Showing posts with label ඡායාරුප කරණය. Show all posts
Showing posts with label ඡායාරුප කරණය. Show all posts

Monday, January 22, 2024

වණජීවී ඡායාරූප

 වණජීවී ඡායාරූප



කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ  කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කොහොම උනත් ආපහු මේපැත්තේ ආවේ පොඩි ආරංචියක් කියන්න. 


මේ දවස්වල මංතුමා ගේ විනෝදාංශය වන වණජීවී ඡායාරූපකරණය වෙනුවෙන්  වැඩිකාලයක් ගතකරනවා.  වණජීවීන්  කිවම එය ඉතා පළල් පරාසයක් කරා විහිදෙනවා. 


1. කුරුල්ලන් 

2.සිවුපාවුන් 

3. උරගයන් / සර්පයින් 

4. සමනලයින් සහ බත්කුරන් 

5. මල්වර්ග 

6. ගස් වැල් 


මේ සියලුම දේ වණජීවීන්  ලෙස හදුන්වන්න පුළුවන්. මේ අංශ අතරින්, මංතුමා ගේ ප්‍රියතම දේ තමා කුරුල්ලන් සහ ඔවුන්ගේ හැසිරීම් ඡායාරූපගත කිරීම. 


මේ වනවිට මා සතුව විශාල වණජීවී ඡායාරූප එකතුවක් ඇති නිසා එම  ඡායාරූප ඔබත් සමග බෙදාගන්න හිතුවා. ඒ වෙනුවෙන්ම නව බ්ලොග් එකක් ඉතා ඉක්මනින් පටන්ගැනීමට අදහස් කරන අතර, ඡායාරූප සමග එම ජීවියා ගැන කෙටි සටහනක් සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පලකිරීමටත් අදහස් කරනවා.


මේ ගැන ඔබ සැමගේ අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම බ්ලොගය සදහා සුදුසු නමක් යෝජනා කරන මෙන්ද ඉතා ආදරයෙන් ඉල්ලනවා.


එම බ්ලොගය පටන්ගත් පසු ඔබ සැම  දැනුවත් කරන්නම්. එවිට ඒ පැත්තේ ඇවිත් යන්න එන්න.



Monday, January 22, 2018

ඩිජිටල් ඡායාරුප වල භූතයන් සහ දෙවියන්


අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප  වල  බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම  සහ වෙනත් අත්භූත රුප ගැන.

 මෙම  පොස්ට් එක ලිවීමේ මුලික අදහස  ඩිජිටල් තාක්ෂණයට අනුව ඡායාරුපයක් එඩිට් කිරීමක ලක් කල එකක්ද ? නැත්ද? යන දේ ගැන කරුණු කරණා  ඉදිරිපත් කිරීම වුවත්, මුලින්ම  එයට අමතරව බෞද්ධ ආගමික කරුණු මත සිට ශ්‍රද්ධාව, ප්‍රාතිහාර්යය යන කරුණු ගැන කෙටි විස්තරයක් කරන්නත් සිදුවෙනවා. 

මම පසුගිය  දිනවල දුටු  මෙවැනි ඡායාරුප කීපයක්ම බුදු දහම පසුබිම් කරගත් ඒවා , ඒ ඡායාරුප එලි දැක්වීම  මගින් ඒ අය   කියන්න, පෙන්වන්න උත්සහ කලේ මරණින් මතු ජිවිතයක් තිබෙන බව සහ බුදු රජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති කරලීමයි. නමුත් යම් අයෙක් මෙවැනි කාරනා මත ශ්‍රද්ධාවක් ඇති කරගන්නවානම් එවැනි වූ ශ්‍රද්ධාව ධර්මයෙහි හඳුන්වන්නේ "අමුලිකා ශ්‍රද්ධාව" නම් වූ මුලයක් , හරයක් නොමැති, වහා වෙනස් චිය හැකි ශ්‍රද්ධාවක් ලෙසයි.

ධර්මයට අනුව වඩා වැදගත් වන්නේ "ආකාරවතී ශ්‍රද්ධාව" නම් වූ කරුණු කාරණා  මත ඇතිකරගන්නා වූ ශ්‍රද්ධාවයි. එම ශ්‍රද්ධාව වඩා බලගතු වේ. 

ශ්‍රද්ධාව ධර්මයේහි  පැහැදිලි කරන්නේ මේ ආකාරයටයි, "සද්දා හති තථාගතස්ස බෝධි" එනම් තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය හෙවත් අවබෝධය පිළිබඳව ඇතිකර ගන්නා වූ  විශ්වාසයයි. බෞද්ධයන්   හට ශ්‍රද්ධාවක්  ඇත්නම්, තථාගතයන් වහන්සේගේ  දේශනා වල ඇතුලත් ආකාරයට දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන්,  අපාය, දිව්‍ය ලෝක ඇති බව  පිළිගත යුතු වෙනවා.  දේවතා සංයුක්තය, යක්ෂ සංයුක්තය, විමාන  වත්ථු , ප්‍රේත  වත්ථු වැනි බුද්ධ දේශනා ඇතුලත් ග්‍රන්ථ යමෙකුට බැහැර කල හැකිද ?  මෙම දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන් වැනි සත්ත්ව කොටස් ඇති බම මම පිළිගන්නා අතර, අප අවටත් මෙම කොටස් ඇති බවද පිලිගනිමි. 

