Showing posts with label රස කතා. Show all posts
Showing posts with label රස කතා. Show all posts

Tuesday, January 16, 2018

යමරජු ගේ නඩු පොත


එක දිගටම ඡායාරුප ශිල්පය  ගැන කතා කරන්න ගියොත්, ඒ ගැන උනන්දුවක් නොදක්වන හිතවතුන්ට අසාධාරණයක් වෙයි කියලා හිතුන නිසා අද මේ කතාව කියවලා බලමු.

මිට කලින් මං  තුමා ළඟ තියෙන කඳුළු දුපතේ රජ කථා ඇතුලත් වටිනා පුස්තකයේ තිබුන කතා කීපයක් පල කලානේ.  මේ කතාවත් ඔය වටිනා දුර්ලභ පොතේ අවසාන හරියේ තියෙන කතාවක්. හොඳයි එහෙනම් කියවලා බලමු.

මිට කලින් පලකල කතාවල තිබුනේ කඳුළු දුපතේ රජකම් කල ජ.රා. ජරා ගැන කතා උනත් මේ  කතාවෙන් කියවෙන්නේ ඔය ජ.රා. රජාගෙන්  පස්සේ ජරාකම් වැරදුනා රජකම් කල රජතුමා ගැනයි. මෙයා  යුවරජ කලේ උන සිදුවීම මතක ඇතිනේ. මතක නැත්නම් මෙතනින් ගිහින් බලන්න . 

 ඔන්න ඉතින් මේ රජතුමා ගේ කාලයේ රටේ බොහොම කැරලි කෝලාහල තිබුනා. රට උතුරෙන් දකුණෙන් දෙපැත්තෙන්ම යුද්ධ වලට මැදි  වෙලා තමයි තිබුනේ. ඔය කොහොම උනත් මේ රජතුමාත් අත හැරියේ  නැහැ. උතුරු පැත්තේ යුද්ධ කරපු කණ්ඩායමට  අවශ්‍ය කරන අවි ආයුධ මදි වෙයි කියලා හිතුන මේ රජතුමා ඒ ගොල්ලන්ට ආයුධ  එහෙමත් දුන්නා. බලන්න අප්පා කොච්චර කරුණාවන්ත රජෙක්ද කියලා? තමන්ට විරුද්ධව සටන් කරන එකාටත් ආයුධ දෙන්න මොන තරම් උණුවෙන හදවතක් තියෙන්න ඕනෙද?  නමුත් දකුණු පැත්තේ සටන් කරපු උන්ට නම් කිසිම සමාවක් දුන්නේ නැහැ. ඇයි  අප්පා ඉතින් යුද්ධ කරන හැම එකා ගැනමත් හිතන්න බැහැනේ.



ඔයවගේ ඉතින් රටේ ජරාකම් වැරදුනා රජකම් කරගෙන යන අතරේ පන්සලක මොකක් හරි තිබුනොත් මල් වට්ටියක් අරන් ඉස්සෙල්ලම එතන ඇති. රටේ තිබුන හැම පන්සලකටම මල්වට්ටි අරන් යන්න මෙයා හරි හපනා නිසාම පුෂ්ප කුමාර රජතුමා නමින් තමයි මහා ජනයා මෙයාව හැඳින්නුවේ.

ඔය කවුරු මොනවා කිවත් කරුමේ කියන එක වලක්වන්න බැහැ  නොවැ. මේ රජතුමා බොහොම විශ්වාස කරගෙන තමන්ගේ පරිවාර මාලිගයක නවත්වාගෙන හිටපු කෙනෙක් හිටියා. මේ කෙනා ඔය කලින් කියපු උතුරු පැත්තෙන් යුද්ධ කරපු කණ්ඩායමේ කෙනෙක් බව කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. දවසක් මේ හාදයා කබල් බයිසිකලයක බෝම්බයක් බැඳගෙන රජතුමා විදි සංචාරය කරන වෙලාවක රජතුමා ළඟටම ගිහිම් මේ බෝම්බය පුපුරවලා ඒ රජතුමා ඝාතනය කලා. ඒ පිපිරුමෙන් මේ පුද්ගලයගේත් ජීවිතය නැති උනා.

ඔන්න දරුවනේ මේ කතාවේ පෙරවදන. ඊට පස්සේ තමයි කතාව සිද්ධ වෙන්නේ. ඔන්න ඒකත් බලන්නකෝ.

දැන්  මේ රජතුමා ගේ ආත්මය සුදු ඇඳුමක් ඇඳගෙන ,  අතේ සුදු මල් වට්ටියක් අරගෙන දිව්‍ය ලෝකය කරා ගමන් ගන්නා මාර්ගයේ සෙමින් සෙමින් රජකීය ලීලාවෙන් ගමන් කරනවා. මේ මාර්ගය එකතැනකදී දෙකට බෙදෙනවා. එක පාරක් දිව්‍ය ලෝකය කරා, අනික අපාය කරා. මෙතන එක්තරා  දේව දුතයෙක් ඉන්නවා. එයා අතේ රත්තරන් පොතක් තියෙනවා. මේ පොතේ දිව්‍ය ලෝකය කරා ගමන් කිරීමට සුදුසු අයගේ නම සටහන් වෙලා තියෙනවා. ඉතින් මෙතැනදී නම පරික්ෂා කරලා තමයි දිව්‍ය ලෝකයට පිටත් කරන්නේ. යම් හෙයකින් ඔය පොතේ නම තිබුනේ නැත්නම් ඉතින් අපායට තමයි.

දැන් අපේ පුෂ්ප කුමාර රජතුමා මේ කියපු දේව දුතයා ඉදිරියේ , දැන් දේව දුතයා මෙලෙස ප්‍රශ්න කරනවා.

තමාගේ නම මොකක්ද? මොනවද කරලා තියෙන පින්?

මගේ නම පුෂ්ප කුමාර  රජතුමා, මම කඳුළු දුපතේ හැම පන්සලකටම ගිහින් තියෙනවා. මල් පුජා කරලා තියෙනවා. රන් වියන් හදවලා තියෙනවා. තව කොච්චර පින් වැඩ කලාද, හාමුදුරුවරු ටයර් සැයේ ආදාහනය කරන්න අණ  දිලා තියෙනවා. ආ වැරදුනා..  ඒවා කලේ මම නෙවේ. 

හ්ම්ම්. .. පොඩ්ඩක් ඉන්න මේ පොතේ නම තියෙනවද බලන්න.,................  නැහැ,  නම නැහැ අර අනිත් පැත්තෙන් අපායට යන්න.

මොනවා! මගේ නම නැහැ. වෙන්න බැහැ. අනේ කරුණා කරලා තව  සැරයක් පොත බලන්න, මගේ නම ඇති.

දැන් මේ දේව දුතයා පොත නැවත පරික්ෂා කරයි.

නැහැ, නම නැහැ මම අපහු බැලුව. දැන් කරන්න දෙයක් නැහැ අර පාරෙන් අපායට යන්න.

අනේ එහෙම කරන්න එපා. ඔය පොතේ මොකක් හරි වැරදීමක් ඇති.

හ්ම්ම් මටත් දැන් නම් හිතෙනවා මෙතන මොකක් හරි වැරදීමක් වෙලා කියලා.

අන්න හරි, ඇයි ඔබ තුමා එහෙම කියන්නේ ?


නැහැ දැන් ටිකකට කලින් කිලුටු  ඇඳගත්ත මිනිහෙක් අවා කබල් කැඩුණු බයිසිකලයක් තල්ලු කරගෙන. ඒ මිනිහගෙන්  මොනවද කරපු පින් කියලා ඇහුවම  දුන්න උත්තරේ තමයි;

"අනේ අප්පි පින් කොරලා නේ ෂාමි...., මම මේ එකෙක්ට මොම්බයක් ගහල මරලා එන ගමන්"

ඒ උනාට ඒ මිනිහගේ නම මේ පොතේ ලොකුවට ලියලා තිබුනා.








