අද මම ලියන්න හිතුවේ ඩිජිටල් ඡායාරුප වල බොහෝ විට දක්නට ලැබෙන භූතයන් , දෙවියන්, එලි, පිළිම සහ වෙනත් අත්භූත රුප ගැන.
දැන් අපි කෙටිගෙන් දැනගත්තා ශ්‍රද්ධාව කියන්නේ කුමක්ද සහ එහි ඇති ප්‍රබේධ ගැන . ඒ වගේම ප්රාතිහාර්යය ගැන ධර්මයේ සඳහන් වන කරුණු ගැනත් ටිකක් බලමු. බුදුරජාණන් වහන්සේ, ප්රාතිහාර්යය කොටස් තුනකට බෙදා දක්වනවා.
- ඍධි ප්රාතිහාර්යය
- ආදේශනා ප්රාතිහාර්යය
- අනුශාසනා ප්රාතිහාර්යය
මෙයින් ඍධි ප්රාතිහාර්යය යනු සිත දියුණු කිරීම මගින් අහසින් ගමන් කිරීම, පොලවේ කිමිදීම, ජලයේ ඇවිදීම වැනි ප්රාතිහාර්යයන් පෑම වන අතර, ආදේශනා ප්රාතිහාර්යය ලෙස දක්වන්නේ සිත දියුණු කිරීම මගින් අන් අයගේ සිත් කියවීමයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දෙආකාරයේම ප්රාතිහාර්යය අගය කිරීමක් නොකළ අතර අනුමත කරනු ලැබුවේ තුන් වෙනුවට සඳහන් කළා වූ අනුශාසනා ප්රාතිහාර්යය හෙවත් ධර්මය දේශනා කිරීම මගින් අන් අයගේ සිත් වල පරිවර්තනයක් ඇතිකරලීමයි. මෙයට ඇති හොඳම උදාහරණය නම් දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කල අවස්ථාවයි. උන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය මුලින් පිළිනොගත් පස්වග තවුසන් හට ඒ බව වටහා දුන්නේ ධර්ම දේශනාව තුලින්මයි.
දැන් අපි ප්රාතිහාර්යය යනු කුමක්ද? සහ එයින් වඩා වැදගත් වන්නේ කුමක්ද යන කරුනු ගැනත් කෙටියෙන් දන්නවා. එහෙනම් අපිට පළමුවෙන් හිතන්න වෙන්නේ මේ ඡායාරුප වල සටහන් වන සමහර රුප ඉහත කියූ ප්රාතිහාර්යය වර්ග තුනටම අයත් නොවන බවය. එනම් එවැනි රුප ප්රාතිහාර්යයන් නොවන බවය.
ඉතාමත්ම සරල ක්‍රමය :
හොඳින් බලන්න අන්තර්ජාලයට ලබාදී ඇති ෆොටෝ එකේ ප්‍රමාණය. (image size) ඔවුන් එඩිට් කල ෆොටෝ සැමවිටම අන්තර්ජාලයට එක් කරන්නේ කුඩා ප්‍රමාණවලින් (small image size) ඔය ආකාරයෙන් කුඩා ෆොටෝ ලබාදෙන්නේ එඩිට් කිරීමේ දෝෂයන් සඟවන්න.
තවත් සරල ක්‍රමයක් :
මුලින්ම මේ සඳහා එම ෆොටෝ එක down load කරගත යුතු වෙනවා, ඉන්පසුව මේ ෆොටෝ එක Photoshop හෝ එවැනි වෙනත් Image Editing Software එකක් මගින් open කරන්න. දැන් එම ෆොටෝ එක 700% - 800% පමණ විශාල කරන්න . දැන් මෙම image එක එඩිට් කල එකක් නම් එම එඩිට් කිරීමෙන් ඇතුල් කල කොටස් වල sharp edges මෙන්ම, එඩිට් කිරීමේදී ඇතිවන සුළු දෝෂයන් මනාව දකින්නට පුළුවන්, එඩිට් නොකළ ෆොටෝවක් නම් එලෙස sharp edges දකින්නට ලැබෙන්නේ නැහැ, ක්‍රමයෙන් වෙනස්වෙන වර්ණ සහිත පික්සල් තමයි දකින්නට ලැබෙන්නේ. එමෙන්ම එක්කල කොටසේ සහ අනිත් කොටස් වල පික්සල් ගහනතාවයේ (density) වෙනසක් දකින්න පුළුවන් පහත උදාහරණය බලන්න.