ඉතාම පැහැදිලි ලෙස දේවතා එලි  නම් වූ එලි මම සියැසින්ම  කීපවරක් දැක ඇත්තෙමි. මගේ පිළිගැනීම නම් මේ දෙවතා එලි යනු අපට නොපෙනෙන මානයක ජිවත් වන්නා  වූ දේව කොටස්, එක මානයක සිට තවත් මානයකට ගමන් ගන්නා අවස්ථාවන් වලදී ඇතිවන්නක් ලෙසයි. (මෙය හුදෙක්ම මගේ මතයක් පමණක් බව සලකන්න. මෙය වැරදි හෝ නිවැරදි විය හැක)

දැන් අපි කෙටිගෙන් දැනගත්තා ශ්‍රද්ධාව කියන්නේ කුමක්ද සහ  එහි ඇති ප්‍රබේධ ගැන . ඒ වගේම ප්‍රාතිහාර්යය ගැන ධර්මයේ සඳහන් වන කරුණු ගැනත් ටිකක් බලමු.  බුදුරජාණන් වහන්සේ, ප්‍රාතිහාර්යය කොටස් තුනකට බෙදා දක්වනවා.

  1. ඍධි ප්‍රාතිහාර්යය
  2. ආදේශනා ප්‍රාතිහාර්යය
  3. අනුශාසනා ප්‍රාතිහාර්යය 

මෙයින්  ඍධි ප්‍රාතිහාර්යය යනු සිත දියුණු කිරීම මගින් අහසින් ගමන් කිරීම, පොලවේ කිමිදීම, ජලයේ ඇවිදීම වැනි ප්‍රාතිහාර්යයන්  පෑම  වන අතර,  ආදේශනා ප්‍රාතිහාර්යය ලෙස දක්වන්නේ සිත දියුණු කිරීම මගින් අන් අයගේ සිත් කියවීමයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දෙආකාරයේම ප්‍රාතිහාර්යය  අගය කිරීමක් නොකළ අතර අනුමත කරනු ලැබුවේ තුන් වෙනුවට සඳහන් කළා වූ අනුශාසනා ප්‍රාතිහාර්යය හෙවත් ධර්මය දේශනා කිරීම මගින් අන් අයගේ සිත් වල පරිවර්තනයක් ඇතිකරලීමයි. මෙයට ඇති හොඳම උදාහරණය නම් දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කල අවස්ථාවයි. උන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය මුලින් පිළිනොගත් පස්වග තවුසන්  හට  ඒ බව වටහා දුන්නේ ධර්ම දේශනාව තුලින්මයි.

දැන් අපි ප්‍රාතිහාර්යය යනු කුමක්ද? සහ එයින් වඩා වැදගත් වන්නේ කුමක්ද යන කරුනු ගැනත් කෙටියෙන් දන්නවා. එහෙනම් අපිට පළමුවෙන් හිතන්න වෙන්නේ මේ ඡායාරුප වල සටහන් වන සමහර රුප ඉහත කියූ ප්‍රාතිහාර්යය වර්ග තුනටම අයත් නොවන බවය. එනම් එවැනි රුප ප්‍රාතිහාර්යයන්  නොවන බවය.

කරුණු කරනා එසේ වූ පමණින් ඩිජිටල් ඡායාරුප  වල සටහන් වන  මෙම රුප සැබවින්ම මෙවැනි දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන් වැනි සත්ත්වයන්ගේ  රුපද?   බොහෝවිට මෙවැනි ඡායරුපක් දුටු පමණින්ම බොහෝ දෙනෙක් පෙර නිගමන වලට එළඹෙනවා, "මේක එඩිට් කල එකක්", "මේකනම් හාස්කමක්" වගේ. මේ ලියන පොස්ට් එකෙන්  බලාපොරොත්තු වන්නේ,  එවැනි වූ පෙර නිගමනයන් කරා නොඑළඹ  තමන්ටම මේ ගැන ඉතා සරල  තාක්ෂණික ක්‍රම කීපයක් මගින් එම ඡායාරුපය "එඩිට් " කල එකක්ද නැත්ද  වග තේරුම් ගන්නා ආකාරයයි 

ඉතාමත්ම සරල ක්‍රමය :

හොඳින් බලන්න අන්තර්ජාලයට  ලබාදී ඇති ෆොටෝ එකේ ප්‍රමාණය. (image size) ඔවුන්  එඩිට් කල ෆොටෝ සැමවිටම අන්තර්ජාලයට එක් කරන්නේ කුඩා ප්‍රමාණවලින් (small image size)  ඔය ආකාරයෙන් කුඩා ෆොටෝ ලබාදෙන්නේ එඩිට් කිරීමේ දෝෂයන් සඟවන්න.

තවත් සරල  ක්‍රමයක් :
මුලින්ම මේ සඳහා එම ෆොටෝ එක down load කරගත යුතු වෙනවා, ඉන්පසුව මේ ෆොටෝ එක Photoshop හෝ එවැනි වෙනත් Image Editing Software එකක් මගින්  open  කරන්න. දැන් එම ෆොටෝ  එක 700%  - 800% පමණ විශාල කරන්න . දැන් මෙම image එක එඩිට් කල එකක් නම් එම එඩිට් කිරීමෙන් ඇතුල් කල කොටස් වල sharp edges මෙන්ම, එඩිට් කිරීමේදී ඇතිවන සුළු දෝෂයන් මනාව  දකින්නට පුළුවන්, එඩිට් නොකළ ෆොටෝවක් නම් එලෙස sharp edges  දකින්නට ලැබෙන්නේ නැහැ, ක්‍රමයෙන් වෙනස්වෙන වර්ණ සහිත පික්සල් තමයි දකින්නට ලැබෙන්නේ. එමෙන්ම එක්කල  කොටසේ සහ අනිත් කොටස් වල පික්සල් ගහනතාවයේ (density) වෙනසක් දකින්න පුළුවන්  පහත උදාහරණය බලන්න.

ෆොටෝ  #1 : කිසිම එඩිට් කිරීමක් නොකළ ෆොටෝ එකක්.


ෆොටෝ  #2: එඩිට් කිරීමෙන් වෙනත් පසුබිමක් එක්කර ඇත.  එමෙන්ම ළමයා පැළඳ සිටින බෝ (bow) එක edit කිරීම මගින්  සකස් කර ඇත.