කළු පටියද, සුදු පටියද? (18+)


කලින් පොස්ට් එකට කොමෙන්ට් එකක්  දාලා අපේ යසිත් මලයා කියලා තිබුනා "ඉස්සර වගේ කතාවක් ලියනකම් බලං ඉන්නේ..." කියලා. ඉතින් යසිත් කොලුවගේ ඉල්ලීම නිසා පොඩි කතාවක් ලියන්න හිතුවා.

මිට කලින් ලියපු කථාකරණ ගිරවා  පොස්ට් එක මතක ඇති නේද? කියවන්න  බැරි උන කට්ටිය ඉන්නවනම් ඔය ලින්ක් එකෙන් ගිහින් බලන්න. මේ කතාවත් ඒ වගේ කථාකරණ ගිරවෙක් ගැන තමයි.  එහෙනම් ඉතින් කියවලාම බලන්න කෝ.

ඔන්න ළමයිනේ එකමත් එක කාලෙක, එකමත් එක රටක, එකමත් එක නගරයක්  තිබුනා. මේ නගරයේ තිබුනා ප්‍රසිද්ධ සල්පිලක්. ඉතින් මේ සල්පිලේ එක තැනක සුරතල් සතුන් විකුණන කෙනෙක් ඉන්නවා. මෙයා ළඟ එක එක ජාතියේ සත්තු. බලු පැටවූ, පුස් පැටවූ, හාවෝ, ගිරවු ඔය මෙකි නොකී සත්තු හිටියා. මිනිස්සු වටවෙලා හිටියේ  මෙයා විකුණන සත්තු බලන්න විතරක්ම නෙවේ, මේ මනුස්සයා සත්තු ගැන කරණ වර්ණනාව අහන්නත් එක්ක.

ඔන්න දැන් මෙයා පෙන්නනවා එක ගිරවෙක්. මේ ගිරවාගේ එක කකුලක කළුපාට පටියක් ගැට ගහලා, අනිත් කකුලේ සුදුපාට පටියක් ගැට ගහලා.  දැන් ඉතින් මේ තැනැත්තා මේ ගිරා පෝතකයා ගැන වර්ණනාව.

"මේ  බලන්න මේ වගේ ගිරවෙක් කවදාවත්ම ගන්න ලැබෙන්නේ නැ..  අද විතරයි.. කවුද මේ ගිරවා මිලදී ගන්න වාසනාවන්තයා.  මේ බලන්න මේ ගිරවට භාෂා දෙකක් කතා කරන්න පුළුවන්. මේ කකුලේ බැඳලා තියෙන සුදු පටියෙන් අදිනකොට  ගිරවා කථාකරන්නේ සිංහලෙන්, කළු පටියෙන් අදිනකොට කථාකරන්නේ ඉංගිරිසියෙන්. එන්න බොරුනම් ඇදලා බලන්න..."

දැනේ මේක බලාගෙන හිටපු ගැනුම් කරුවෙක්  ඉදිරියට ඇවිත් මෙහෙම අහනවා..

"මම මේ සුදු පටියෙන් ඇදලා බලන්නද?"

"හරි හරි ඇදලා බලන්න මම බොරු කියලා සත්තු විකුනන්නේ නැහැ."

සුදු පටියෙන් ඇදලා   විතරයි  ගිරවා සිංහලෙන් කථා කරන්න ගත්තා.. ගැනුම් කරුට  සතුටුයි. නමුත් මෙයාට හිතුනා අනිත් පටියෙනුත් ඇදලා බලන්න ඕන කියලා.

"ෂා මරුනේ ...මම මේ කළු  පටියෙනුත්  ඇදලා බලන්නද?"

"බලන්න, බලන්න එතකොට ඉන්ගිරීසියෙන්  කතාකරනවා" 

කළු  පටියෙන් ඇද්දා  විතරයි   ගිරවා ඉංගිරිසියෙන්  කථා කරන්න ගත්තා.. දැන් ගැනුම් කරුට හරිම සතුටුයි. ගිරවා ගන්න අදහස් කරපු ගැනුම්කරු දැන් මෙහෙම අහනවා.

"ඈ.. මුදලාලි මම  එකපාරට මේ පටි දෙකෙන්ම ඇද්දොත් මෙයා කථාකරන්නේ මොන භාෂාවෙන්ද?"

මෙහෙම ඇහුවා විතරයි, ගිරවා එකපාරටම අත්තටු ගහලා කියනවා..

"ඈ.. බෝල බුරු හු**,  කකුල් දෙකෙන්ම අද්දහම මම හිටගෙන ඉන්නේ *කෙන්ද ?"






ගණිකා මඩමේ Audit එක (18 ++)


Audit කියන්නේ විගණනය එහෙමත් නැත්නම ගණන් පරීක්ෂණය කියලා කියන්න පුළුවන්. සෑම ආයතනයකම  එහි සිදුවන මුලය කටයුතු විගණනය කිරීමකට ලක්වෙනවා. අද මේ කියන්න යන්නේ එක්තරා ආයතනයක සිදුවුන අපුරු විගණනයක් ගැන. එහෙනම් ඉතින් කියවලා බලන්න.

ඔන්න එක්තරා ගණිකා ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක් හිටියා.  දැන් ඉතින් තොත්ත බබාලා වගේ මගෙන් අහන්න එපා "ගණිකාවක් කියන්නේ මොකක්ද?" කියලා එහෙම. දන්නෙම නෑතිනම්  ඔය ලින්ක් එක ඔබලා එතනට ගොහින් බලාන එන එකයි ඇත්තේ. මේ ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන යන තැනැත්තිය හඳුන්වන්නේ මැඩම් කියලා. මේ මැඩම් කලේ සේවා සපයන්නියන් දෙතුන් දෙනෙක්  තියාගෙන මෙතනට එන ගණුදෙනු කරුවන්ට සේවා සැපයීම. මේ වෙනුවෙන් නිශ්චිත මුදලක් අය කලේ නැහැ. ගණුදෙනු කරුවන් සතුටු වෙන ප්‍රමාණය අනුව මුදලක් මැඩම් අතට ලබාදීම තමා සිදුවුනේ. දවස අවසානයේ වැඩි කොටසක් මැඩම් තියාගෙන බොහොම සුළු මුදලක් මේ සේවා සපයන්නියන් වෙත ලබා දීම සිදු වුනා.

ඔන්න එක දවසක් මේ මැඩම්ට අත්‍යාවශ්‍ය කාරණයක් වෙනුවෙන් නගරයෙන් පිට යන්න සිදුවුනා. එක දවසක් හරි ව්‍යාපාරය වහලා පාඩු සිදුකරගන්න මැඩම් කැමති වුනේ නැහැ. නමුත් මෙතන පාලනය බාර දීලා යන්න විශ්වාස කටයුතු කෙනෙකුත් නැහැ. ඉතින් අවසානයේ මැඩම් කල්පනා කළා එදා දවස පාලනය මෙතන සේවා සපයන්නියන් වෙතම බාර දෙන්න ඕන කියලා. එහෙම කල්පනා කරපු මැඩම් මේ අයට මෙහෙම කියනවා

"ළමයි අද මට වැඩකට යන්න වෙනවා, මෙතන අද ඔය ලමයි හොඳට  බලාගන්න ඕන. ගණුදෙනු කාරයන් හොඳින් සතුටු කරලා හැකි තරම් මුදල් ලබාගෙන ඒවා නිවැරදිව ගණන් හිලවු පොතක ලියලා මට හෙට බාර දෙන්න ඕන. සල්ලි එහෙම හොරකම් කරන්න හිතන්න එපා.."

