මේ පොස්ට් එක ආරම්භය සඳහා මිට කලින් මා විසින් පලකල දුශ්ෂිල භික්ෂුව කෙරෙහි ගිහියන් පිළිපැදිය යුතු අයුරු පොස්ට් එකේ කොමෙන්ට් එකකට ලියපු පිලිතුරකින්ම පටන් ගැනීමට සිතුවා. පළමුව ඒ කොටස කියවා සිටින්න.
ඉදිරි පොස්ට් කීපයකින් ධර්ම කරුණු කීපයක් සරලව ඉදිරිපත් කරනවා එම පොස්ට් කියවීමේදී නිරවුල් මනසකින් කියවන්න.. භාග්‍යවතුන් වහන්සේ කාලම සුත්‍රයේදී දේශනා කල අයුරින් විමසන්න, විමසීම සඳහා උන්වහන්සේ දේශනා කල ක්‍රමවේදය යොදාගන්න.
පහත දැක්වෙන මානසික මට්ටම් වල සිටින අය හට ගැන බලන්න
1 අධික ශ්‍රද්ධාව පමණක් ඇති අය :
උදේ පාන්දර 5 පමණ සිට අඳුර වැටෙන තෙක්ම පන්සල් විහාර ආදියෙහි ගැවසෙමින් මල් පෙරහැරවල් පවත්වමින් ඒ මල් පෙරහැරේම නිවන් පුර රුවන් දොරටුව දක්වා බොහෝ පහසුවෙන් ගමන් කල හැකි බව විශ්වාශ කරන සැදැහැතියන්.
උම්බලකඩ කැබැල්ලට මෙන්ම හාල් මැස්සාගේ පටන් දියළුම මස් මාංශ වලට අධික මෛත්‍රියක් පළකරමින්,පන්සලට ගෙන එනු ලබන දාන වේලක ඇති කට්ට සම්බෝලයක උවද උම්බලකඩ කැබැල්ලක් තිබුනොත්, එය ගෙනා තැනැත්තන් කෙරෙහි අධික කෝපයට පත්වන, බණ මඩුවේ බණ අසමින් සිටින විට අතක වසන මදුරුවා චප්ප කර දමන සැදැහැතියන්.
2. ශ්‍රද්ධාව නොමැති අධික ප්‍රඥාවන්තයින්
පටිච්චසමුප්පාදය, පංච උපාදනස්කන්ද වැනි තම නුවනින් විමසිය යුතු ඝම්භිර ධර්මයන් අනන්ත තිබියදී භාග්‍යවතුන් වහන්සේ මස් මාංශ වැළඳුවේ දැයි තමන්ගේ රුචි අරුචි කම් වෙනුවෙන් මුළු ත්‍රිපිටකයම පෙරලමින් සොයන්නන්.
තමන්ගේ මතයට අනුකුල වන අවස්ථාවන්හිදී එය බුද්ධ වචනය ලෙසත්, එසේ නොවන විට එය ත්‍රිපිටකයට ඇතුලත් වූ බමුණු මත ලෙස දකින්නන්.
ආචාර්ය, මාහාචාර්ය පදවියක් ලැබූ විට එය භාග්‍යවතුන් හන්සේගේ උතුම් සර්වඤතා ඤාණය ද ඉක්මවා යන්නක් බව විශ්වාෂ කරන සමහරක් අය ද (බොහෝ අය එසේ නොවේ)
තර්කය සඳහා ම වචන සොයමින් අනවශ්‍ය තර්ක කරන අය .
3. හුදෙක් භෞතික වාදින් ද යන කොටස් වලට අයත් වන්නන් හට මේ ඉදිරි පොස්ට් කීපය ගෝචර නොවනු ඇත.