මෙම ෆොටෝ වල විශාල ප්‍රමාණය මෙම ෆ්ලිකර් පිටුවෙන් බලන්න
තවත් ක්‍රමයක් :
මේ සඳහා වන තවත් ක්‍රමයක් තමයි Error level analysis කියන්නේ. මෙහිදී කරන්නේ එම ෆොටෝ එක JPGE image එකක් විදිහට දන්නා වූ අගය අඩු කිරීමකින් නැවත නැවතත් බොහො වාරයක් save කිරීමෙන් ලැබෙන image එක මුල් image එක සමග සැසදිමත් , එම image දෙක අතර error rate එක සැසදිමත්. යම් හෙයකින් එම image එක එඩිට් කිරීමකට ලක්වී ඇත්නම මෙම error rate එක ඉහල අගයක් ගන්නවා. නැත්නම් මෙම error rate එක ඉතා පහල අගයක් ගන්නවා. පසුව මේ අගයන් හි වෙනස දුශ්‍යමය ලෙස දක්වන්න පුළුවන්.
මේ තියෙන්නේ එවැනි software එකකින් එඩිට් කිරීමෙන් ෆොටෝ එකකට රුපයක් එකතු කල සහ එඩිට් කිරීමක් නොකළ මුල් ෆොටෝ එක පරික්ෂා කිරීමෙන් ලැබුන ප්‍රතිපල
ෆොටෝ #5: එඩිට් නොකළ ෆොටෝවෙහි ප්‍රතිපලය
දැන් ඉතින් අපි දන්නවා ඔය දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන් පෙනීසිටින ඡායාරුපයක් දුටු විට එය විශ්ලේෂණය කරන සරල ක්‍රම කීපයක්. මේ මගින් අපිට දැනගන්න පුළුවන් වන්නේ එම ඡායාරුපය එඩිට් කල එකක්ද? නැත්ද? යන වග මිස දෙවියන්, භූතයන්, යක්ෂයන්, ප්‍රේතයන් ඇති, නැති බව නොවන බව නැවත අවධාරණය කරමි.
පහත කරුණු ගැන සැලකිලිමත් වන්න
ඔබ ගත් ෆොටෝවක සැබවින්ම එවැනි රුපයක් තිබුනොත් කිසි විටකත් එය එඩිට් කරන්න එපා. හැකි උපරිම විශාලත්වයෙන් (large image) එය අන්තර්ජාලයට එක්කරන්න.
ඔබ ෆොටෝ එක ගැනීමට පෙර මෙවැනි රුපයක් දැක එය ෆොටෝ ගන්නවා නම්, ඔබගේ කැමරාවේ RAW පහසුකම ඇත්නම්, RAW image එකක විදිහට ෆොටෝව ගන්න.( RAW ගැන පසුව කතා කරමු )
පසු සටහන:
මෑත කාලයේ බොහෝ අවස්ථා වලදී ඉදිරිපත් වූ, මා නෙත ගැටුණු එවන් ඡායාරුප විශ්ලේෂණය කිරීමේදී පෙනී ගියේ ඉන් එකක් හැර, අනිකුත් සියලුම ඡායාරුප එඩිට් කරන ලද ඒවා බවයි. එම එඩිට් නොකළ ඡායාරුපය පලකල අය ඒ ගැන කියා සිටියේ එහි දක්නට ඇති ආලෝකය, කාචය තුලින් ගමන් කිරීමේදී ඇති වූ ආලෝක ලපයක් ලෙස විශේෂ දැනුමක් ඇත්තකු විසින් කියන ලද බවමෙන්ම එය දුටු එම සිද්ධස්ථානයේ ස්වාමින් වහන්සේ නමක් කියා සිටියේ එය දෙවියෙකු ගේ සටහනක් විය හැකි බවත්ය. එම ෆොටෝ එකේ ඇති