ඔහොම අවවාද කරපු මැඩම් තමන්ගේ ගමන පිටත් වුනා. දැන් තමයි වැඩේ. ඔන්න ඉතින් ගණුදෙනු කාරයෝ එනවා , උවමනා වැඩේ කරගෙන අහවර වෙලා මුදල් දීලා යනවා.  කොහොම හරි එදා එතරම් ගණුදෙනු කාරයෝ හිටියේ නැහැ. එදා දවසටම ගණුදෙනු කාරයෝ  4 දෙනයි. නමුත් මුදල් රුපියල් 16665/- එකතු වෙලා තිබුනා. 

අද තමයි මේ ළමයි බිස්නස් එකේ හැටි දැනගත්තේ. දැන් ඉතින් කට්ටිය කතාව.

"අනේ බලන්න අද හිටියෙත් 4 දෙනයි ඒ උනාට 16665/- ක් ලැබිලා. අනිත් දවස් වල මැඩම් කොච්චර හොයනවා ඇතිද, ඒ උනාට අපිට දවසකට දෙන්නේ රු.1000/- විතරයි."

දැන් තව කෙනෙක් මෙහෙම අදහසක් දෙනවා.

" අපි මේකෙන් රුපියල් 10000/- තියාගෙන මැඩම්ට ඉතිරි 6665/- දෙමු"

දැන් ඉතින් මේ අය රුපියල් 10000/- යටිමඩි  ගහගෙන බෙදාගත්තා. දැන් ඉතින් පහුවදා උදේම මැඩම් ඇවිත් අහනවා .

"ලමයි... ඊයේ බිස්නස් කොහොමද?"

"ආ මැඩම් මේ තියෙන්නේ ඊයේ ලැබුන සල්ලි රු 6665/- ක්"

"මොනවා.... මෙච්චර ද?"

"ඔව් මැඩම්.. ඊයේ වැඩි  දෙනෙක් ආවේ නැහැ.."

"වෙන්න බැහැ.. මට බොරු කරන්න එපා.. මිට වඩා වැඩි වෙන්න ඕන.. "

"නැහැ මැඩම් ඇත්තමයි.. මෙච්චරයි ලැබුනේ"

නමුත් මැඩම්ගේ පළපුරුද්දෙන් දන්නවා මේක කීයටවත් වෙන්න බැහැ කියලා. දැන් ඉතින් මැඩම් ඔඩිට් එක පටන් ගන්න ලැස්ති වෙලා, කොලයක් පෑනක් අරගෙන  මේ අයගෙන් මෙහෙම අහනවා.

"උඹලා මට බොරු කරන්න එපා.. දැන් මම අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න ඕන.  මේ ප්‍රශ්න අහලා මම ගණන් හදාලා හරියටම කියන්නම් ඊයේ ලැබුන ගණන..."

ඔය විදිහට කියපු  මැඩම් දැන් මෙහෙම ප්‍රශ්න අහනවා 

"ඊයේ කී දෙනක් ආවද?."

"හතර දෙනයි මැඩම්"

දැන් මැඩම් කොලය අරගෙන් මේ විදිහට බෝල හතරක් ඇඳ ගන්නවා.



"ආපු උන් හතර දෙනාම යහතින් ගියාද?"

"අනේ ඔව් මැඩම්, හොඳට සලකලා යැවුවා..."

දැන් මේ මැඩම් අර බෝල හතරට පහලින් අපහු බෝල හතරක් අඳිනවා මේ විදිහට 



"හ්ම්.. දැන් කියනවා බලන්න මේ හතර දෙනා එනකොට ආපු විදිහ..."



ඔය පින්තුරේ තියෙනවා වගේ ඇඟිල්ලක් කෙලින් උස්සලා පෙන්නලා කීවාලු..

"අනේ මැඩම් හතර දෙනාම එනකොට නම් ඔය වගේ කෙලින් කරන්  තමයි ආවේ.."

දැන් මැඩම් අර කොලේ අරගෙන හතර දෙනා ආපු හැටි මේ වගේ සටහන් කර ගත්තා..



"එහෙනම් කියමු බලන්න යනකොට ගිය විදිහ.."

"හොඳට සැලකුවානේ මැඩම්, යනකොට ඔයවගේ පහල දාගෙන තමයි ගියේ.."

දැන් ඒ හතර දෙනා ගිය විදිහත් කොලේ මේ විදිහට සටහන් කර ගත්තා..


 දැන් ඉතින් ඔඩිට් එක ඉවරයි. ඊයේ ලැබුන ගණන දැනගන්න තමයි තියෙන්නේ, ඒ  වෙනුවෙන්  මැඩම් කලේ මෙන්න මේ විදිහට පොඩි ගණිත කර්මයක් ගොඩනගපු එකයි.






දැන් එහෙනම් එකතු කරලා බලන්න මැඩම් ගේ ඔඩිට් එක හරිද කියලා.

Wednesday, April 17, 2013

මස් කඩේ බෝඩ් ලෑල්ල

අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා ලියන පොස්ට් එක නිසා සැමෝටම සුබ නව වසරක් වේවා! මත්තලින් ගුවන් ගත වීමට හැකිවේවා! කියලා ප්‍රර්ථනා කරලම වැඩේ පටන් ගන්නවා.

අපේ චන්දන මලයා "බුරු වෙළදාම" කියන පොස්ට් එක බලන්න ඇති නේද? බැලුවේ නැති අය ඉන්නවනම් ඔය දීලා තියෙන ලින්කුවට කොටලා බලා එන්නකෝ. ඒ කතාවෙන් ඉතා අපුරුවට කියවෙනවා, සැමදෙනාගේම උපදෙස් වලට කන්දීලා, ඒවා කරන්න ගියාම වෙන අබග්ගේ. මේ ඉතින් අවරුදු කාලේ හින්දා බොහෝ උපදෙස් ලැබෙනවා. මං  තුමා නම් පොඩි කාලේ ඉඳන්ම කලේ ලැබෙන උපදෙස් ඔක්කොම අහන් ඉඳලා, ඒවා ගානකට නොගෙන  මං  තුමාට ඕන කරන දේ කිරීමයි. 

මේ කතාවත් ඉතින් හැමෝම දෙන උපදෙස් අහන්න ගිය කෙනෙක්ට උන් අබග්ගයක් ගැන තමයි, මේ කතාව බොහෝ දෙනෙක් අහලා ඇති, නව පරපුරේ උදවිය සමහර විට අහලා නැතිවත් ඇති. කොහොම උනත් කියවල බලලා මතකය අලුත් කරගන්නකො.

ඔන්න එකෝමත් එක කාලයක තම්බි කෙනෙක් මස් කඩයක් කරගෙන ගියා. ඉතින් ඔහොම මේ කඩය කරගෙන යන අතරේ  මෙතනට එන ගනුදෙනු කාරයෝ මෙහෙම කියන්න ගත්තා.

"මොකද තම්බි මේ මස් කඩේ බෝඩ් ලෑල්ලක් වත් හයි කරන්නේ නැත්තේ,  බෝඩ් ලෑල්ලක්  දාන්නකෝ"

මේ කතාව අහපු තම්බි කල්පනා කරා මේ කියන්නේ ඇත්ත තමයි, මේකට හොද ලස්සනට බෝඩ් ලෑල්ලක්  හයි කරන්න ඕන කියලා. එහෙම හිතපු අපේ තම්බි මුදලාලි මේ වගේ බෝඩ් ලෑල්ලක්  අන්දලා කඩේ සවි කරා.


