Tuesday, May 27, 2014

රවුම් ලෙන්ස් එකෙන් හතරැස් ෆොටෝ වදින්නේ ඇයි?


පහුගිය දවසක මුණු පොතේදැක්කා,"රවුම් ලෙන්ස් එකෙන් හතරැස් ෆොටෝ වදින්නේ ඇයි?" කියලා දාපු ෆොටෝ එකක්. ඇත්තටම මේකේ විශාල පාඩමක් තියෙනවා.  මේක දැක්කාම තමයි මටත් මතක් උනේ පසුගිය ටිකේ ඡායාරුප කරණය ගැන කියාදීපු පාඩම් මාලාවේ අතහැරුණ දෙයක් ගැන. 

හොඳයි කාට හරි කියන්න පුලුවන්ද මේ ප්‍රශ්නෙට උත්තරේ? දැන් ඉතින් කියන්න එපා ෆොටෝ ප්‍රින්ට් කරන්නේ හතරැස් කොලවල කියලා. දැන් එහෙනම් අපි බලමු මොකක්ද මේකට හේතුව කියලා.

ඇත්තටම කියනවානම් ලෙන්ස් එකෙන් ලැබෙන ප්‍රතිබිම්බය රවුම් එකක්. මෙන්න මේ  පහල තියෙන රූපසටහන බලන්න.


 නමුත් මේරවුම් රුපයේ වඩාත්ම පැහැදිලි තාවයක් ඇත්තේ වෘත්තහි මැදට වන්නටයි වෘත්තයෙහි කෙලවරට යනවිට එහි පැහැදිලි බවෙහි අඩුවීමක් දකින්නට ලැබෙනවා. මෙය සිදුවන්නේ කාච වල ඇති දෝෂයන් නිසා. (මෙම කාච දෝෂ හැකි තරම් අවම කරලා තමයි නිෂ්පාදනය කරන්නේ.) එමනිසා ඡායාරුපය සඳහා යොදාගනු ලබන්නේ මෙම වෘත්තයෙහි සෑහීමකට පත්චිය හැකි තරම් පැහැදිලිතාවයක් ඇති මැද කොටස පමණි. මෙය   Circle of acceptable definition ලෙස හඳුන්වනවා.

මෙලෙස ප්‍රතිබිබය සාදන වෘත්තයෙහි සෑහීමකට පත්චිය හැකි තරම් පැහැදිලිතාවයක් ලබාදීමට ඇති හැකියාව කාචයේ Covering Power ලෙස හඳුන්වනවා. මෙම Circle of acceptable definition කොටසෙහි විශ්කම්භය සෙන්සරයේ නොඑසේනම් සේයාපටලයේ විකර්ණයට පමණට හෝ ඊට වඩා ස්වල්පයක් හෝ වැඩි වියයුතුය.

දැන් ඉහත රුපයේ ආකාරයට මෙම  Circle of acceptable definition කොටසෙහි සෙන්සරය පිහිටුවීමෙන් මෙම වෘත්තහිද කෙළවරවල් අතහැර දමා වඩා වැඩි පැහැදිලිතාවයක් ඇති කොටස පමණක් ඡායරුපයට ගත හැකි වෙනවා.

මෙන්න මේ පොඩි ක්‍රියාකාරකම කරලා බලන්න. ඔබ ළඟ ඇති කැමරාවෙන් කොටුරුල් කොලයක හෝ කුඩා අකුරු ඇති පොතක පිටුවක් ඡායාරුප ගත කරන්න. එය කල යුත්තේ මෙසේයි. ඔබට යෙදිය හැකි විශාලතම කාච විවරය යොදන්න. දැන්  ඔබට කැමරාව නාභිගත ( Focus) කල  හැකි අවම දුරට සකසා  එහි  සමීප ඡායාරුපයක් ගන්න. දැන් මෙම රුපය හොදින් නිරීක්ෂණය කිරීමෙන් එහිමැද කොටසට වඩා කෙළවරවල් වල පැහැදිලිතාවය අඩුබව ඔබට දැනගත හැකි වේවි.



Saturday, April 26, 2014

ෆෝකස් නොකර ෆොටෝ ගමුද?

මිට වසරකට පමණ කලින් ලියපු "-Focus  කරන්න අමාරුනම් මෙන්න උත්තරේ. Lytro - Light Field Camera" පොස්ට් එක මතකද? නැහැ නේද, කමක් නැහැ ඔය උඩ තියෙන ලින්ක් එක ක්ලික් කොරලා එකත් බලාගෙනම එන්න. ඇත්තෙන්ම අද කියන්න යන්නේ ඒ පොස්ට් එකෙන් කියලා දුන්න Lytro Light Field කැමරා එකේ අලුත්ම නිෂ්පාදනය වන Lytro Illum කැමරා එක ගැන.