ආලෝක ලපය දෙවියකුගේ පෙනිසිටිමක්ද ? නැතිද ? යන්න කීමට මා නොදන්නා නමුත් එම ඡායාරුපය එඩිට් නොකළ අගනා ඡායාරුපයක් බව පමණක් නොබියව කිව හැක. එම ඡායාරුපය මෙම පොස්ට් එකේ පල කිරීම සඳහා අදාළ පාර්ශවයන්ගෙන් අනුමැතිය ලබා ගැනීමට ඉල්ලීමක් කලමුත් ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුන බැවින් එම ඡායාරුපය පල නොකරන ලදී. (අන්තර් ජාලයේ පලවන ඡායාරුපයක් එය උපුටා ගත් තැන සහ ශිල්පියා ගැන සඳහන් කරමින් පලකිරීමට නීතිමය බාධාවක් නොමැති මුත්, එසේ නොකරන ලදී)
මෙවන් වූ ඡායාරුප මත බිහි වන්නා වූ ශ්‍රද්ධාවන්තයින්, තවත් කෙනෙකුන් විසින් වෙනත් ආගම් කතුවරයකු මෙලෙස පෙනීසිටින ඡායාරුපයක් ඉදිරිපත් කළහොත් ඒ වෙතද ඇදී නොයතැයි කවෙරකුට නම් කිව හැකිද? එබැවින් වඩා වැදගත් වන්නේ මෙවන් වූ දේ පසුපස ගොස් මංමුලා වීමට වඩා තම තමන් විශ්වාස කරන ආගම ධර්මයන්හි හරයන් කෙරේ වඩාත් නැඹුරු වීමයි.
ගොඩක් ෆොටෝ වල ඉන්නේ ෆොටෝෂොප් දේවතා එලි සහ බුතයෝ , ෆොටෝ වල දේවතා එලි වැටෙන්න තවත් හේතුවක් නම් සද එලිය හෝ ලයිට් එලිය සමග පින්න වැටෙන වේලාවක ජයාරූප ගැනීම.
ReplyDeleteඔය ඉන්නේ ෆොටෝෂොප් දෙය්යෝද නැද්ද කියලා දැන් හොයාගන්න පුළුවන්නේ චමි.
Deleteහරි අගෙයි අයියා... බණකුත් එක්කම තාක්ෂණික පාඩමකුත් දාල... සෝමාවතියේ තියෙනව ෆොටෝ ගොඩාක් එකම එක පුද්ගලයෙක්ට පමණක් පෙනුණු
ReplyDeleteමම මේ ලිපිය ලියනකොට කිසිම එවැනි දේවල් ගැන කියවුන කිසිම ස්ථානයක් ගැන සඳහන් නොකළේ, පොදුවේ මේ ගැන කියන්න ඕන නිසා.
Deleteදැන් ඔයාටම ඔය ෆොටෝ ටික ඩවුන්ලෝඩ් කරලා ඔය කිව සරල විදිහට බලා ගන්න පුළුවන් නංගියේ.
හරවත් ලිපියක්.ගැඹුරින් ලියු සටහනක්.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
හුදෙක් තාක්ෂණික කරුණු මතම පදනම් නොවී ලියන්න තමයි උත්සහ කලේ, ගයනි.
Deleteඒක හොඳ වැඩක්
Delete@ කෝරලේ මහත්තයා
Deleteඑහෙම නොකලා නම් භෞතිකවාදීන් දෙවියන්, බුතයන් නැහැ කියන්න මේකත් යොදා ගනීවි.
නියමයි. බණයි තාක්ෂණයයි ගැන පැහැදිලි විග්‍රහයක්.
ReplyDeleteමීටපස්සෙ කට්ටියට පොටෝෂොප් භූතයො අල්ලගන්න ලේසිවෙයි.
ස්තුතියි ප්‍රසන්න, දැන් ඉතින් බුතයෝ අල්ලන එකයි ඇත්තේ.