කිසියම් කාරනාවක් ගැන කතා කිරීමේදී පදනම් විරහිත ලෙස සිදුකිරීම නුසුදුසු වන අතර විශේෂයෙන් ධර්මය ගැන කතා කිරීමේදී පැහැදිලි පදනමක් මත සිටම කලයුතු වෙනවා.මේ වෙනුවෙන් මගේ පදනම වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිගැනීම, උන් වහන්සේ දේශනා කල ධර්මය පිළිගැනීම, ආර්ය මහා සංගරත්නය පිළිගැනීම සහ ත්‍රිපිටකය බුද්ධ වචන ලෙස පිළිගැනීම වේ.
එබැවින් ඉදිරි පොස්ට් කීපය නිරවුල් මනසකින් කියවන්න. එසේ නොමැති වූ විට සිදුවන දේ ගැන එක උදාහරණක් දෙන්නම්.භාග්‍යවතුන් වහන්සේගේ චරිතය හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ උන්වහන්සේ පිළිම වල දකින්නට ලැබෙනවා වගේ සමාධි සුවයෙන්ම වැඩසිටි කෙනෙක් ලෙස නමුත් උන්වහන්සේගේ චරිත ලක්ෂණ තුල දක්ෂ ගුරුවරයෙක්, සැබෑ යහළුවෙක්, සෙනෙහෙවන්ත පියෙක් දකින්නට ලැබුනේ නැතිද? මේ සිදුවීම සලකන්න
එක් දවසක් මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ, ඉතා වටිනා සිවුරක් පොරවාගෙන භාග්‍යවතුන් හන්සේ හමුවෙන්න එනවා. ඒ අවස්ථාවේදී උන් වහන්සේ පොරවාගෙන ඉන්නේ පරණ වූ රළු සිවුරක්. උන් වහන්සේ සහ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ අතර මේ දෙබස බලන්න
"කාශ්‍යප ඔබගේ සිවුර ඉතාම සියුමැලි අලංකාර එකක්"
"භාග්‍යවතුන් වහන්ස මේ සිවුර පොරවා ගන්න සේක්වා, ඔබ වහන්සේගේ ඔය සිවුර මට දෙන්න"
"කාශ්‍යප ඔබට මේ දළ සිවුර සුදුසුද?"
"භාග්‍යවතුන් වහන්ස ඔබගේ දළ සිවුර මට ඉතා ප්‍රියයි "
ඉන්පසු ඔවුන් දෙදෙනා සිවුරු මාරුකර ගන්නවා.. බලන්න කොතරම් සමීප මිතුරන් ද කියා. මේ තුල කොතරම් දෙයක් ගන්න පුලුවන්ද කියලා. නමුත් අධික ශ්‍රද්ධාවන්තයට මේක දරන්න බැහැ. ඔවුන් කියන්නේ එලෙස හැඟීමක් බුදුරජානන් වහන්සේට ඇති වෙන්න බෑ ඕක අපහාස කරන්න බමුණන් ඇතුල්කල මතයක්.අනිත් කොටස කියන්නේ කෙලෙස් ඇති බවයි.(මේවා ගැන ඉදිරියේදී පැහැදිලි කරන්නම්)
මේ එක උදාහරණයක් පමණයි. මේ ධර්මය හඳුනා ගැනීම, බුද්ධ චරිතය හඳුනා ගැනීම ඉතා නිරවුල් මනසකින් කලයුත්තක්.
දැන් පොඩි කතාවක් කියන්න යන්නේ. මේ කතාව මට කිවේ මගේ පොඩි පුතා, ඒ ගොල්ලන්ගේ පන්තියේ යහළුවන්ගෙන් අහපු විහිළු කතාවක් විදිහට. නමුත් මේ කතාවේ ගතයුතු වැදගත් ආදර්ශයක් තිබෙන නිසා මේ කතාව මුලින් ම ලියන්න හිතුනා.