දැන් ඉතින් තම්බි මුදලාලිට හරි සතුටුයි. බොහොම උජාරුවෙන් කඩේ වැඩ කරගෙන යනවා. දැන් මේ බෝඩ් ලෑල්ල දැක්ක ගනුදෙණු  කාරයෙක් මෙහෙම කියනවා;


"මොකක්ද තම්බි මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ, තමුසේ ඉතින් සිංහල දන්නා එකක් යෑ, මෙහි හොඳ මස් විකිණීමට  තිබේ කියන්න ඕන නැහැ නේ, මොකද කඩේ නැතිව තමුසේ ගෙදරත් මස් විකුණනවද? ඔය බෝඩ් එකේ මෙහි කියන වචනේ ඕනේම නැහැ."

තම්බි මුදලාලියත් කල්පනා කරා ඇත්ත නේන්නම් මේ මනුස්සයා කියන්නේ කියලා. එහෙම හිතලා තීන්ත ටිකක් අරගෙන බොඩ් එකේ මෙහි කියන වචනය කපලා දැම්මා. දැන් බෝඩ් ලෑල්ල තියෙන්නේ මේ විදිහට.


මේ බෝඩ් එක  දැකපු තවත් ගනුදෙණු  කාරයෙක් මෙහෙම අදහසක් දෙනවා;

" ආ මුදලාලි.. බෝඩ් එකක් දාලා තියෙන්නේ... ඇත්තටම තමුසෙට පිස්සුද, හොඳ මස් විකිනීමට තිබේ කියලා දාන්න, ඇයි  ඔයි මෙච්චර දවසක් තමුසේ වික්කේ නරක මස් ද?"

මේ කතාව ඇහුවා විතරයි තම්බියගේ ඉහ මොළ රත් වුනා. කැපුවා බෝඩ් එකේ තියෙන හොඳ කියන වචනය 
දැන් ඉතින් හරි 

ටික වෙලාවක් යනකොට තවත් කෙනෙක් ඇවිත් මෙහෙම කියනවා ;

"මොකද තම්බි තමුසේ මේ කඩේ එළවලු එහෙමත් විකුණනවද? මස් විතරනේ විකුනන්නේ. ඉතින් මස් විකිනීමට තිබේ කියන්නේ මොන එහෙකටද?"

මුදලාලිත් කල්පනා කරා ඇත්ත නේනම් මේ මිනිහා කියන්නේ, මේ මස් කියන වචනේ බෝඩ් එකට ඕනේ නැහැ. ඔන්න ඉතින් කලින් වගේම මස් කියන කොටසත් කැපුවා.


තවත් ටික වෙලාවක් යනකොට අපු කෙනෙක් මෙහෙම කියනවා;

"මොකද තම්බි මේ විකිණීමට තිබේ කියලා බෝඩ් එකක්, තමුසේ නොමිලයෙත් දෙනවද?"

තම්බි මුදලාලියා කල්පනා කරා, ඇත්ත නේන්නම් මම කවදාවත් නිකන් මස් දෙන්නේ නැහැ නේ, එහෙම හිතලා කැපුවා  විකිණීමට  කියන වචනෙත්. දැන් ඉතින් බෝඩ් එක මේ වගේ;



මේ විදිහට බෝඩ් එකේ වෙනස්කම්  කරපු තම්බි අන්තිමේදී ඔලුව කස කසා බෝඩ් එක දිහා බල බලා ඉන්නවා හැමෝටම දකින්න ලබුනාලු.


Monday, April 8, 2013

කථාකරන ගිරවා (18 ++)


එකෝමත් එක කාලෙක  උන සිදුවීමක් තමයි අද මං  තුමා කියන්න යන්නේ.  මේ කතාව අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් නිසා පොඩිහිටියෝ  මේ කතාව කියවීමෙන් වැලකි සිටිය යුතුය. මෙහෙම අනතුරු හැඟවීමක් කළා කියලා උන් මේක නොබලා ඉඳීවිද?  හොඳයි දැන් එහෙනම් මේ කතාව කියවලා බලමු.

ඔන්න එකෝමත් එක කාලෙක එකෝමත් එක ගෙදරක ගිරවු ජෝඩුවක් ඇතිකළා. මේ දෙන්න ඔය පේනවා වගේ බොහොම නිදහසේ තමයි මේ ගෙදර ජිවත් උනේ. කවදාවත් කුඩු කලේ නැති උනත් මේ දෙන්නත් කිසිම දවසක මේ ගෙදර සීමාවෙන්  පිට පියාඹා ගියේ නැහැ. මේ ගිරවු දෙන්නාටම ඉතාම හොඳට කථා  කිරීමේ හැකියාවත් තිබුන අතර මේ දෙන්නා හරියටම නිවුන්නු වාගේ, පෙනුමෙන් එක සමානයි.

මේ ගෙදර හිටිය කොලු ගැටයෙක්, දන්නවනේ ඉතින් කොල්ලන්ගේ හැටි.... මේ කොලුවත් ඒ වගේ තමයි, ඕනේ නැති දෙයක් නැහැ. දැන් මේකාට තියෙන එකම ආසාව තමයි මේ ගිරවු දෙන්නගෙන් පිරිමි සතා මොකාද  කියලා දැනගන්න එක.  මේ උනන්දුව නිසාම මේ කොලුවත් ගිරවු  දෙන්න දිහා ඇහැ  ගහගෙනම තමයි හිටියේ.  

ඔන්න ඔහොම ඉන්න අතෙරේ දවසක් මේ කොලුව දැක්කා මේ ගිරවු දෙන්නා පෙම් සුව විඳින හැටි. දැන් මේකාට හරිම සතුටුයි,  පැනපු ගමන් අල්ලා ගත්තා උඩ  හිටපු ගිරවා. එහෙම අල්ලාගෙන කියනවා.

"ඇ ... බන් ගිරවෝ,  උඹ මෙච්චරකල්  මට හොරෙන් ඔය වැඩේ කලත් අද අතටම අහු උනා."

දැන් කොල්ල තමන්ටම මෙහෙම කියා ගන්නවා.

"මම දැන් මේකාව අත  හැරියොත් මුන් දෙන්නම එක වගේ නිසා අපහු මට මේ පිරිමි සතා අඳුනා ගන්න බැරි වෙනවා. .. හ්ම්ම් .. මොකද කරන්නේ ?... "

ඔය විදිහට කල්පනා කරලා එයට  විසඳුමක් විදිහට මේ ගිරවාගේ බෙල්ලේ   පටියක් බැඳලා අත  හැරියා. දැන් ඉතින් ඕන වෙලාවක පිරිමි සතා අඳුනා ගන්න පුළුවන් බෙල්ලේ  පටියක් තියෙන නිසා.

ඔය සිද්ධියෙන් පස්සේ ගිරවා නම් හිටියේ ටිකක් හිතේ අමාරුවෙන්, මොකද ඉතින් වැඩේ කරනකොට අහු උනානේ.  දැන් ඉතින් ඔය විදිහට කාලය ගෙවී  ගෙන යනවා. ඔය අතරේ  දවසක්  අපේ මේ කොලුවාට ඉන්ටර්විව් එකකට යන්න සිදු උනා. ඉතින් මේ කොලුවත් හොඳට ඇඳ  පැළඳගෙන ටයි පටියක් එහෙම බෙල්ලේ එල්ලාගෙන ගෙදරින් එලියට බැස්සා, ඉන්ටර්විව් එකකට යන්න හිතාගෙන,  ගෙදර දොර ගාවම තියෙන ගිරා කුඩුවේ හිටපු ගිරවා, මෙයාව  දැක්ක ගමන් ඔලුව හරවලා හොඳට බලල මෙහෙම කිවලු.

"ආ... හා... ඔයාත්   *කලා  අහු උනා නේද? "

**** මේ පොස්ට් එක කියවපු අය කළු පටියද? සුදු පටියද? (18+) පොස්ට් එක අනිවා කියවන්න... *****


Friday, February 15, 2013

රජාගේ පෙට්ටිය


මේ කතාවත් ඉතින් අර මං තුමා ළඟ තියෙන  කඳුළු දුපතේ රජ කතා කියන වටිනා පොතෙන් සොයා ගත්ත එකක් තමයි. ඔන්න ළමයිනේ මුලින්ම කියන්නේ මේ කතාව ඔය වෙන රටවල් වල රජවරුන්ට ගවා ගන්නවා එහෙම නෙවේ.