Deleteඅතිශය සාර්තක ලිපියක්. හරිම සිත්ගන්නා සුලු විදිහට කරුණු පැහැදිලි කරලා තියනවා. ඉස්සර මිනිස්සු දැක්කෙම මහසෝනා හා ඒ හා බැදුනු යක්ෂ හොල්මන් ප්‍රේත අවතාර. දෙවියන් දැක්ක කෙනා දේවාල දාගත්තානෙ. ඉතින් ගමේ දේවාලේ කපු මහත්තරුන්ට හිටු කියල වැඩ. වැඩේ තියෙන්නෙ අපේ කොල්ලන්ට දැන් පහසු මිලට දුරකතනයේම ඩිජිටල් කැමරාවක් හම්බවෙලා මුත්‍රා කරන්න ගියත් හම්බවෙන්නෙම දේවරූප. නැත්තං පිටසක්වල ඇත්තන්ව.
ReplyDeleteඑහෙම ගත්තම ඉතිං හිතන්න වෙන්නෙ මේ දකින මහසෝනාගෙ ඉදල පිටසක්වල ඇත්තන් වෙනකල් සිද්ධි මනංකල්පිත සිතුවිලි, ජනප්‍රියත්වක්, හෝ යම් වාසිසහගත අරමුණු මත සිදුවන දේවල් කියායි. දේවතා එළි කියා ඇත්නම් එසේනම් උත්තර ද්‍රවයට පෙනෙනා Aurora නොහොත් උත්තරද්‍රව එලි දැක්කොත් අනිවාර්යෙන්ම මේවා ජායාරූපගත දෙවියන් යැයි පවසාවී නේ?
මමත් ලිපියක් ලියන්න හිටියෙ පිටසක්වල ගැන draft කරල තිබ්බත් ඒකට තව කරුණු ටිකක් දාන්න ඕනා.
බොහොම ස්තුතියි ඔබගේ වටිනා අදහස් දැක්වීමට.
Deleteහරි වටිනවා මේ පෝස්ට් එක,,, සරලව කියා දීලත් තියනවා,,
ReplyDeleteනැත්නම් ඉතින් තේරුනේ නැහැ කියලා කස්ටිය මට බනිනව නෙ... :D
Deleteමමත් යනවා හොරු අල්ලන එක පැත්තක තියලා බූතයෝ අල්ලන්න :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අන්න පටන් ගන්නවානම් වැඩේ රජෝ...
Deleteසුපිරි! මමත් මේ edit නොකරපු ෆොටෝ කොහොමද හොයා ගන්නේ කියලා හිත හිත රියේ..බොහොම ස්තූතියි!
ReplyDeleteමේ තියෙන්නේ ඉතාම සරල ක්‍රම කීපයක් විතරයි... ඒ ඇතිනේ නේද?
Deleteමට මතකයි ගොසිප් සයිට් එකක අර නුවර පැත්තේද කොහෙද මැරිච්ච ස්කොලේ ළමෙක්ගේ ෆොටෝ එකක් හිට් වුනා ඒ ළමයාගේ අවතාරේ කියලා... පොටෝෂොප් වලින් පින්තුරෙකට කලනොහැකි දෙයක් නෑ කියල තමයි මම විශ්වාස කරන්නේ..
ReplyDeleteමේ විදිහට අපි අපිටම ඒ ෆොටෝ ගැන බලාගන්න පුළුවන්නේ පැතුම්.
Deleteඋඹට බුද්ධාගම ගැනත් ඡායාරූප ශිල්පය වගේම දැණුමක් තියෙනවනෙ.
ReplyDeleteඑහෙම තමයි අපේ හැටි. මචං මම පොඩි කාලේ ඉඳන්ම හැම දෙයක් ගැනම දැනගන්න හරිම කැමතියි.
Deleteසමහරුන්ට මේ දේවල් ගැන ලොකු කුතුහලයක් තියෙනවනෙ. මේ වගේ සරල ක්‍රම ටිකකින් ඒ දේවල් වල ඇත්ත නැත්ත බලාගන්න පුලුවන් වෙන එක ගොඩක් වටිනව.