ඔන්න එක්තරා පලාතක මනුස්සයෙක් පෝය දවසට සිල් ගන්න ඕන කියලා හිතාගෙන පන්සලට ගියා. මෙයට අපි සිරිපාල කියලා කියමු. ඉතින් සිරිපාල සිල් අරගෙන බොහොමයක් දෙනෙක් කරනවා වගේ බණ මඩුවේ මුල්ලක් අල්ලගෙන් වාඩිවෙලා හිටියා. ඔහොම ඉන්නකොට මෙයාට නොදැනීම නින්ද ගියා. දැන් ඔය අතරේ හාමුදුරුවෝ ඇවිත් ධර්ම දේශනයක් පටන් ගන්න ලැස්ති වෙනකොට ම සිරිපාලට ඇහැරුනා. දැන් ඉතින් මෙයත් බණ අහන්න ලැස්ති උනත් නැවතත් නින්ද ගියා. එහෙම උනත් සිරිපාලට විටින් විට ඇහැරෙනවා.
ඔහ්න් ඔන්න ඉතින්දන් හාමුදුරුවෝ බන කියාගෙන යනකොට මෙතනට බල්ලෙක් ආවා. දැන් ඉතින් බණ මඩුවේ ඉන්න මිනිස්සුන්ට මේ බල්ලගෙන් ටිකක් හිරිහැර නිසා හාමුදුරුවෝ මෙහෙම කිවා.
"කවුරු හරි කෙනෙක් ඔය බල්ලා එළවලා දැමුවොත් හොඳයි"
ඔය ටික කියනකොටම නිදි කිරමින් සිටි සිරිපාලට ඇහැරුනා, ඒ ගමන්ම මෙයාට බල්ලා කියන එක ඇහුනා, නමුත් අපහු නින්ද ගියා.
දැන් ඉතින් හාමුදුරුවෝ මෙන්න මෙහෙම දෙයක් කියනවා.
"පින්වතුනි මව හෝ පියා මැරුවොත් නම් අනිවාර්යයෙන්ම ඊළඟ උපත නිරයේ .."
මේක කියනකොට සිරිපාලට අපහු සැරයක් ඇහැරුනා, ඒ ගමන්ම මෙයාට මැරුවොත් නම් කියන එක ඇහුනා, මේ වචන තදින් හිතට වැදුනා උනත් අපහු නින්ද ගියා.
දැන් ඉතින් හාමුදුරුවෝ මේ විදිහට බණ අවසන් කරනවා.
"පින්වතුනි ඔය කියපු ආකාරයට පවෙන් වැළකිලා සතිපට්ඨානය නියම ආකාරයට වැඩුවොත් නිවන් දකින්න පුළුවන්"
මේක කියනකොට සිරිපාලට අපහු සැරයක් ඇහැරුනා, ඒ ගමන්ම මෙයාට නිවන් දකින්න පුළුවන් කියන එක ඇහුනා, මේ වචන තදින් හිතට වැදුනා. දැන් ඉතින් බණ ඉවරයි කට්ටිය ටිකක් නැගිටලා එලියට පහලට යන්න ගත්තාම් ළඟ හිටපු කෙනෙක් සිරිපාලගෙන් මෙහෙම් අහනවා.
"අපුරු බණ ටික නේද? හොඳට ත්රුම් කරලා දුන්නා නේද?"
එතකොට සිරිපාල මෙහෙම කියනවා
"අපොයි ඔව් අද තමයි මට හොදට තේරුනේ බල්ලා මැරුවොත් නම් නිවන් දකින්න පුළුවන් කියලා"
ඔන්න ඕක තමයි කතාව. පොඩ්ඩක් හිතන්න, අද බොහෝ දෙනෙක් බණ අහන්නේ ඔය විදිහට, තේරුම් ගන්නේ ඔය විදිහට. ඉතින් කොහොමද මේ අපුරු ධර්මය තේරුම් ගන්නේ.
සැබෑ බෞද්ධයා යනු කවරෙක්ද?