ෆොටෝ  #3: එඩිට් නොකළ ෆොටෝ එක 700% විශාල කිරීමෙන් 



ෆොටෝ  #4:  එඩිට් කල ෆොටෝ 700% විශාල කිරීමෙන් 


 මෙම ෆොටෝ වල විශාල ප්‍රමාණය මෙම ෆ්ලිකර් පිටුවෙන් බලන්න 


තවත් ක්‍රමයක් :
මේ සඳහා වන තවත් ක්‍රමයක් තමයි Error level analysis කියන්නේ.  මෙහිදී කරන්නේ එම ෆොටෝ  එක  JPGE image එකක් විදිහට දන්නා වූ අගය අඩු කිරීමකින් නැවත නැවතත් බොහො වාරයක්  save  කිරීමෙන් ලැබෙන image  එක මුල් image  එක සමග සැසදිමත් , එම  image  දෙක අතර error rate එක සැසදිමත්. යම් හෙයකින් එම image එක එඩිට් කිරීමකට ලක්වී ඇත්නම මෙම error rate  එක ඉහල අගයක් ගන්නවා. නැත්නම් මෙම error rate එක ඉතා පහල අගයක් ගන්නවා. පසුව මේ අගයන් හි වෙනස දුශ්‍යමය ලෙස දක්වන්න පුළුවන්.

මේ තියෙන්නේ එවැනි software  එකකින්  එඩිට් කිරීමෙන් ෆොටෝ එකකට රුපයක් එකතු කල සහ එඩිට් කිරීමක් නොකළ මුල් ෆොටෝ එක  පරික්ෂා කිරීමෙන්  ලැබුන ප්‍රතිපල

ෆොටෝ  #5: එඩිට් නොකළ  ෆොටෝවෙහි ප්‍රතිපලය


ෆොටෝ  #6:  එඩිට් කල ෆොටෝවෙහි ප්‍රතිපලය 


ෆොටෝ # 6 හි ඇති රූපයේ  එම රේඛාවන් තද පැහැයෙන්  වඩා පැහැදිලිව දකින්නට ලැබෙනවා එහෙම වන්නේ, එය  එඩිට් කල ෆොටෝ එකක් නිසා ඇතිවන error  rate  එක වැඩි නිසයි. මේ පහත තියෙන ලින්ක් එකෙන් මේ සොෆ්ට්වෙයාර් එක ඔබටත් අත්හදා බලන්න පුළුවන්. 

දැන් ඉතින් අපි දන්නවා ඔය දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන් පෙනීසිටින ඡායාරුපයක් දුටු විට එය විශ්ලේෂණය කරන සරල ක්‍රම කීපයක්. මේ මගින් අපිට දැනගන්න පුළුවන් වන්නේ එම ඡායාරුපය එඩිට් කල එකක්ද? නැත්ද? යන වග මිස දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන් ඇති, නැති බව නොවන බව නැවත අවධාරණය කරමි.

පහත කරුණු ගැන සැලකිලිමත් වන්න 
ඔබ ගත්  ෆොටෝවක  සැබවින්ම එවැනි රුපයක් තිබුනොත් කිසි විටකත් එය එඩිට් කරන්න එපා. හැකි උපරිම විශාලත්වයෙන් (large image) එය අන්තර්ජාලයට එක්කරන්න.

ඔබ ෆොටෝ එක ගැනීමට පෙර මෙවැනි රුපයක් දැක එය ෆොටෝ ගන්නවා නම්, ඔබගේ කැමරාවේ RAW පහසුකම ඇත්නම්, RAW  image එකක විදිහට ෆොටෝව ගන්න.( RAW ගැන පසුව කතා කරමු )


පසු සටහන:

මෑත කාලයේ බොහෝ අවස්ථා වලදී ඉදිරිපත් වූ, මා නෙත ගැටුණු එවන් ඡායාරුප විශ්ලේෂණය කිරීමේදී පෙනී ගියේ ඉන් එකක් හැර,  අනිකුත් සියලුම ඡායාරුප එඩිට් කරන ලද ඒවා බවයි.  එම එඩිට් නොකළ  ඡායාරුපය පලකල අය  ඒ  ගැන කියා සිටියේ එහි දක්නට ඇති ආලෝකය, කාචය තුලින් ගමන් කිරීමේදී ඇති වූ ආලෝක ලපයක් ලෙස විශේෂ දැනුමක් ඇත්තකු විසින් කියන ලද බවමෙන්ම එය දුටු එම සිද්ධස්ථානයේ ස්වාමින් වහන්සේ නමක් කියා සිටියේ එය දෙවියෙකු ගේ සටහනක්  විය හැකි බවත්ය.  එම ෆොටෝ එකේ  ඇති ආලෝක ලපය දෙවියකුගේ පෙනිසිටිමක්ද ?  නැතිද ? යන්න කීමට මා නොදන්නා නමුත් එම ඡායාරුපය එඩිට් නොකළ අගනා ඡායාරුපයක්  බව පමණක් නොබියව කිව හැක. එම ඡායාරුපය මෙම පොස්ට් එකේ පල කිරීම සඳහා අදාළ පාර්ශවයන්ගෙන් අනුමැතිය  ලබා ගැනීමට ඉල්ලීමක් කලමුත් ඒ සඳහා  මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුන බැවින් එම ඡායාරුපය පල නොකරන ලදී. (අන්තර් ජාලයේ  පලවන ඡායාරුපයක් එය උපුටා ගත්  තැන සහ ශිල්පියා ගැන සඳහන් කරමින් පලකිරීමට නීතිමය බාධාවක් නොමැති මුත්,  එසේ නොකරන ලදී)

මෙවන් වූ ඡායාරුප මත බිහි  වන්නා වූ  ශ්‍රද්ධාවන්තයින්, තවත් කෙනෙකුන් විසින්  වෙනත් ආගම් කතුවරයකු මෙලෙස පෙනීසිටින ඡායාරුපයක් ඉදිරිපත් කළහොත් ඒ වෙතද ඇදී  නොයතැයි කවෙරකුට නම් කිව හැකිද? එබැවින් වඩා වැදගත් වන්නේ මෙවන් වූ දේ පසුපස ගොස් මංමුලා වීමට වඩා තම තමන් විශ්වාස කරන ආගම  ධර්මයන්හි  හරයන් කෙරේ වඩාත් නැඹුරු වීමයි.