ReplyDeleteහැබැයි වැදගත්ම දේ වෙන්නෙ මේ වගේ දේවල් ගැන ඕනවට වඩා හිතන එකට වඩා
ආගම ධර්මයේ තියෙන හරයන් කෙරේ වඩාත් නැඹුරු වීමයි කියල අයියා කියල තියෙන කතාවට මාත් 100%ක් ම එකඟයි.
අන්න හරි ඔයා එක හොඳින්ම තේරුම් අරගෙන.
Deleteමම මේ දැක්කමයි තාක්ෂණය ගැන කියන්න බණක් යොදා ගන්නවා..ඒකත් අපූරු වැඩක්..
ReplyDeleteපහුගිය කාලවකවානුවේ ඔය කියන තාලයේ පින්තූර ගැන මොන තරම් කතා බහ ඇති උනාද..ඔක්කෝමට වඩා පත්තරවලින්.. මට මතකයි ධනුෂ්ක සේනාධීර කියන ඡායා රූපශිල්පියා ලඟ ඔය වගේ පින්තූර කීපයක් තිබුනා. ඔහු කියන ආකාරයට ඒවා සියල්ලම අලෝකය නිසාම සිදු උන වෙනස්කම්...
මේ ගැන සැබෑවට කුතුහලයක් ඇති කෙනෙකුට අගේ ඇති පාඩමක්..
ඡායාරුපයක් කොහොමත් සකස් වෙන්නේ ආලෝකයේ ඇතිවන වෙනස්කම් වලින් තමයි ලිහිණි. Photography කියන වචනය හැදිලා තියෙන්නෙත් ෆොටෝස් ග්රෆොස් කියන ග්‍රීක් වචන දෙකින්. ෆොටෝස්:ආලෝකය ග්රෆොස්:ලිවිම ඉතින් ෆොටෝග්‍රපි කියන්නේ ආලෝකයෙන් ලිවිම, නැතිනම් ආලෝකයෙන් ඇඳීම.
Deleteමේ පොස්ට් එකෙන් පෙන්නන්න ඕන කලේ එඩිට් කල ෆොටෝ එකක් හොයාගන්නේ කොහොමද කියන එක මිසක් වෙනත් දෙයක් නෙවේ.
ඔබේ අදහස් දැක්වීම ඉතාම අගේ කොට සලකනවා.
ලඟදී මමත් කෑවා හොඳවයින් පරිප්පුවක්.
ReplyDeleteයාලුවෙක් එව්වා ෆොටෝ එකක් ඒකේ ඔය කියන විදිහේ බූතයෙක් ගේ සීන් එකක් තිබ්බා.
යාලුවා පර සක්වල ගහලම කිව්වා ඌ ගත්තේ එඩිට් කලේ නෑම කියලා. ඒ නිසා තව යාලුවෙක්ට යැව්වා.
ඌ අර බූතයගේ ඔරිමජිනල් එකක් හොයලා එව්වා අනිත් යාලුවට යවන්න කියලා.
පස්ස තමයි ඌ කිව්වේ ඔෆිස් එකේ එකෙක්ට phone එකෙන් කොම් එකට දාන්න කියලා ටොයිලට් ගිය ටිකට ඌ වෙනස් කරා කියලා කරපු එකා පිලිගත්තා කියලා.
නෝන්ඩි හතයි.
මේ ලිපිය හෙන වටිනවා.
මින් පස්සේ නම් කිසිම එකෙක් මේ ක්‍රම වලින් හොයලා බලන්නේ නැතුව පිලි ගන්නේ නෑ.
දුකා ගොඩ දවසකින් ආවේ නේද?
Deleteඔව් බන් හුඟක් උන්ට මේ දවස්වල අමුතු ලෙඩක් හැදිලා තියෙන්නේ.
මේ ටිකේ වැඩ වැඩී බන් . .
Deleteඔෆිස් එකේ ඉඳන් ගෙදර ගියාම බිස්නස් එකේ වැඩ . .
බ්ලොග් කියවන්න කාලේ හොයා ගන්නේ හෙන අමාරුවෙන් දැන් . .