ඉතින් කලින් පොස්ට් එකේ තියෙන මුල් කැමරාව මතකයි නේද හරියට අර දත් බෙහෙත් පෙට්ටියක් වගේ එක.

නමුත් දැන් බලන්න ඒ කැමරාව දියුණු වෙලා තියෙන ආකාරය. මේ අලුත් Lytro Illum කැමරා එක බොහෝ දුරට බ්‍රිජ් කැමරාවකට සමානයි. 





මේ Lytro Illum කැමරාවේ තියෙන්නේ 1/3" ප්‍රමාණයේ  සෙන්සර් එකක්.  දැන් ඉතින් මගෙන් අහන්න එපා මොකක්ද මේ සෙන්සර් එක කියන්නේ? කියලා. මේ ගැන සම්පුර්ණ විස්තරයක් මිට කලින් කරලා තියෙනවා. "කැමරාවේ Sensor Format  සහ Crop Factor" පොස්ට් එකෙන් එකත් ගොහින් බලාගෙන දැනුම අලුත් කරගත්තොත් හොඳා.

දැන් මේ කැමරාවට zoom ලෙන්ස් එකක් ඇතුලත් කර තියෙනවා. මේ  ලෙන්ස් එක DSLR කැමරාවක ඇති මි. මි 30 - 250 දක්වා වන zoom ලෙන්ස් එකකට සමාන වන එකක්. නමුත් හොඳින් මතක තියාගන්න මේ තියෙන ලෙන්ස් එකේ තියෙන්නේ  මි.මි. 30 - 250 ප්‍රමාණයේ නාභි දුරක් නොව ඊට වඩා අඩු නාභි දුරක් බව. නමුත් සෙන්සර් එකේ ප්‍රමාණයන් වල වෙනස නිසා තමයි මේ සමාන තත්වයන් පෙන්වන්න හැකියාව තියෙන්නේ.මේ ගැනත් "කැමරාවේ Sensor Format  සහ Crop Factor" පොස්ට් එකෙන් පැහැදිලි කරලා තියෙනවා.

මේ කැමරාව මෙගාපික්සල් 5 ක එකක්. ඒ පමණක් නොවේ බොහෝ ඩිජිටල් කැමරාවල ඇති ISO priority, shutter priority, සහ full manual shooting යන  modes ඇතුලත් කර තියෙනවා. මෙම කැමරාවේ දර්ශන තලය අගල් 4ක touchscreen LCD එකක් වන අතර එය  800×480 pixel resolution සහිත වෙනවා.එමෙන්ම මේ කැමරාවේ මුදුකාංග දැන් Android මතද භාවිතා කල හැකි වෙනවා.

ඉතින් මේ සියලුම දේවල් වලට වඩා විශේෂිත පසුකම  වන්නේ ඡායාරුපය ගැනීමේදී ෆෝකස් නොකර එය සටහන්  කරගෙන පසුව තමන්ට කැමති ස්ථානයක් ෆෝකස් කරගැනීමේ ඇති සුවිශේෂී හැකියාවයි.

මේ වසරේ ජුලි මාසයේ මේ කැමරාව වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතව ඇති අතර එහි මිළ ඩොලර් 1500 පමණ වනු ඇත. දැන් ඉතින් මේ කැමරාව මිල අධිකයි  කියලා මට බනිනවා එහෙම නොවෙයි.

Friday, April 18, 2014

ඡායාරුප තරගයක් ...


http://travel.nationalgeographic.com/travel/traveler-magazine/photo-contest/2014/rules/




සැම දෙනාටම සුභ නවවසරක් වේවා!


අද පොස්ට් එක ලියන්න හිතුවේ ඡායාරුප කරණය ගැන උනන්දුවක් ඇති යට පොඩි ඔත්තුවක් දෙන්න ඒ තමයි National Geographic එකෙන් පවත්වන ඡායාරුප තරගයක් ගැන


ඔය තියෙන පින්තුරය උඩ click කොරලා බලන්න. මේ තරගයට ඡායාරුප ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න.

මිට කාලෙකට පෙර සිංහල වෙබ් අවකාශයේ  ඡායාරුප ප්‍රදර්ශනයක්  පැවැත්වීමක් ගැන මා යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ ගැන උනන්දු අය ඉන්නවානම් මේ වසර තුල එය පවත්වමු නේද?