Wednesday, July 12, 2017

ඩිස්කේ අම්මට ඩිස්කාරේ වෙන්නම DSLR එකෙන් මියුසික් වීඩියෝ කරමු ද?

ඩෙංගු හින්දා ගෙවල් දොරවල් සුද්ද කරන්න කියලා තියන හින්දා ඔන්න ඉතින් බොලොග්  එකත් පොඩ්ඩක් සුද්ද කරන්න කියලා මේ පැත්තේ ගොඩ උනා. ඉතින් නිකන්ම යන්න හොඳ නැති නිසා ඩිස්කේ අම්මට ඩිස්කාරේ කියලා DSLR කැමරාවකින් මියුසික් වීඩියෝ එකක් කරන්නේ කොහොමද කියලා පෝස්ටුවක් දෙකක්  දමන්න හිතුවා...
 
වැඩි කතා බහක් කරන්න කලින් මුලින්ම  වැඩේ බලලා ඉන්න. මේ මියුසික් වීඩියෝව කලේ මගේ හොඳම ගෝලයෙක්.  මේ  වීඩියෝ එකේ තියන වීඩියෝ කොලිටිය ගැන මුලින්ම හොඳ අවබෝධයක් ගන්න. ඊට පස්සේ වර්ණ සහ කැමරාව හැසිරවීම ගැන හොඳින් අවධානය යොමු කරන්න.


මෙන්න YouTube  ලින්ක් එක 





රූ ගත කිරීමේ අවස්ථා කිහිපයක්



වේශ නිරුපණ අවස්ථාවන්




මෙම ලිපි මාලාවෙන් මෙවන් වීඩියෝවක් කීරීමට ඇවැසි කරන කැමරා, කාච, සහ අනිකුත් උපකරණ මෙන්ම මෘදුකාංග හා ශිල්පීය කුසලතා පිළිබඳව සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බැවින් මෙම වීඩියෝව  නරඹා ඔබට විශේෂයෙන්  දැනගත යුතු දෙයක් ඇත්නම් ඒ පිළිබඳව කොමෙන්ට් මාර්ගයෙන් විමසන්න.

මෙම ලිපි මාලාවේ දෙවන කොටස බලාපොරොත්තු වන්න

Wednesday, October 14, 2015

වනජීවී ඡායාරුප කිහිපයක්

කිරලා මැනලා හදාපු කූඩුව පොස්ට් එක අවසන් කලේ මේ කිරල පැටවුන් බේරාගන්න කල මෙහෙයුම ගැන විස්තරයක් දානවා කියලා නේ. ඔන්න ඉතින් අද ඒ පොස්ට් එක ලියන්න කියලා හිතුවා. කරුමෙක මහත... ඒ පොස්ට් එකට  අදාළ පින්තුර ටික නැහැ. ඉතින් මක් කොරන්නද... වෙන දවසක ඒ පොස්ට් එක ලියනවා මිසක.


එහෙනම් ඒ පොස්ට් එක ලියනකම් මෙන්න මේ ෆොටෝ ටික බලන්න.  මම හිතන්නේ මේ ෆොටෝ කීපය ඔයගොල්ලන්ට පෙන්නන්න බැරි  උනා..









දැන් බොහෝ දෙනෙක් අතේ කැමරාව තියෙන නිසා සතුන්ගේ ෆොටෝ ටිකක් ගන්න උත්සාහ කලොත් නරකද?

Tuesday, May 27, 2014

රවුම් ලෙන්ස් එකෙන් හතරැස් ෆොටෝ වදින්නේ ඇයි?


පහුගිය දවසක මුණු පොතේදැක්කා,"රවුම් ලෙන්ස් එකෙන් හතරැස් ෆොටෝ වදින්නේ ඇයි?" කියලා දාපු ෆොටෝ එකක්. ඇත්තටම මේකේ විශාල පාඩමක් තියෙනවා.  මේක දැක්කාම තමයි මටත් මතක් උනේ පසුගිය ටිකේ ඡායාරුප කරණය ගැන කියාදීපු පාඩම් මාලාවේ අතහැරුණ දෙයක් ගැන. 

හොඳයි කාට හරි කියන්න පුලුවන්ද මේ ප්‍රශ්නෙට උත්තරේ? දැන් ඉතින් කියන්න එපා ෆොටෝ ප්‍රින්ට් කරන්නේ හතරැස් කොලවල කියලා. දැන් එහෙනම් අපි බලමු මොකක්ද මේකට හේතුව කියලා.

ඇත්තටම කියනවානම් ලෙන්ස් එකෙන් ලැබෙන ප්‍රතිබිම්බය රවුම් එකක්. මෙන්න මේ  පහල තියෙන රූපසටහන බලන්න.


 නමුත් මේරවුම් රුපයේ වඩාත්ම පැහැදිලි තාවයක් ඇත්තේ වෘත්තහි මැදට වන්නටයි වෘත්තයෙහි කෙලවරට යනවිට එහි පැහැදිලි බවෙහි අඩුවීමක් දකින්නට ලැබෙනවා. මෙය සිදුවන්නේ කාච වල ඇති දෝෂයන් නිසා. (මෙම කාච දෝෂ හැකි තරම් අවම කරලා තමයි නිෂ්පාදනය කරන්නේ.) එමනිසා ඡායාරුපය සඳහා යොදාගනු ලබන්නේ මෙම වෘත්තයෙහි සෑහීමකට පත්චිය හැකි තරම් පැහැදිලිතාවයක් ඇති මැද කොටස පමණි. මෙය   Circle of acceptable definition ලෙස හඳුන්වනවා.