ඔන්න ඉතින් අර අපේ කඳුළු දුපතේ රජකම් කල ප්‍රසිද්ධ නාකි රජතුමා මැරෙන්න කලින් අපායට ගියානේ, යම රජතුමා යාලු  කරගන්න. කියවන්න බැරිඋන අය මෙතනින් කියවන්න. ඉතින් ඒ වැඩෙත් හරිගියේ නැති නිසා මෙයා  මැරෙන්න හරිම බයෙන් තමයි හිටියේ. මොකද ඉතින් මරුනයින්  පස්සේ, කොරපු වැඩ වල හැටියට ආයේ  ඉතින් අපායෙන් ගැලවීමක් නැහැ කියලා දන්නවනේ. ඔන්න ඔහොම මරණයට බයෙන් ඉන්න වෙලාවක එක පුරෝහිත කෙනෙක් මේ රජතුමාට මෙන්න මෙහෙම අදහසක් දෙනවා.

"මහා රජතුමනි ඔබ තුමා  අහලා තියෙනවා නේද අර  Snow White  ගේ කතාව.?"

"ඔව්, ඉතින් මොකද එක මේ වෙලේ මතක් උනේ."

"රජ තුමනි, ඔබ තුමත් ඒ වගේ විදුරු වලින් මිනී පෙට්ටියක් හදවන්න, ඔබ තුමා මැරුණම එකේ දාලා කැලේ ගිහින් තියන්න කියලා අණ  කරන්න, කවුරු හරි කැලේදී  ඔක දැකලා ඔබ තුමාට උම්මා එකක් දුන්නම ඔබ තුමාට පන එනවා, එතකොට අපහු මෙහෙ ඇවිත් රජකම් කරන්න පුළුවන්නේ. කොහොමද මගේ ටිකිරි මොලේ?"

පුරෝහිතලගේ ලණු  ගිල ගිල හිටපු මේ නාකි රජා, මේ ලනුවත් හුටස් ගාලා ගිල්ලා. දැන් රටේ ඉන්න දක්ෂම විදුරු භාණ්ඩ නිෂ්පාදන ශිල්පියා  කැඳවලා ඔහුට මෙහෙම උපදෙස් දෙනවා.

"තමා  මට විදුරු වලින් මිනී පෙටිටියක් හදන්න ඕනේ. මේ පෙට්ටිය ඉතාම ලස්සනට වගේම මගේ රජකීය විලාශයට ගැලපෙන විදිහට හදන්න ඕනේ, මගේ මිනිය මේකේ තැන්පත් කලාම, මහා ජනතාවට හොඳට පෙන විදිහට තියෙන්න ඕනේ'

"හොඳයි රජ තුමනි මේ සඳහා සති දෙකක කාලයක් අවශ්‍ය වන අතර, මේ අපුරු නිර්මාණය ඔබ තුමා වෙනුවෙන් කිරීම සඳහා වෙනමම කුටියක් අවශ්‍ය වෙනවා."

"ඔබට ඇවැසි සියලුම පහසුකම් රජයෙන් ලැබෙන අතර සති දෙකකදී මේ මිනීපෙට්ටියේ සියලු වැඩ නිමකළ යුතුය"

දැන් ඉතින් අපේ මේ ශිල්පියා  බරටම වැඩ. ඔන්න ඉතින් සති දෙකක ඇවෑමෙන් වැඩ කටයුතු අවසන් කල බව රජ තුමාට දැනුම් දුන් අතර , රජ තුමා මේ මිනි පෙට්ටිය තබා ඇති තැනට පැමිණ එහි අලංකාර නිමාව ගැන මෙම ශිල්පියාට ප්‍රසංශා කරමින් ඒ ගැන තොරතුරු මේසේ විමසයි.


"ෂා.. බොහොම ලස්සනට වැඩේ කොරලා තියෙනවා"

"එහෙමයි රජ තුමනි"

"වටේටම විදුරු නේද?"

"එහෙමයි, වෙඩි නොවදින විදුරු"

"බොහොම හොඳයි,  අර මොකක් ද පැත්තකින් හේත්තු කොරලා  තියෙන්නේ"

"රජ තුමනි,  ඒ මෙම පෙට්ටියේ විදුරු පියන"

"ඉතින් මොකද එකේ අර වයිපර් එකක් හයි කොරලා  තියෙන්නේ"

"රජතුමනි, එක ඔටෝ වැඩ  කරන වයිපර්  එකක්... ඔබ තුමාගේ  දේහය පෙට්ටියේ තැන්පත් කරලා පියන වැහුවම වතුර වගේ දෙයක් වැටුනොත් මේක ක්‍රියාත්මක වෙලා පිහ දැමෙනවා"

"ඇයි  මෝඩ මිනිහෝ, එහෙම වෙන්නේ කොහොමද? රාජකීය දේහය මහජනයාට ප්‍රදර්ශනය කොරන්නේ මණ්ඩපයක තැන්පත් කොරලානේ"

"ඒ උනාට රජ තුමනි, ඔබ තුමාගේ මිනිය බලන්න එන හැම එකාම මේකට තු.... තු... කියලා කෙල ගහනවනේ"



Thursday, February 7, 2013

හලාල් සහ පවුල් සැලසුම් (18++)


මුසල්මානු ජනගහනය වැඩිවීම ගැන කරපු රහසිගත සමීක්ෂණයක   තොරතුරු මං  තුමාට දැනගන්න ලැබුනේ ඉතාම විශ්වාස කටයුතු මාර්ගයකින්.  මේ ක්‍රමය අනුගමනය කිරීම තුලින් ඕනෑම ජන කොට්ටාශයකට ඉතා සීග්‍ර  ජනගහන වර්ධන වේගයක් අත්කරගත හැකි බව මං  තුමා ගේ විශ්වාසයයි. එහෙනම් මේ  සමීක්ෂණය ගැන කියවලා බලමු.

එක්තරා මුසල්මනු ජනගනය අධික වගේම වර්ධන වේගය වැඩි ගමක් තමයි මේ සඳහා තෝරාගෙන තියෙන්නේ. එහෙම තෝරාගෙන මේ ගමේ ඉන්න අවුරුදු 18ට ඉහල හැමෝටම පවුල් සංවිධාන ක්‍රම ගැන අපේ මේ කස්ටිය දේශනා එහෙම පවත්වලා පුංචි පවුල රත්තරන් කියලා සංකල්පයක් එහෙම දීලා, පවුල් සංවිධාන උපකරණ විදිහට කොන්ඩම් නොමිලයේ බෙදා දීලා, පාවිච්චි කරන පිළිවෙල එහෙම කියල දීලා  තියෙනවා. 



ඊට පස්සේ මේ ගම ගැන නිතරම සෙවිල්ලෙන් ඉන්න පවුල් සංවිධාන නිලදාරීන් දෙන්නක් යොදවලා අවශ්‍ය සැම  විටකම නොමිලයේ කොන්ඩම් බෙදා දෙන ලෙස උපදෙස් දීලා තියෙනවා. මේ විදිහට කටයුතු කරලා අවුරුදු දෙකක් විතර ගියහම අපේ සමීක්ෂණයක කණ්ඩායම සංගණනයක් අරගෙන බලනකොට වර්ධන වේගයේ වැඩිවීමක් මිස කිසිම අඩුවක් දකින්නට ලැබිලා නැහැ. ඉතින් සම්පුර්ණ වැරැද්ද පටවල තියෙන්නේ අර පවුල් සංවිධාන නිලදාරීන් දෙන්නට තමයි.