Tuesday, January 21, 2014

නවතම ඩිජිටල් කැමරාව.

මේ තියෙන්නේ සෝනි සමාගමෙන් නිෂ්පාදනය කරන ලද නවතම ඩිජිටල් කැමරාවයි. පේනවා නේද, දුටු පමණින් නම් ලෙන්ස් එකක්වගේ, නමුත් මේක ඩිජිටල් කැමරාවක්. මේ කැමරාවෙහි විශේෂත්වය වන්නේ මෙය ස්මාර්ට් ෆෝන් එකක් සමග භාවිතා කල යුතු වීමයි. එම නිසාම මෙය Smartphone Attachable Lense Camera ලෙස තමයි හඳුන්වන්නේ.

මේ කැමරාව WI-fi තාක්ෂණය මගින් Smartphone එක සමග සම්බන්ද කිරීමෙන් පසු ෆෝන් එක හරහා මෙය පාලනය කල හැකියි. එමෙන්ම මෙම කැමරාවට LCD screen එකක් නැහැ. ඒ වෙනුවට භාවිතා කරන්න වෙන්නේ ෆෝන් එකේ තිරය.


ඉහත රුප වල දැක්වෙන ආකාරයට මෙමෙ කැමරාව ෆෝන් එකට සවිකර හෝ වෙනමම තබාගෙන ඡායාරුප ගැනීම කල හැකි වෙනවා.

 මෙම කැමරාව මාදිලි දෙකකින් හඳුන්වා දී තිබෙනවා, Sony QX 100 සහ Sony QX 10 ලෙසට. මේ මාදිලි දෙකෙහි  වෙනස වන්නේ එහි ඇති ලේන්සයයි. QX 100 වර්ගයට ලොව ඉස්තරම්ම කාව වන Carl Zeiss ලේන්ස යොදා තිබෙන අතර එහි මිල ඩොලර් 500 ක් පමණ වන අතර, QX 10 වර්ගයටයොදා ඇති කාචය වන්නේ සෝනි කාචයයි. එහි මිල ඩොලර් 200 ක් පමණ වෙනවා.

Sony QX 100
Sony QX 10 
මේ පහල තියෙන්නේ එම කැමරා මාදිලි දෙකෙන් ගත් ෆොටෝ දෙකක්.

Sony QX 100 Sample Image
Sony QX 10 Sample Image


(මෙහි ඇති සියලුම ඡායාරුප අන්තර් ජාලයෙන් ලබාගත් බව සලකන්න.)


Monday, January 13, 2014

නොවරදවා බලන්න.....

අමිලගේ අලුත්ම අඩවියෙන් මා සිත් ගත් එක්සේයාරුවක්.
මේ ෆොටෝ එක බාගත්තේ අපේ අමිල නිරෝෂන් මලයා පටන් ගත්ත අලුත්ම ෆොටෝ බ්ලොග්  එකෙන්. මෙතනින් ගිනින් බලන්න මේ තියෙන්නේ ලින්ක් එක http://anwsphotos.blogspot.it/.

අමිල, මම ෆොටෝග්‍රෆි ගැන ලියන්න පටන්ගත්ත දවසේ ඉඳන් බොහොම උනන්දුවෙන් ෆොටෝග්‍රෆි ගැන ලියපු සැම පොස්ට් එකක්ම කියවපු කෙනෙක්. එමෙන්ම ඔහුට ගැටළු ඇතිවුන සමහර අවස්ථාවන් වලදී ඒ ගැන ඊමේල් මගින් පුද්ගලිකව අසා දැනගැනීමට කිසිසේත්ම පසුබට උනේ නැහැ. ඔහුගේ උනන්දුව සහ කැපවීම නිසාම අමිල මෙතරම් දුරක් ඡායාරුප ශිල්පය නම් මගේ ගමන් කරලා තියෙනවා.

මේ බ්ලොග් අඩවියේ තියෙන බොහොමයක් ඡායාරුප ඉතාම හොඳ තත්වයේ ඡායාරුප ලෙස මම දකිනවා. ඔහු හොඳ ඇසක් තියෙන කෙනෙක්. අපි සැම දෙනාම අමිලගේ මේ උත්සාහය අගය කල යුතු වෙනවා. සියලු දෙනාම නොවරදවා  මේ අඩවියට ගොඩවන්න. ඔබට ඉතා හොඳ ඡායාරුප එකතුවක් දකින්න පුළුවන්.

අමිල, ඔබට ඉතා දක්ෂ ඡායාරුප ශිල්පියෙක් වීමට ශක්තිය ලැබේවා කියා පතනවා.