මෙලෙස ප්‍රතිබිබය සාදන වෘත්තයෙහි සෑහීමකට පත්චිය හැකි තරම් පැහැදිලිතාවයක් ලබාදීමට ඇති හැකියාව කාචයේ Covering Power ලෙස හඳුන්වනවා. මෙම Circle of acceptable definition කොටසෙහි විශ්කම්භය සෙන්සරයේ නොඑසේනම් සේයාපටලයේ විකර්ණයට පමණට හෝ ඊට වඩා ස්වල්පයක් හෝ වැඩි වියයුතුය.

දැන් ඉහත රුපයේ ආකාරයට මෙම  Circle of acceptable definition කොටසෙහි සෙන්සරය පිහිටුවීමෙන් මෙම වෘත්තහිද කෙළවරවල් අතහැර දමා වඩා වැඩි පැහැදිලිතාවයක් ඇති කොටස පමණක් ඡායරුපයට ගත හැකි වෙනවා.

මෙන්න මේ පොඩි ක්‍රියාකාරකම කරලා බලන්න. ඔබ ළඟ ඇති කැමරාවෙන් කොටුරුල් කොලයක හෝ කුඩා අකුරු ඇති පොතක පිටුවක් ඡායාරුප ගත කරන්න. එය කල යුත්තේ මෙසේයි. ඔබට යෙදිය හැකි විශාලතම කාච විවරය යොදන්න. දැන්  ඔබට කැමරාව නාභිගත ( Focus) කල  හැකි අවම දුරට සකසා  එහි  සමීප ඡායාරුපයක් ගන්න. දැන් මෙම රුපය හොදින් නිරීක්ෂණය කිරීමෙන් එහිමැද කොටසට වඩා කෙළවරවල් වල පැහැදිලිතාවය අඩුබව ඔබට දැනගත හැකි වේවි.



Saturday, April 26, 2014

ෆෝකස් නොකර ෆොටෝ ගමුද?

මිට වසරකට පමණ කලින් ලියපු "-Focus  කරන්න අමාරුනම් මෙන්න උත්තරේ. Lytro - Light Field Camera" පොස්ට් එක මතකද? නැහැ නේද, කමක් නැහැ ඔය උඩ තියෙන ලින්ක් එක ක්ලික් කොරලා එකත් බලාගෙනම එන්න. ඇත්තෙන්ම අද කියන්න යන්නේ ඒ පොස්ට් එකෙන් කියලා දුන්න Lytro Light Field කැමරා එකේ අලුත්ම නිෂ්පාදනය වන Lytro Illum කැමරා එක ගැන.

ඉතින් කලින් පොස්ට් එකේ තියෙන මුල් කැමරාව මතකයි නේද හරියට අර දත් බෙහෙත් පෙට්ටියක් වගේ එක.

නමුත් දැන් බලන්න ඒ කැමරාව දියුණු වෙලා තියෙන ආකාරය. මේ අලුත් Lytro Illum කැමරා එක බොහෝ දුරට බ්‍රිජ් කැමරාවකට සමානයි. 





මේ Lytro Illum කැමරාවේ තියෙන්නේ 1/3" ප්‍රමාණයේ  සෙන්සර් එකක්.  දැන් ඉතින් මගෙන් අහන්න එපා මොකක්ද මේ සෙන්සර් එක කියන්නේ? කියලා. මේ ගැන සම්පුර්ණ විස්තරයක් මිට කලින් කරලා තියෙනවා. "කැමරාවේ Sensor Format  සහ Crop Factor" පොස්ට් එකෙන් එකත් ගොහින් බලාගෙන දැනුම අලුත් කරගත්තොත් හොඳා.

දැන් මේ කැමරාවට zoom ලෙන්ස් එකක් ඇතුලත් කර තියෙනවා. මේ  ලෙන්ස් එක DSLR කැමරාවක ඇති මි. මි 30 - 250 දක්වා වන zoom ලෙන්ස් එකකට සමාන වන එකක්. නමුත් හොඳින් මතක තියාගන්න මේ තියෙන ලෙන්ස් එකේ තියෙන්නේ  මි.මි. 30 - 250 ප්‍රමාණයේ නාභි දුරක් නොව ඊට වඩා අඩු නාභි දුරක් බව. නමුත් සෙන්සර් එකේ ප්‍රමාණයන් වල වෙනස නිසා තමයි මේ සමාන තත්වයන් පෙන්වන්න හැකියාව තියෙන්නේ.මේ ගැනත් "කැමරාවේ Sensor Format  සහ Crop Factor" පොස්ට් එකෙන් පැහැදිලි කරලා තියෙනවා.

මේ කැමරාව මෙගාපික්සල් 5 ක එකක්. ඒ පමණක් නොවේ බොහෝ ඩිජිටල් කැමරාවල ඇති ISO priority, shutter priority, සහ full manual shooting යන  modes ඇතුලත් කර තියෙනවා. මෙම කැමරාවේ දර්ශන තලය අගල් 4ක touchscreen LCD එකක් වන අතර එය  800×480 pixel resolution සහිත වෙනවා.එමෙන්ම මේ කැමරාවේ මුදුකාංග දැන් Android මතද භාවිතා කල හැකි වෙනවා.

ඉතින් මේ සියලුම දේවල් වලට වඩා විශේෂිත පසුකම  වන්නේ ඡායාරුපය ගැනීමේදී ෆෝකස් නොකර එය සටහන්  කරගෙන පසුව තමන්ට කැමති ස්ථානයක් ෆෝකස් කරගැනීමේ ඇති සුවිශේෂී හැකියාවයි.

මේ වසරේ ජුලි මාසයේ මේ කැමරාව වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතව ඇති අතර එහි මිළ ඩොලර් 1500 පමණ වනු ඇත. දැන් ඉතින් මේ කැමරාව මිල අධිකයි  කියලා මට බනිනවා එහෙම නොවෙයි.

Friday, April 18, 2014

ඡායාරුප තරගයක් ...


http://travel.nationalgeographic.com/travel/traveler-magazine/photo-contest/2014/rules/




සැම දෙනාටම සුභ නවවසරක් වේවා!