"ඔය දෙන්නා නිකන් ඉඳලා පඩි අරගෙන තියෙන්නේ.. අපේ උපදෙස් පිළිපැදලා නැහැ.  කොන්ඩම් බෙදා දීම නිසි පරිදි කරලා තිබුනානම් මේ ගමේ වර්ධන වේගය අඩු වෙන්න ඕනේ"

ඔන්න ඔය විදිහට ඉහල නිලධාරීන් මේ දෙන්නට තදින් දොස් පවරලා තියෙනවා. ඔය වෙලේ මේ දෙන්න මෙහෙම තමයි කියල තියෙන්නේ.

"නැහැ සර්, අපි රාජකාරිය හරියටම කළා. ඉල්ලන ඕනෑම වෙලාවක නොමිලයේ කොන්ඩම් නිකුත් කළා. අපි මේ ගොල්ලෝ රැස්  කරලා අපහු නිවැරදි ලෙස කොන්ඩම් භාවිතය ගැන උපදෙස් දීලා ටිකක් කතා කරලා බලමු "

ඔය සාකච්චාවෙන් පස්සේ අපහු සැරයක් අර මුලින්  වගේ හැමෝම ගෙනල්ලා පවුල් සංවිධානයේ වටිනාකම ගැන නැවත පැහැදිලි කළා. ඊට පස්සේ මේ දේශනය පැවැත්වූ කෙනා මෙහෙම අහනවා.

"ඔය ගොල්ලන්ට අපි කියන දේ තේරෙනවද  ?"

"ඔව් සැර්, අප්පිට යොඳට තෙරුන්නා..."

"එහෙනම් කියන්න ඕගොල්ල අපි දුන්න කොන්ඩම් පාවිච්චි කරාද?"

"අප්පෝ ඔව් සැර්"

"අපිට කියන්න  බලන්න කොහොමද මේ කොන්ඩම් පාවිච්චි කරන්නේ කියලා"

"අප්පෝ සුළු දෙයක් නේ  සැර්,  පැකැට් යෙක   කඩලා කෙන්දොම් යෙක එලියට ගන්නවා, ඊට පස්සේ කතුරක් ගන්නවා. ඊට පශ්ශේ   යෙකේ කොන කප්පලා පාවිච්චියට ගන්නවා"





Thursday, January 31, 2013

අපොයි මගේ ඇ* (18+)


වෙනියා ගේ  යාන්තමින් බේරා ගත්...  කියන පොස්ට් එක කිවපු ගමන්, මතකයන් අතරේ සැඟවී ගිය මෙම මහා අනර්ඝ කතාවස්තුව නැවත මකයට පැමිණුනා.  ඉතින් කියවලම බලන්නකෝ.


කඳුළු දුපතේ ජ.රා. රජාගේ කථාවස්තු නම් පැරණි වටිනා පුස්තකයෙන් සොයාගත් තවත් කථාවස්තුවක් තමයි අද ඉදිරිපත් කරන්නේ. මේ කතාව ඔය ජ.රා. රජාගේ  යුව රජ කෙනෙක්ට උන අබග්ගයක් ගැන කියවෙන එකක්. මේ  කතාවත් ඔය බොහෝ ඇසු පිරූ තැන් ඇති උදවිය දන්නා කතාවක් උනත් කියවලම බලන්නකෝ, මේක ඔය ඔරිජිනල් පොතෙන්මයි උපුටාගත්තේ.

ඔන්න ළමයිනේ මේ ජ.රා. රජා  රාජ්‍යය විචාරන සමයේ, රජු සහ රාජ  සභාවේ සියලුම උත්තමයන් පරසක්වල යවා රජකම පැහැර ගැනීමට විශාල කුමන්ත්‍රණයක් සිදුඋනා. මේ කුමන්ත්‍රන කරුවන් යොදපු උපක්‍රමය තමයි, රජා  සිංහාසනාරූඩව ඉන්න වෙලාවක  රාජ සභාවට බෝම්බයක් දමා ගැසීම. ඔය කුමන්ත්‍රන කරුවන් ගැසූ බෝම්බය, මේ පින්වත් රජාගේ බල මහිමය නිසාම පිපිරෙන්නේ නැතිව වෙනත් තැනකට පොලා පැන්නා.  ඔය සිංහලෙන් බම්ප් වෙනවා කියන්නේ, අන්න එහෙම වෙලා යුවරජතුමා ලගට වැටිලා පිපිරුණා. මේ පිපුරුමෙන් බරපතල ලෙස තුවාල උන යුවරජ තුමාව, වහාම දඬු මොණර යානයකින් රාජකීය රෝහල වෙත ගෙනගියා.

දැන් රාජකීය ඩොකාලා  ටික බරටම වැඩ මුගේ පන බේරගන්න. ඔන්න එතකොට එක ඩොකෙක් දැක්කා මෙයාගේ අර ඇට සෙට් එක හුටස් වෙලා කියලා. දැන් ඉතින් මේකට කොහොම හරි ඔය එකක් බද්ධ කොරන්න  ඕනේ නේ. එත් දෙය්යනේ මොන යකා ද  ඕකක් පරිත්‍යාග කරන පින්වතා. ඉතින් සෙට් එකක් හොයාගන්නම බැරි උනා. නමුත්  ඩොකාලා  ටිකත් වැඩේ අත  හරියේ නැහැ. කොහොම හරි වෙටෙක්  හොයාගෙන කෝල් එකෙක් දීල මෙහෙම කියුවා.

" මචං, අපේ  යුවරජ ගේ ඇට සෙට් එක නැහැ... ගැලපෙන එකක් හොයාගන්නත් බැහැ. අනේ මචෝ කොහොම හරි ඔය බල්ලෙක්ගෙ සෙට් එකක් ගලවලා එවපන්"
දැන් ඉතින් හැරෙන තැපෑලෙන් බලු ඇට  සෙට් එකක් රාජකීය රෝහලේ. ඔපෙරෂන් එක ෆුල් සක්සෙස්. මාස කීපයකට පස්සේ අපේ යුවරජා සනීප වෙලා මේ ඩොකාලා  ටිකට පාටියක් දෙන්න ලෑස්ති කළා. ඉතින් මේ ඩොකාල  ටික පාටියට  ආවෙලේ යුවරජ එක්ක මෙහෙම කතාවක් උනා.

"කොහොමද දැන් සැප සනීප යුවරජ තුමණි.."

"බොහොම ස්තුතියි, ඔයගොල්ලන්ගේ කැපකිරීම  නිසා මගේ ජීවිතය බේරුණා..., නමුත් පොඩි  ප්‍රශ්නයක් තියෙනවා"

ඒ මොකක්ද යුවරජ තුමනි?"

"අනේ මන්දන්නේ නැහැ.. ඔය චූ කරන වෙලාවට මගේ එක කකුලක් ඉස්සෙනවා"


*** ගණිකා මඩමේ ඔඩිට් එක (18 +++) මෙතනින් බලන්න ***

Thursday, January 24, 2013

මම පොලිසියට දුන්න හැටි ...



මට මේ කතාව මතක් උනේ ච්මී4යු ගේ "පොලිස් නිලධාරියෙකුට දුන්න දවස " කියන පොස්ට් එක කියවන කොට. ඉතින් මම කොමෙන්ටුවක් එහෙම දාලා අවා "අයියෝ මල්ලි මම එක පාරක් රුපියල්  40/- දීල බේරුනා. මේ ගැන පොස්ට් එකක් දාන්නම්." කියලා. ඉතින් ඒ කොමෙන්ට් එකට ප්‍රතිචාර එහෙමත් ලැබුනා. ඒ පැත්තේ ගිහිල්ල ඒවා බලාගත්තොත් හොඳයි.