අද මේ රටේ බහුතරය බෞද්ධයන් වී ඇත්තේ උපතින් මිස සැබෑ අවබෝධයකින් නොවේ. අවබෝධයෙන් තෙරුවන් සරණ යාමෙන්ම එම පුද්ගලයා උපාසකයෙක් වේ. උපාසක යන නාමය භාග්‍යවතුන් වහන්සේ බෞද්ධයා හැදින්වීමට යොදාගත් නාමයයි.
යතෝ ඛෝ මහානාම බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සංඝං සරණං ගතො හොති, එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ හොති. යන බුද්ධ වචනයෙන් මේ සරනාගමනයෙන්ම කෙනෙක් උපාසකයෙක් බව දක්වා ඇත.
සරණාගමනය යනු කුමක්ද යන බව ඉතා හොඳින් වටහා ගත යුතු වෙනවා. බොහෝ දෙනෙක් මේ සරණාගමනය ආශිර්වාදයක් හෝ ආශිර්වාද පාඨයක් කරගෙන ඇති බව දකින්නට පුළුවන්. නමුත් බුද්ධං සරණං ගච්ඡාමි යන්නේ අදහස් වන්නේ, බුදුරජානන් වහන්සේ ගමන්ගත් මග යන බව මිසක්, වෙනත් දෙයක් නොවේ. බුදු සරණ ලැබීම යනු උන් වහන්සේ කියාදුන් නිවැරදි මග ඔස්සේ ගමන් කර තමන් විසින් තමන්ගේ විමුක්තිය ලබාගැනීම මිස වෙනත් ආශීර්වාදයක් ලබාගැනීම නොවේ. එසේ නොමැතිව මුළු දවස පුරාවටම බුද්ධං සරණං ගච්ඡාමි කියමින් සිටියත් බුදු සරණක් නොලැබෙනු ඇත.
ධර්මය සහ ආර්ය මහා සංග රත්නය සරණයැම ද මේ ආකාරයටම වටහා ගත යුතුය.
සරණාගමනය යනු කුමක්දැයි අපි සරලව දැනගත්තා,මෙය ලෝකෝත්තර සරණාගමනය සහ ලෞකික සරණාගමනය ලෙස දෙවැදෑරුම් වෙනවා. ලෝකෝත්තර සරණාගමනය යනු මාර්ග ඵල අවභෝධයේදී ඇතිවන්නාවු සරණාගමනයවේ, මාර්ග ඥාණයන් පහල වීමේදී ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇති සැකයන් පහා වීම නිසා ලෝකෝත්තර සරණාගමනය කිලිටි නොවනවා මෙන්ම එහි බිදීමක් නොමැති වේ.
මාර්ග ඥාණයන්ට මෙපිටින් ඇති සරණාගමනය ලෞකික වේ. මෙහි කිලිටිවිමක් මෙන්ම බිදීයාම සිදුවිය හැක. තෙරුවන් කෙරෙහි සැක ඇතිවීමෙන්, තෙරුවන් කෙරෙහි දුර්මත ඇතිවීමෙන් සහ තෙරුවන් ෙකෙරෙහි දැනීම මඳ වීමෙන් ලෞකික සරණාගමනය කිලිටි වන අතර පහත කාරණා නිසා එහි බිඳී යාම සිදු වේ.
1. ධර්මය ප්‍රතික්ෂේප කිරීමෙන්
2. අන්‍ය ආගමක් පිළිගැනීමෙන්
3. මරණයෙන්.
ආර්ය ශ්‍රාවකයන් මරණයෙන් මතු ද වෙනත් වූ දහමක් පිළිනොගන්නා බැවින් ලෝකෝත්තර සරණාගමනය මරණයෙන් හෝ බිඳී යමක් සිදු නොවේ.
මේ උපසකත්වය නැවත උපාසක චණ්ඩාල සහ උපාසක රත්නය ලෙස කොටස් දෙකකට බෙදෙනවා. ඒ ගැන පසුව විමසා බලමු.