අද පොස්ට් එක ලියන්න හිතුවේ ඡායාරුප කරණය ගැන උනන්දුවක් ඇති යට පොඩි ඔත්තුවක් දෙන්න ඒ තමයි National Geographic එකෙන් පවත්වන ඡායාරුප තරගයක් ගැන


ඔය තියෙන පින්තුරය උඩ click කොරලා බලන්න. මේ තරගයට ඡායාරුප ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න.

මිට කාලෙකට පෙර සිංහල වෙබ් අවකාශයේ  ඡායාරුප ප්‍රදර්ශනයක්  පැවැත්වීමක් ගැන මා යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ ගැන උනන්දු අය ඉන්නවානම් මේ වසර තුල එය පවත්වමු නේද?


Tuesday, January 21, 2014

නවතම ඩිජිටල් කැමරාව.

මේ තියෙන්නේ සෝනි සමාගමෙන් නිෂ්පාදනය කරන ලද නවතම ඩිජිටල් කැමරාවයි. පේනවා නේද, දුටු පමණින් නම් ලෙන්ස් එකක්වගේ, නමුත් මේක ඩිජිටල් කැමරාවක්. මේ කැමරාවෙහි විශේෂත්වය වන්නේ මෙය ස්මාර්ට් ෆෝන් එකක් සමග භාවිතා කල යුතු වීමයි. එම නිසාම මෙය Smartphone Attachable Lense Camera ලෙස තමයි හඳුන්වන්නේ.

මේ කැමරාව WI-fi තාක්ෂණය මගින් Smartphone එක සමග සම්බන්ද කිරීමෙන් පසු ෆෝන් එක හරහා මෙය පාලනය කල හැකියි. එමෙන්ම මෙම කැමරාවට LCD screen එකක් නැහැ. ඒ වෙනුවට භාවිතා කරන්න වෙන්නේ ෆෝන් එකේ තිරය.


ඉහත රුප වල දැක්වෙන ආකාරයට මෙමෙ කැමරාව ෆෝන් එකට සවිකර හෝ වෙනමම තබාගෙන ඡායාරුප ගැනීම කල හැකි වෙනවා.

 මෙම කැමරාව මාදිලි දෙකකින් හඳුන්වා දී තිබෙනවා, Sony QX 100 සහ Sony QX 10 ලෙසට. මේ මාදිලි දෙකෙහි  වෙනස වන්නේ එහි ඇති ලේන්සයයි. QX 100 වර්ගයට ලොව ඉස්තරම්ම කාව වන Carl Zeiss ලේන්ස යොදා තිබෙන අතර එහි මිල ඩොලර් 500 ක් පමණ වන අතර, QX 10 වර්ගයටයොදා ඇති කාචය වන්නේ සෝනි කාචයයි. එහි මිල ඩොලර් 200 ක් පමණ වෙනවා.

Sony QX 100
Sony QX 10 
මේ පහල තියෙන්නේ එම කැමරා මාදිලි දෙකෙන් ගත් ෆොටෝ දෙකක්.

Sony QX 100 Sample Image
Sony QX 10 Sample Image


(මෙහි ඇති සියලුම ඡායාරුප අන්තර් ජාලයෙන් ලබාගත් බව සලකන්න.)


Monday, January 13, 2014

නොවරදවා බලන්න.....

අමිලගේ අලුත්ම අඩවියෙන් මා සිත් ගත් එක්සේයාරුවක්.
මේ ෆොටෝ එක බාගත්තේ අපේ අමිල නිරෝෂන් මලයා පටන් ගත්ත අලුත්ම ෆොටෝ බ්ලොග්  එකෙන්. මෙතනින් ගිනින් බලන්න මේ තියෙන්නේ ලින්ක් එක http://anwsphotos.blogspot.it/.

අමිල, මම ෆොටෝග්‍රෆි ගැන ලියන්න පටන්ගත්ත දවසේ ඉඳන් බොහොම උනන්දුවෙන් ෆොටෝග්‍රෆි ගැන ලියපු සැම පොස්ට් එකක්ම කියවපු කෙනෙක්. එමෙන්ම ඔහුට ගැටළු ඇතිවුන සමහර අවස්ථාවන් වලදී ඒ ගැන ඊමේල් මගින් පුද්ගලිකව අසා දැනගැනීමට කිසිසේත්ම පසුබට උනේ නැහැ. ඔහුගේ උනන්දුව සහ කැපවීම නිසාම අමිල මෙතරම් දුරක් ඡායාරුප ශිල්පය නම් මගේ ගමන් කරලා තියෙනවා.

මේ බ්ලොග් අඩවියේ තියෙන බොහොමයක් ඡායාරුප ඉතාම හොඳ තත්වයේ ඡායාරුප ලෙස මම දකිනවා. ඔහු හොඳ ඇසක් තියෙන කෙනෙක්. අපි සැම දෙනාම අමිලගේ මේ උත්සාහය අගය කල යුතු වෙනවා. සියලු දෙනාම නොවරදවා  මේ අඩවියට ගොඩවන්න. ඔබට ඉතා හොඳ ඡායාරුප එකතුවක් දකින්න පුළුවන්.

අමිල, ඔබට ඉතා දක්ෂ ඡායාරුප ශිල්පියෙක් වීමට ශක්තිය ලැබේවා කියා පතනවා.

Friday, December 13, 2013

බෝලයක ෆොටෝ එකක් ගනිමු ... ප්‍රායෝගික ක්‍රියාකාරකමක්


ෆොටෝ එක ගුගල් එකෙන්
ඡායාරුපකරණය ගැන ලිපි ගණනාවක් කියවීම නිසා, ඔබ සැමට මේ විෂය පිළිබඳව සැහෙන දැනුමක් තියෙනවා. අද  පොස්ට් එකෙන් ඉදිරිපත් කරන්න යන්නේ විශේෂ දෙයක්. ඒ  තමයි මේ විෂය ගැන උනන්දුවක් ඇති අයට කල හැකි ඉතා වැදගත් ප්‍රායෝගික ක්‍රියාකාරකමක්.