මේ සිද්දිය උනේ  ඔය "හයි වේ"  අරින්න මාස කීපයකට කලින්. අපි ගෙදර කස්ටිය ඒ කියන්නේ  මගේ බිරිඳ, කොලුවෝ දෙන්නා සහ මං  තුමා කොළඹ ඉඳන් ගාල්ල බලා ගමන් කරනවා.  ඉරිදා දිනයක් නිසා පාරේ වැඩි වාහන තද බදයක් තිබුනේ නැහැ.  මමත් ටිකක්   වේගයෙන්  වහනය පදවාගෙන ගියා කියමුකෝ.  ඔන්න දැන්  අපි අම්බලන්ගොඩත් පහුකරගෙන ගියා. දැන් පාරේ බලු බල්ලෙක් පෙන්න නැහැ මම තවටිකක් වේගය වැඩිකරා .

" හරි.. තාත්තේ හරි තව ටිකක්"

"ලොකු පුතා, ඔයා තාත්තට නිදහසේ කාර්  එක එලවන්න දෙන්න.. මොන හදිස්සියක්ද?"

හොරැහින් මගේ බිරිඳ දෙස බලපු මම ඒ කතාව ඇහුනේ නැහැ වගේ තවත් ටිකක් වේගය වැඩිකරා. දැන් මම නිතිය ඉදිරියේ වැරදිකරුවෙක් මොකද මගේ වේගය පැ. / කි.මි. 85 ක්.  මෙහෙ යන්න පුළුවන් උපරිම වේගය පැ. / කි.මි. 70 නේ.

" හරි.. තාත්තේ 90 ට ගමු "  පොඩි එකා පිටිපස්සෙන් 

" නැහැ.. අද පාර  හිස් 100ට අල්ලන්න" 

"මේ තාත්තලයි පුතාලයි කවදාවත්ම හදන්න බැහැ" 

" හරි.. තාත්තේ 90 යි.....  95යි ....  හරි හරි "  මුන් දෙන්නට පිටිපස්සේ ඉඳන් ෆුල් චුන්.

දැන් මට ඈතින් නවත්තල තියෙන කහපාට බස් එකෙක් පෙනෙනවා. මේ බස් එක අද්දන්න කලින් ඉස්සර කරන්න කියලා හිතාගෙන මම තවත් ටිකක් වේගය වැඩිකලා  දැන් 97 යි.  ඒ එක්කම speed meter   එකක් අරගෙන කොස්සෙක් පාරට පැනලා අත  දික් කළා. එතකොට තමයි මට තේරුනේ අර බස් එකත් high-speed  ඇවිත් අල්ලපු එකක් කියලා. මම කාර් එක අයින් කරලා නවත්තල බැහැල කොස්ස හිටපු දිහාට ඇවිදගෙන ගියා. 

"ෂා  මරු  නේ වාහන  එලවන වේගය.  නැවත්තුවෙත් තව හැතැප්මක් විතර ගිහින්... මහත්තයා දන්නවද මේ පාරේ යන්න පුළුවන් වේගය ?"

"ඔව් රාළහාමි 70 නේ"

"ලජ්ජා නැතිව කියන ලස්සන. දන්නවද තමා අපු වේග කීයද  කියලා ?"

"අනේ රාලහාමි වාහනේ එලවනකොට ඔය මීටර් බල බල එලවන්නේ නැහැ  නේ"  

මමත් ගොනා පාට්  එකේ උත්තරයක් දුන්නා. එතකොට මු මට උගේ ස්පීඩ් මීටර් එක දික් කරලා පෙන්නලා කියනවා 

" මෙන්න බලන්න 81 යි. 11 ක් වැඩියි"  

හුටා 97 ට  අපු මගේ ස්පීඩ් එක 81 වෙන්නේ කොහොමද? මෙතන වෙන අවුලක්  බව  මට තේරුනා.

"පිස්සුද රාළහාමි ඔය මීටරේ වැරදියි මම අවේ 70ට වඩා අඩුවෙන්, කමක් නැහැ මම දැන් ඕක දැක්කනේ දැන් මීටරේ 0 කරලා පෙන්නන්න."

" සාජන් මහත්තයෝ මේ බලන්නකෝ මෙයා  කියනවා මීටරේ වැරදිලු. යන්නකෝ අර සාජන් මහත්තයා ට ගිහින් කියන්න "

මට දැන් වැඩේ තේරුනා. මුගේ මීටරේ වැඩ කරන්නේ නැහැ. 81ට තියාගෙන එන එන එකාගෙන් ගාන කපනවා. මීටරේ 0 කරන්නේ  නැහැ.  මුන් කොහේද  මාව තම්බන්නේ.  ඔහොම හිතමින් මම සාජන් ළඟට ගියා. මු මගේ ලයිසන් එක ඉල්ලගෙන අතේ තියාගෙන ඉන්නවා. 

" හරි හරි සාජන් මහත්තය මම වරද පිළිගන්නම් මීටරේ 0 කරන්න  බලන්න"

"නෑ  ඕනේ නැහැ, මහත්තය  අපි මේක ගොඩින් බේරාගමු."

"හ්ම්,  එහෙනම් ලයිසන් එක දෙන්න මම යන්නම්"

"එහෙම කොහොමද මහත්තය, ලයිසන් එක දෙන්නේ... නඩු දාන්න තමයි වෙන්නේ"

" හොඳයි නඩු දාන්න... "

"එහෙම හරි නැහැනේ, මහත්තයල නිකන් රස්තියාදු වෙනවනේ ..." 

හනේ මුගේ සත්ව කරුණාව.  මට දැන් යකා නැග්ගා. 

"මේ සාජන් මහත්තයෝ .. එක්කෝ දඩ කොලයක් දෙන්න, නැත්නම් උසාවි දාන්ඩ, එහෙම නැතිනම් මගේ ලයිසන් එක දෙන්න මාව මෙතන රස්තියාදු කරන්නේ නැතිව . මම දන්නවා ඔයගොල්ල කරන වැඩේ, වැඩකරන්නේ නැති මීටර් එකක් ගෙනල්ලා. නඩු දැම්මොත් හරි දඩ කොලයක් දුන්නොත් හරි මමත් අත  හරින්නේ නැහැ"

ඔහොම කියුව විතරයි සාජන් කාරයා ලයිසන් එක මගේ අතේ තිබ්බ. එහෙම තියලා;

"ඔන්න මහත්තයෝ මගේ යුතුකම ඉෂ්ටකලා. මෙතන අපි දෙන්නෙක් ඉන්නවනේ, මහත්තයත් අපිට පොඩි සපෝර්ට් එකක් දීලා යන්න."

ඔන්න බලළා මල්ලෙන් එලියට පැන්නා . 

"ආ ... එහෙම කියන්න එපැයි, මගේ පර්ස් එක කාර් එකේ මම එතනට යන්නම් අර රාලහාමිව  එතනට එවන්න"

"හොඳයි  මහත්තයා.. පේන්න  දෙන්න එපා ගුලි කරලා එයාගේ අතේ තියන්න... දන්නවනේ අද කාලේ  හැටි.. අපි දෙන්නෙක් හින්දා සාධාරණ ගානක් දෙන්න "

දෙන්නම් මම තොපිට සාධරණ ගානක් කියල හිතල කාර් එක ලඟට ගිහින්  රුපියල් 10 කොළ 4 ක්  අරගෙන සාජන්  කියපු විදිහට බොහොම පොඩියට ගුලි කළා.  දැන් කොස්ස මගේ ළඟ.  මම අත  මිට මොලවල රු 40 උගේ අතේ තියලා මෙහෙම කියුවා.

