රසන්න..
Deleteගෑනුන්ව බලාගන්න බල්ලොන්ට දුන්නාම ඇතැම් තැන්වලදි බල්ලෝ ගෑනුන් එක්ක පූට්ටු දැම්මද දන් නෑ නේ..දැන් කලාතුරකින් එහෙම අවාසනාවන්ත බල්ලෝ සම්බන්ධ කතාවස්තුන් හමු වෙනවා..
ReplyDeleteහ්ම්ම්...එහෙමත් වෙනවා...
Deleteලස්සන කතාව...
ReplyDeleteස්තුතියි ලලිත්
Deleteඑහෙනම් ඒකයි සිද්ධිය ඈ...
ReplyDeleteඑක තමයි සිද්ධිය
Deleteඑහෙනං උන් මේ කින්ඩියට හූ කියන්නේ!
ReplyDeleteඑක තමයි. කැත වැඩ.
Deleteමං අපේ බලුස්ගෙන් ඇහුවා හැබෑද බොල මේ කියන්නේ කියලා.. ඌ "ඔව්ව්" කිව්වනෙ...
ReplyDeleteඔන්න බලන්න සෙන්නාගේ බලුස් ඒ කතාව දන්නවා..
Deleteඑහෙනං ඒකයි සීන් එක... බල්ලන්ට හූ කියල මදි කරගත්තු හරියට... (මේ කතාව ඇතුළෙ වෙන දේශපාලන කතන්දරයකුත් තියෙනවද මංදා?)
ReplyDeleteඑක අතකින් බල්ලන්ට හූ කියලා මදි තමා... අනේ මන්දා මලේ මටත් හිතෙනවා මේක ඇතුලේ වෙනත් කතාවක් තියෙනවද කියලා.
Deleteපව් අප්පා මේ නරි . . .
ReplyDeleteමටනම් හිතෙන්නේ බලු කස්ටිය පවු කියලා.. නිකන්ම බලු උනා.
Deleteපුදුමේ කියන්නේ මිනිස්සු ළඟ බලු ගතියි නරි ගතියි දෙකම තියනවනේ.
ReplyDeleteහිතාමතාමද සමහර තැන්වල හූ කියනවා වෙනුවට හු කියනවා කියලා ලියා තිබෙනේ?
විචාරක, මටනම් හිතෙන්නේ මේ බලු ගතියි නරි ගතියි දෙකම උන් ඉගෙනගෙන තියෙන්නේ මිනිස්සුන්ගෙන් කියලා...
Deleteහූ.. හු .... ප්‍රින්ටින් මිස්ටේක් අනේ... හූ.. හු...
කාලෙකං ඈ...
ReplyDeleteඉස්සර අපේ ගමෙත් නරි උන්න. දැන්නං බේතකට එකෙක් නෑ.
(මේ ළඟදි වාත අමාරුවකට තෙලක් හිඳින්ඩ වෙදමහත්තෙය ලියල දුන්න වට්ටෝරුවෙ අගටම ලියල තිබුණ "නරියෙක්" කියල. හොයාගන්ඩ බැරි උන නිසා ආපහු ගිහිං වෙදමහත්තෙයගෙං ඇහුව විකල්පයක් ගැන. එතකොට වෙදමහත්තෙය හිනාවෙලා කිව්ව "නෑ නෑ. ඔය බෙහෙතක් නෙවෙයි, මගෙ අස්සන" ය කියල.)
ඔය වගේ තමයි අර මදුරුව ගැනතියෙන අප්‍රිකානු කතාව.
මදුරුව කණෙං ඇහුවලු "අපි බඳිමුද?" කියල.
කණ හොඳටම හිනා උනාලු. හිනා වෙලා කියනවලු,
"උඹ අද හිටියා. හෙට මැරිලා. උඹ වගේ ජීවිතේ ශුවර් නැති බුවෙක් ද, කසාද බඳින්ඩ අහන්නෙ?"
ඉතිං ඕක මතක් වෙන මතක් වෙන පාරට මදුරුවා ඇවිත්, තාම මං මළේ නෑ කියල මතක් කරන්ඩ කණ ගාවට ඇවිත් සද්ද කරල යනවලු...
බොහොම කාලෙකින් තමයි. ඔබගේ කතාවත් නියමයි.
Deleteඒක නෙවේ එතකොට ඔය වෙදමහත්තයා නරියෙක්ද?
“නන්දසිරි“ කෙනෙක් වෙන්නැති නේ?
Deleteමොකක්ද බන් ඒ කතාව....නන්දසිරි?
Deleteනිකං හිතට ආව හෑල්ලක් ලිව්වෙ. නිධාන කතාවක් නෑ. නන්දසිරි කියල කුරුටු ගෑවම "නරියෙක්" වගේ කියවන්න පුළුවං වෙයි කියල හිතුන.
Deleteපස්සෙ මතක් උනේ. විජේවීරගෙ නමත් නන්දසිරි නේ?
බල්ලෝ මහා අවස්ථාවාදී සත්තු ටිකක් නේ.
ReplyDeleteඒ උනාට බලු වෙන්න උනානේ.
Deleteදැං රෝල්ස් මාරුවෙලා පොඩි උන් වැඩිහිටියන්ට කතන්දර කියලා දෙනවා නේද? ඒකට අපේ කාලෙ.
ReplyDeleteහැබැයි බොඩි එකා නම් විශ්ව කෝෂයක් වෙන ලෞණු පෙන්නනවා. මතා දෙක නම් මරු කියහං. මේ අර අසනීප වෙලා හිටපු පුතා නේද?
මචෝ හෙන්රියෝ, උඹට අද ටිකක් වැඩි වෙලා වගේ නේද?
Deleteනරි ගැන දිග කතාවක්.
ReplyDeleteස්තුතියි...
Deleteඅප්පේ.. කාලෙකින් ලියලා නැහැ නොවැ..))
ReplyDelete