බෝලයක් අරගන්න. දැන් මේ බෝලය මේසයක් උඩින් තබන්න. දැන් ඔබ එම බෝලය දිහා සැම පැත්තකින්ම බලන්න. මොන පැත්තෙන් බෝලය බැලුවත් ඔබට දකින්නට ලැබෙන්නේ එකම ආකාරයේ දර්ශනයක්.  දැන් ඔබට කරන්න තියෙන්නේ මේ බෝලය එකිනෙකට වෙනස් ආකාර 8 කින් පෙනෙන ලෙස ඡායාරුපගත කිරීමයි.

ඔන්න වැඩේ මෙතෙක් කල් ඉගෙන ගත් දැනුම දැන් ප්‍රායෝගිකව පරික්ෂාකර බලන්න හැකියි. මේ සඳහා ඔබට ඕනෑම කැමරාවක් භාවිතා කරන්න පුළුවන්. මෙතැනදී වැදගත් වන්නේ ඔබ භාවිතා කරණ කැමරාව නොව ඔබ මේ සඳහා යොදාගන්නා තාක්ෂණයයි. මේ ප්‍රායෝගික දැනීම ඉදිරියෙදී   බොහෝ ප්‍රයෝජනවත් වෙනවා.


හැකිනම් ඔබ ගන්නා ඡායාරුප කමෙන්ට් වලින් ඉදිරිපත් කරන්න එවිට ඒ ගැන අපිට වැඩිදුර සාකච්චා කරන්න පුළුවන්

එහෙනම් දැන් වැඩේ කොරන එකයි ඇත්තේ.


Thursday, November 21, 2013

Food Photography


බ්ලොග් ලියන අපේ හිතවතුන් බොහෝ දෙනෙක්  ආහාර වර්ග හදන විදිහ ගැන පොස්ට් දමනවානේ. මට හිතෙන විදිහට ඒ අතින් මුල් තැනට ඉන්නේ  අපේ කුක්කු මාර හෙවත් මාරයා තමයි. මොනවා උනත් උගේ රෙසිපි නම් මාර රෙසිපි තමයි. 

 දැන් ඉතින් හැමෝම වගේ මේ කෑම ගැන උනන්දු වන එකේ මං තුමා විතරක් අහවල් දේකටද මේගැන නොලියා ඉන්නේ කියලා හිතුනා.ඔන්න එහෙනම් මමත් අත දැම්මා වැඩේට. හෝව්... හෝව්.. කලබොල වෙන්න කාරී නැහැ. මේ පොස්ට් එක ආහාර හදන හැටි කියලා දෙන්න නම් නෙවෙයි. ආහාර වර්ග ෆොටෝ අල්ලන හැටි කියලා දෙන්න. එහෙනම් වැඩේ පටාන් ගමු.

Food Photography කියන්නේ ඡායාරුප කලාවේ තවත් එක අංගයක්. මෙය වාණිජ ඡායාරුප කරණය යටතට ගන්න පුළුවන්. මේ අංශය දියුණු කලොත් හොඳ ආදායමක් එහෙමත් ලබන්න බැරි කමක් නැහැ.

Food Photography වල මුලික දේ වන්නේ අපි ගන්නා ඡායාරුපය ඉතා සජීවී ලෙස දැක්වීමයි. කොටින්ම කියනවානම් ෆොටෝ එක දැක්ක  ගමන් කටට කෙල ඇවිත් ෆොටෝ එක හරි කන්න හිතෙන්න ඕන.  ඉතින් මේ සඳහා අපි ඡායාරුප ගත කරණ වස්තුවට ඉතා හොඳ ආලෝක කරණයක් ලබාදෙන්න ඕන. ඒ තුලින් අපිට එම ආහාර වල නැවුම් බව ඉස්මතු කරලා පෙන්නන්න පුලුහන්.

ඒ වගේම වැදගත් අනිකුත් කාරණය වන්නේ ආහාර සකසන ආකාරයයි (arrangement) . මේ සැකසීමේදී ආහාර වල වර්ණ සමබර කරගැනීමද ඉතා වැදගත්. ඒ තුලිනුත් ඡායරුපයට විශාල බලපෑමක් කරන්න පුලුහන්.

මම දැකපු තවත් දෙයක් තමා,  බොහෝවිට ආහාර පිගානකට බෙදලා එයට ඉහලින් කෙලින්ම කැමරාව මානලා ෆොටෝ ගන්න එක. මේ තියෙන්නේ ඒ වගේ එකක්.


නමුත් මං තුමාගේ පුද්ගලික අදහස නම් ඉහත ආකාරයට ඡායාරුප ගැනීම ඉතරම් හොඳ මදි කියන එකයි. ඒ ඡායරුපයෙන් අපිට හැඟෙන්නේ නිකම්ම නිකම් කෑම පිගානක්. නමුත් කැමරා කෝණය වෙනස්කිරීම හෝ සම්පුර්ණ පිගාන වෙනුවට ඉන් කොටසක් පමණක් පෙනෙන ලෙස ඡායාරුප ගත කිරීම වඩා සාර්ථක බව මං තුමාගේ අදහසයි. මේ පහල තියෙන ෆොටෝ එක වඩා සාර්ථකයි නේද?


මේ පහල තියෙන ෆොටෝ කීපය බලන්න. මේ සැම ෆොටෝ එකක්ම DSLR එකකින් ඉතා හොඳ ලෙන්ස් එකක් සහිතව ගත්ත ඒවා.