"රාලහාමි සාජන් මහත්තය කියුවා දෙන්නටම සාධාරණ ගානක් වෙන්න දෙන්න හැබැයි පෙන්න දෙන්න එපා කියලා.  මෙතන කොළ 4ක් තියෙනවා ඔහොමම සාක්කුවේ  දා ගෙන පස්සේ  දෙන්නා බෙදාගන්න"

තැන්කිව්....,   තැන්කිව්, මහත්තයා කියල කොස්සා එක  සාක්කුවේ ඔබා ගත්තා. 




Monday, January 21, 2013

අල්ලස් දීම සහ *කේ ඇරීම



ඔන්න මම බිසවුන් වහන්ස *ක තියෙනවද? කියලා ලියපු කතාවෙන් ඔය කඳුළු දුපත නමින් ප්‍රසිද්ධ වුන රටේ හිටපු බොහොම බලසම්පන්න යයි කියාගත්ත  රජ කෙනෙක් ගැන කියුවනේ. මේ කතාවත් එයාගේ වැඩක් ගැන තමයි. මේකත් බොහොම පැරණි කථාවස්තුවක් නිසා සමහර දෙනෙක් අහලා ඇති.  කොහොම උනත්  හැමෝම මේ කතාවත් කියවලා බලන්නකෝ.

අපේ මේ ජරාතුමා වැරදුනා.. වැරදුනා... (මෙයා  ගැන කියන කොට කියවෙන්නෙම ඔය වචනේ ) රජ තුමා රජකම් කරන කාලේ රටේ බොහොම කලබල,  කුමන්ත්‍රණ ආදිය තිබුනා. ඉතින් ඔය හේතුවෙන්ම යුවරජ තනතුරේ හිටපු තුන් දෙනාගෙන් දෙන්නෙක්ම අකාලයේ පරලොව යන්න උනා. රජා ටත් මේකට බොහොම දුකයි. මොකද කියනවනම් ඔය ඉතිරි උන යුවරජාට රජකම දෙන්න මෙයාගේ කිසිම කැමැත්තක් තිබුනේ නැහැ.  දැන් ඉතින් කොරන්න දෙයකුත් නැහැ, මගෙන් පස්සේ රජකම පවරන්න වෙන්නේ මේ ඉතිරි උන එකාට උනත්, මම රජ වෙලා ඉන්නකල් මූට කොරන්න පුළුවන් ඔක්කොම කෙනහිලි කම් ටික කොරන්න ඕනේ කියලා මේ නාකි රජා  හිතාගත්හා.

ඔන්න ඔහොම ඉන්නකොට  දවසක්  රෑ හීනෙන් මේ රජාට අර පරලොව ගිය යුවරජ කෙනක් පෙනිලා මෙහෙම කියනවා.

"රජ තුමනි මම දැන් ඉන්නේ අපායේ... මෙහෙ යමරජ තුමා ඔබ තුමා ගැන බොහොම තරහෙන් ඉන්නේ... ඔබ තුමා මැරිලා මෙහේ  අවොත් එහෙම බඩුම තමයි. ඉක්මනට මොනවා හරි කරන්න"

හීනෙන් බයවෙච්ච රජා දාඩිය දාගෙන නැගිට්ටා. දැන් හොඳටම බයවෙලා මේකෙන්  ගැලවෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා.  දැන් රජාගේ කපටි මොලයට මෙහෙම අදහසක් පහල වෙනවා.

"මම මැරිලා ගිහින් අපායේ ඉපදුනොත් නේ වැඩේ වෙන්නේ... ඊට කලින් මම අපායට  රාජකීය සංචාරයක් ලස්තිකොරලා ගිහින් යම රජ්ජුරුවන්ට පගාවක් එහෙම දීලා යාළු  කොරගන්නවා." 

ඔහොම හිතපු රජා අපායේ  සංචාරයට ලෑස්තිවෙලා, යම රජ්ජුරුවන්ට ගෙනියන දැකුම් කදේ ගෙනියන්න ඕනේ මොනවද කියලා තනිවම කල්පනා කොරණකොට  හිතුනා;

"අපායේ   fresh fruits  නැතිව ඇති.. මොනවද ගෙනියන්නේ.. ආ මේ රඹුටන් වාරේ  නේ හොඳ රඹුටන් ටිකක් ගෙනියන්න ඕනේ"

ඔන්න ඔහොම හිතලා බොහොම රසවත් මල්වානේ  පැණි රඹුටන් පාර්සලයක් එහෙම අරගෙන අපායේ විසිට් එකක් ගියා. මේ බව දැනගෙන හිටියේ අර දැන් පන පිටින් ඉන්න යුවරජා විතරයි. ඔන්න දැන් අපේ රජා අපායට  ගිහිල්ලා යමරජු ඉදිරිපිට.

" පස්වාන් දහසකට බුදු වෙන්න යම රජ තුමනි... ඔබ වහන්සේ  බැහැ දැක මේ දැකුම් කද පුදන්ට අවසර....."

" ඈ බෝල  ජ.රා.  රජෝ ... උඹ කොරන දේවල් වලට කොහොමත් එන්නේ මෙහෙ තමයි.. ඊට කලින් මොකද බෝල මේ හදිසියේ."

"අනේ යම රජ තුමණි.. එහෙම කියන්නට එපා. ඔබ තුමත් රජා, මමත් එහෙට රජා.. ඉතින් 
රජාලගේ හැටි දන්නවනේ.. ඕවා අමතක කොරලා  දාන්න ... මම මේ පොඩි තෑග්ගක් එහෙමත් ගෙනාවා."

මේක කියපු ගමන් යම  රජ තුමාට යකා නැග්ගා.

"ඈ  බොල  ජ.රෝ.   තෝ හිතුවද මට පගාව දෙන්න. හිටු තොට පාඩමක් උගන්නන්න පගාව දෙන්නට ආවට .."  ඔහොම කියලා යම පල්ලෙක්ට මෙහෙම අණ  කළා.

"මේ නරයාගේ සරම ගලවලා.. මුනින් අතට බුදි කරවපිය .  ඊට පස්සේ මේ මට පගාව දෙන්න ගෙනාපුවා එකෙන්  එක මුගේ *කෙන් අස්සට ඔබපිය  කටෙන් එලියට එනකල්ම"

කොහොමද සැප.., දැන් අර රඹුටන් ඔක්කොම අපේ රජාගේ අධෝමුඛයෙන් ඇතුල් කරලා, රජාව  අපහු මේ ලෝකෙට  එවුව .  දැන් නැවතත් රජා තමාගේ රජ මාලිගයේ. දැන් ඉතින් වේදනාව ඉවසගන්න බැහැ. මෙහෙම ඉතාම වේදනාවෙන්  ඉන්නකොට අර යුවරජ එනවා.  යුවරජා දැකපු ගමන් රජා  හිතනවා හිටු මම තොටත් ගේමක් දෙන්නම්, මම විතරක් මොකටද පරිප්පු කන්නේ කියලා.

"ආයුබෝවන් රජ තුමණි... කොහොමද ගමන?..  මොකද නිකන් මුණ හරි නැහැ වගේ... ගිය වැඩේ හරි ගියේ නැතිද?...."

"ඔව් බන් යම  රජ්ජුරුවෝ මට හොඳටම දොස් කිවා. අනාගතයේදී රජ වෙන්න ඉන්න යුවරජු එක්කගෙන අවේ නැහැ කියලා.. ගියගමන් උඹවත් එහෙ විසිට් එකකට එවන්න කිවා"

"හොඳමයි රජ තුමනි, මම වහාම විසිට් එකක් දාන්නං "  ඔහොම කියපු යුවරජු විසිට් එක දන්න කියල හිතාගෙන රජුට ආචාර කරලා පිටත් වෙනකොටම රජතුමා මෙහෙම කියපි.

"ආ... එක නෙවේ තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා ... යමරජු කියුවා  දූරියං කන්න හරිම අසයි කියලා."

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...