"සද්දා හති තථාගතස්ස බෝධි" ලෙස තමයි ශ්‍රද්ධාව හඳුන්වා දෙන්නේ. එනම් තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිගැනීමයි. සම්මා සම්බුද්ධත්වය යනු කුමක් දැයි කෙටියෙන් හඳුන්වාදීම ඇති දුෂ්කර කාර්යයක් උවත් අවම වශයෙන් උන් වහන්සේ ලෝභ, දේවේශ, මෝහ සම්පුර්ණයෙන්ම දුරුකලා යැයි හෝ විශ්වාශ කල හැකි නම් එය ශ්‍රද්ධාව ලෙස හඳුන්වන්න පුළුවන්. අවම ලෙස මේ අකුසල මුලයන් සම්පුර්ණයෙන්ම දුරුකලා යයි හෝ විශ්වාශ කල නොහැකි නම් උන් වහන්සේ තමන්ගේ සාස්තෘන් ලෙස පිලි ගැනීමට නොහැකි වෙනවා.
ශ්‍රද්ධාව නැවත කොටස් දෙකකට බෙදෙනවා , අමුලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව යනුවෙන්. මෙයින් පළමු වැන්න හේතුවක්, මුලයක් ඇතිව නැතිව බොහෝවිට බාහිර දේවල් මත ඇතිවන් ශ්‍රද්ධාවක් බැවින් එයට අමුලිකා ශ්‍රද්ධාව යයි කියනු ලබනවා.
නමුත් වඩා වැදගත් වන්නේ ආකාරවතී ශ්‍රද්ධාවයි. එය ධර්මය අවභෝධ කර ගැනීම තුලින් හේතු සහගතව ඇතිවන ශ්‍රද්ධාවක්. සමහර දෙනෙක් මේ ආකාරවතී ශ්‍රද්ධාව ඇති වන්නේ සොවාහන් පුද්ගලයාට යයි කියනවා. එසේ පැවසීමට හේතු වන්නේ මෙය කලින් කි ආකාරයට ධර්මය අවබෝධ කරගැනීම තුලින් ඇතිවන බව කියවෙන නිසා. නමුත් මගේ පුද්ගලික අදහස නම එය එසේ නොවන බවයි. ධර්මය අවබෝධ තම තම නැණ පමණින් දැනගත යුතු දෙයක් බැවින්, සෝවාහන් පලය ලැබීමට පෙරත් ක්‍රමානුකුලව වැඩි යන ධර්මය අවබෝධයක් තියෙනවා. එසේ නැතිව ගහෙන් ගෙඩි එන්නාක් මෙන් සෝවාහන් වීමක් වෙන්න හැකියාවක් නැහැ.
මේ අනුව ශ්‍රද්ධාවන්ත බෞද්ධයා යනු, බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශයන් රහිතව ලෝභ, ද්වේශ, මෝහ සහ මුලින්ම දුරුකළ උත්තමයන් වහන්සේ නමක් ලෙසද, ශ්‍රී සද්ධර්මය යනු ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මුලයන් සහමුලින් නැති කිරීම පිණිස උන් වහන්සේ දේශනා කල ක්‍රමවේදය බවද, ආර්ය මහා සංග රත්නය යනු එම ප්‍රතිපදාව අනුව යමින් එහි පල ලබාගත් උතුමන් බව පිළිගනිමින්, ඒ අනුව ගමන් කරමින් තමන් තුල ඇති ලෝභ,ද්වේශ, මෝහ දුරුකිරීමට උත්සාහ ගන්නා පුද්ගලයාය.