මේ පහල තියෙන ෆොටෝ එක අරගත්තේ ෆෝන් කැමරා එකකින්. නමුත් ඒ ෆොටෝ එක ඉතා හොඳ තත්වයේ තියෙනවා.
ඒ නිසා, අනේ අපිට කොහින්ද DSLR කියලා හිතන්නේ නැතිව, තමන් අත තියෙන ඕනෑම කැමරාවකින් ෆොටෝ ගන්න උත්සාහ කරන්න. මං තුමා සැමදාම කියනවා වගේ ඔබව හොඳ ඡායාරුප ශිල්පියෙක් බවට පත් කරන්නේ ඔබගේ උනන්දුව, කැපකිරීම, දක්ෂතාවය වැනි කරුණු මිස ඔබ අත ඇති කැමරාව නොවන බව කිසි විටකත් අමතක කරන්න එපා.

Thursday, September 5, 2013

මොකක්ද මේ VR ?



ඔන්න ලමයි පොඩි විවේකයක් ඕනා කියපු නිසා විහිළු කතා දෙකක්ම දුන්නා, දැන් ඉතින් ආපහු අපේ ෆොටෝ පාඩමට යමු. පසු  ගිය දිනක  පල කල "zoom එක මදිද?" පොස්ට් එකට කොමෙන්ට් කරලා සෙන්නා අහල ප්‍රශ්නෙකුයි එයම මං තුමා දුන්න උත්තරෙයි මෙන්න තියෙනවා.


මේ ගැන පසුව පොස්ට් එකකින් පැහැදිලි කරන්නම් කීවට මං තුමාට එක අමතක වුනා. අද මට ඊයක් විදලා අමිල නිරෝෂන් මලයා මේ ගැන මතක් කරලා තිබුනා. මේ ගැන මතක් කලාට ඔබට බොහොම ස්තුතියි අමිල.

අපි බොහෝ විට ඡායාරුප ගන්නේ කැමරාව අතේ තියාගෙන (hand held) එවිට අඩු ද්වාර වේගයන් (slow shutter speed) භාවිතා කිරීමේදී, අපේ අතේ ඇතිවන සුළු සෙලවීමක් (camera shake) නිසා වුවද ඡායාරූපයේ පැහැදිලි තාවයට බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. මෙවැනි ඡායාරුප අපි blur image ලෙස හඳුන්වනවා. පහත ඇති ඡායාරුපය බලන්න.
camera shake දෝෂය සහිතයි.
දැන් අපිට ඇතිවන ප්‍රශ්නය තමයි කැමරාව අතේ තියාගෙන ෆොටෝ ගැනීමේදී camera shake දෝෂය නැතිව ෆොටෝ ගත හැකි  අවම ද්වාර වේගය (shutter speed)  කුමක් ද යන කාරණය. මේ අවම ද්වාර වේගය අපි භාවිතා කරණ කාචයේ නාභි දුර අනුව වෙනස් වනවා.  මේ සඳහා ඉතා සරල සමීකරණයක් තියෙනවා එය හඳුන්වන්නේ rule of thumb ලෙසයි.  එනම්

අවම  ද්වාර වේග =  1/ කාචයේ නාභි දුර 

 මි.මි. 18 කාචයක් භාවිතා කිරීමේදී  1/18 
 මි.මි. 50 කාචයක් භාවිතා කිරීමේදී  1/50 
 මි.මි.  100 කාචයක් භාවිතා කිරීමේදී  1/100 
 මි.මි. 300  කාචයක් භාවිතා කිරීමේදී  1/300

නමුත් පළපුරුදු දක්ෂ ඡායාරුප ශිල්පියෙකුට මිට වඩා අගයන් දෙකක් හෝ තුනක් පමණ පහලින් සිටින සේ ද්වාර වේග සකසා සාර්ථක ඡායාරුපයක් ගැනීමට හැකියාව තිබෙනවා.

මොකක්ද මේ VR  එහෙම නැතිනම් IS ලෙන්ස් කියන්නේ?

අපි ඉහත ඉගෙනගත්ත rule of thumb එකට අනුව දැන් අපි දන්නවා කාචය අනුව, කැමරාව අතේ තබාගෙන ෆොටෝ ගැනීමේදී යොදාගන්න ඕන කරණ අවම ද්වාර වේගය (shutter speed)  කුමක් ද කියා. මේ VR එහෙමත් නැතිනම් IS ලෙස හඳුන්වන්නේ කාචයට යොදා ඇති තාක්ෂණික ක්‍රමයක් මගින් මේ අවම ද්වාර වේගය (shutter speed)   තවත් දුරට අඩුකර දීමයි. VR  වලදී  සාමාන්‍ය අගයට වඩා අගයන් දෙකක් ද VR -II වලදී අගයන් හතරක් ද ලෙස ද්වාර වේගය අඩු කල හැකියි)

VR සක්‍රිය නොකර

VR සක්‍රිය කර
මෙම තාක්ෂනය  Canon හඳුන්වන්නේ   IS (Image Stabilization) ලෙස සහ Nikon හඳුන්වන්නේ   VR (Vibration Reduction) ලෙසයි. නමුත් මේ දෙකේම ඇත්තේ එකම තාක්ෂණයයි.  එනම් කාචය තුල ඇති එක ලෙන්ස් එකක් VR unit එකක්  ලෙස සකස් කර තිබීමයි. මෙහිදී  කැමරාවේ ඇතිවන සෙලවීම දැනගත හැකිවන මෝෂන් ඩිටෙක්ටරයක් මගින් එහි ඇතිවන සෙලවිමෙහි ප්‍රමාණය සහ දිශාව තීරණය කර ඒ අනුව එයට ප්‍රතිවිරුධව මෝටරයක් මගින් මේ කාචය චලනය කරවීමෙන්, සෙන්සරය මතට ලැබෙන ප්‍රතිබිම්බය ස්ථාවරව තබාගැනීමයි.




ඉහත තිබෙන flash applet එකේ තිබෙන play එක ඔබලා බලන්න. ඊට අමතරව මේ පහත තියෙන වීඩියෝ දෙක බලන්න, එවිත ඔබට මේ VR ක්‍රියාකරන ආකාරය ගැන හොඳ වැටහීමක් ලැබේවි.





  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...