මචෝ මේ ඇත්තමයි, මගේ ජිවිතේ නම් බිසී කියලා දෙයක් ඇත්තෙම නැහැ.
Deleteෂා මාර වටිනා කියන පොස්ටුවක් මේකනම්.....නියමයි නියමයි...දිගටම දැම්මානම් තමා වටින්නේ මේ වගේ පොස්ට්......
ReplyDeleteඋමාත් ගොඩ දවසකින වගේ, ඡායරුපකරණය ලේබලය යටතේ බලන්න පොස්ට් ගොඩක් දැම්මා.
Deletesweet..
ReplyDeleteThanks කඳු.
DeleteThanks again for the post. Your blog has become one of my favourites.
ReplyDeleteThanks for your comment.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔය තියෙන්නෙ මගේ භූත ෆොටෝ එකක්
ReplyDeletehttps://www.facebook.com/photo.php?fbid=4088575136544&set=t.563024876&type=3&src=https%3A%2F%2Ffbcdn-sphotos-e-a.akamaihd.net%2Fhphotos-ak-snc7%2F470026_4088575136544_182592143_o.jpg&smallsrc=https%3A%2F%2Ffbcdn-sphotos-e-a.akamaihd.net%2Fhphotos-ak-snc7%2F600617_4088575136544_182592143_n.jpg&size=1024%2C768
මේවා පේන්නේ නැතෝ....
Deleteඅංග සම්පූර්ණ පෝස්ට් එකක්...
ReplyDeleteස්තුතියි මලයෝ.
Deleteමම මේක දැක්කේ දැන් අහම්බෙන් ..මේ ගැන silentsahan කියන
ReplyDeleteකෙනා කොහොම අදහසක්ද දරන්නේ කියල ඔයා ( අයිලෂ් ) දන්නවනේ
අයියේ ..ඒ නිසා මේ පෝස්ට් එක අසාවෙන් බැලුවා කියන්නයි මේ
කමෙන්ටුව එකතු කරන්නේ ..
ගොඩක්ම වැදගත් පොළොවේ ප
මම මේක දැක්කේ දැන් අහම්බෙන් ..මේ ගැන silentsahan කියන
ReplyDeleteකෙනා කොහොම අදහසක්ද දරන්නේ කියල ඔයා ( අයිලෂ් ) දන්නවනේ
අයියේ ..ඒ නිසා මේ පෝස්ට් එක අසාවෙන් බැලුවා කියන්නයි මේ
කමෙන්ටුව එකතු කරන්නේ ..
ගොඩක්ම වැදගත් පොළොවේ පය ගහලා දාපු පෝස්ට් එකක් ...
සම්පූර්ණ අගය කරනවා ...
ගොඩක් ස්තුතියි ඔයගේ කොමෙන්ට් එකට.
Deleteඔප්පු කරන්න සාධක නැතිවුනාට මම මේ ඩිජීටල් ඡායාරූපවල දෙවියන් හා භෝතයන් දැක්කේ 2010 හල්දුම්මුලේ කැණීමකට ගිය අවස්ථාවේ මගේ ඉදිරි ලිපියකින් ඒ විස්තරය පල කරන්නම්
ReplyDeleteවිචාරක දියණිය
ලියමු ලියමු... ඉතාමත් අගෙයි...
Deleteඅයිලස්? ආයෙත් ඇවිත් ද ?
ReplyDeleteමේ ඉන්නේ අනේ... පහුගිය දොහේ වැඩ අධික උනා.
Deleteබ්ලොග් එකේ ඉඳල බූතයෙක් අහු උනා. ඌට මොකක්ද කරන්න ඕන.
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .
ReplyDeleteThank you so much for the detailed article
ReplyDeleteclipping path service
Fon perde modelleri
ReplyDeletesms onay
mobil ödeme bozdurma
NFT NASIL ALİNİR
ankara evden eve nakliyat
trafik sigortası
Dedektör
Kurma websitesi
Ask Kitaplari
smm panel
ReplyDeleteSmm panel
isilanlariblog.com
instagram takipçi satın al
Https://www.hirdavatciburada.com
beyazesyateknikservisi.com.tr
SERVİS
tiktok jeton hilesi