ශ්‍රද්ධාව හා තිසරණය වරදවා ගෙන කටයුතු කරන ගිහි හෝ පැවිදි අය කරන කාර්‍යයන් දෙස බලා, ඔවුන් කෙරෙහි ද්වේශ සහගතව කටයුතු කිරීම බෞද්ධ ප්‍රතිපදාව නොවන (එසේ කිරීම තුලින් සිදුවනුයේ තමන්ගේ ලෝභ,ද්වේශ, මෝහ තව තවත් වඩා වර්ධනය වීමයි.) අතර ඒ වැනි විටක කලයුතු වන්නේ ඔවුන් කෙරෙහිද ද්වේශ සහගත නොවී හැකිනම් ඔවුන්ටද නිවැරදි ධර්මය වටහා දීමට කටයුතු කිරීමයි.
ඉදිරි ලිපියකින් මස් මාංශ අනුභවය සහ ආහාරය පිළිබඳව සලකා බැලිය යුතු අයුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
මාර්ග ඥාණයන්ට මෙපිටින් ඇති සරණාගමනය ලෞකික වේ. මෙහි කිලිටිවිමක් මෙන්ම බිදීයාම සිදුවිය හැක. තෙරුවන් කෙරෙහි සැක ඇතිවීමෙන්, තෙරුවන් කෙරෙහි දුර්මත ඇතිවීමෙන් සහ තෙරුවන් ෙකෙරෙහි දැනීම මඳ වීමෙන් ලෞකික සරණාගමනය කිලිටි වන අතර පහත කාරණා නිසා එහි බිඳී යාම සිදු වේ.
1. ධර්මය ප්‍රතික්ෂේප කිරීමෙන්
2. අන්‍ය ආගමක් පිළිගැනීමෙන්
3. මරණයෙන්.
ආර්ය ශ්‍රාවකයන් මරණයෙන් මතු ද වෙනත් වූ දහමක් පිළිනොගන්නා බැවින් ලෝකෝත්තර සරණාගමනය මරණයෙන් හෝ බිඳී යමක් සිදු නොවේ.
මේ උපසකත්වය නැවත උපාසක චණ්ඩාල සහ උපාසක රත්නය ලෙස කොටස් දෙකකට බෙදෙනවා. ඒ ගැන පසුව විමසා බලමු.
ශ්‍රද්ධාව යනු කුමක්ද?
ශ්‍රද්ධාව යනු කුමක් දැයි කියා ද පළමුව නිවැරදිව දැනගත යුතු වෙනවා. මෙය නොදනිම නිසාම බොහෝ දෙනෙක් ශ්‍රද්ධාව යනුවෙන් අර්ථ දක්වනුවේ ආමිස පුජාවන්ය . එමෙන්ම ශ්‍රද්ධාව යනු කුමක්දැයි නොදන්නා කම නිසාම මේ ශ්‍රද්ධාව නම් වචනය ඇසු පමණින් ක්‍රෝධය වපුරමින් ඒ කෙරෙහි ගර්හා කරන පුද්ගලයන් ද බොහෝ සේ දැකගත හැකි වෙනවා."සද්දා හති තථාගතස්ස බෝධි" ලෙස තමයි ශ්‍රද්ධාව හඳුන්වා දෙන්නේ. එනම් තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිගැනීමයි. සම්මා සම්බුද්ධත්වය යනු කුමක් දැයි කෙටියෙන් හඳුන්වාදීම ඇති දුෂ්කර කාර්යයක් උවත් අවම වශයෙන් උන් වහන්සේ ලෝභ, දේවේශ, මෝහ සම්පුර්ණයෙන්ම දුරුකලා යැයි හෝ විශ්වාශ කල හැකි නම් එය ශ්‍රද්ධාව ලෙස හඳුන්වන්න පුළුවන්. අවම ලෙස මේ අකුසල මුලයන් සම්පුර්ණයෙන්ම දුරුකලා යයි හෝ විශ්වාශ කල නොහැකි නම් උන් වහන්සේ තමන්ගේ සාස්තෘන් ලෙස පිලි ගැනීමට නොහැකි වෙනවා.