Thursday, December 19, 2013

වසර 1යි , පොස්ට් 100යි, හිට්ස් 36800යි.


මේක ගත්තේ ගුගල් කේක් කඩෙන්.
අනේ මන්දා කාලය ගතවෙන ඉක්මන නේද, අද වෙනකොට මේ බ්ලොග් එක පටන් අරගෙන හරියටම වසරක් ගත වෙනවා. ඒ එක්කම මේ පොස්ට් එක තමයි 100 වෙනි එක. මේ වෙනකොට හිට්ස් 36800 ට ටිකක් වැඩියි.

ඉතින් මේ තරම් දුරක් එන්න  තරම් සවියක් උනේ මගේ මේ බ්ලොගයට ගොඩවදින ඔයාලා නිසාමයි. ඒ නිසා මේ බ්ලොගයට ගොඩවදින සැමෝටම

බොහොම ස්තුතියි 


කියන්න තමයි මේ කෙටි සටහන ලිවේ. මගේ 50වෙනි පොස්ටුවේදී නම් සැම දෙනාගේම නම් ගම් සහිතව ස්තුති කළා. නමුත් දැන් කස්ටිය ගොඩාක් වැඩි නිසා එලෙස නම් ගම්  සටහන් කරන්න ගියොත් මේක ඉතා දීර්ඝ වෙන නිසා මෙලෙස සැමෝටම ස්තුති කරනවා.


Friday, December 13, 2013

බෝලයක ෆොටෝ එකක් ගනිමු ... ප්‍රායෝගික ක්‍රියාකාරකමක්


ෆොටෝ එක ගුගල් එකෙන්
ඡායාරුපකරණය ගැන ලිපි ගණනාවක් කියවීම නිසා, ඔබ සැමට මේ විෂය පිළිබඳව සැහෙන දැනුමක් තියෙනවා. අද  පොස්ට් එකෙන් ඉදිරිපත් කරන්න යන්නේ විශේෂ දෙයක්. ඒ  තමයි මේ විෂය ගැන උනන්දුවක් ඇති අයට කල හැකි ඉතා වැදගත් ප්‍රායෝගික ක්‍රියාකාරකමක්.

බෝලයක් අරගන්න. දැන් මේ බෝලය මේසයක් උඩින් තබන්න. දැන් ඔබ එම බෝලය දිහා සැම පැත්තකින්ම බලන්න. මොන පැත්තෙන් බෝලය බැලුවත් ඔබට දකින්නට ලැබෙන්නේ එකම ආකාරයේ දර්ශනයක්.  දැන් ඔබට කරන්න තියෙන්නේ මේ බෝලය එකිනෙකට වෙනස් ආකාර 8 කින් පෙනෙන ලෙස ඡායාරුපගත කිරීමයි.

ඔන්න වැඩේ මෙතෙක් කල් ඉගෙන ගත් දැනුම දැන් ප්‍රායෝගිකව පරික්ෂාකර බලන්න හැකියි. මේ සඳහා ඔබට ඕනෑම කැමරාවක් භාවිතා කරන්න පුළුවන්. මෙතැනදී වැදගත් වන්නේ ඔබ භාවිතා කරණ කැමරාව නොව ඔබ මේ සඳහා යොදාගන්නා තාක්ෂණයයි. මේ ප්‍රායෝගික දැනීම ඉදිරියෙදී   බොහෝ ප්‍රයෝජනවත් වෙනවා.


හැකිනම් ඔබ ගන්නා ඡායාරුප කමෙන්ට් වලින් ඉදිරිපත් කරන්න එවිට ඒ ගැන අපිට වැඩිදුර සාකච්චා කරන්න පුළුවන්

එහෙනම් දැන් වැඩේ කොරන එකයි ඇත්තේ.


Thursday, November 21, 2013

Food Photography


බ්ලොග් ලියන අපේ හිතවතුන් බොහෝ දෙනෙක්  ආහාර වර්ග හදන විදිහ ගැන පොස්ට් දමනවානේ. මට හිතෙන විදිහට ඒ අතින් මුල් තැනට ඉන්නේ  අපේ කුක්කු මාර හෙවත් මාරයා තමයි. මොනවා උනත් උගේ රෙසිපි නම් මාර රෙසිපි තමයි. 

 දැන් ඉතින් හැමෝම වගේ මේ කෑම ගැන උනන්දු වන එකේ මං තුමා විතරක් අහවල් දේකටද මේගැන නොලියා ඉන්නේ කියලා හිතුනා.ඔන්න එහෙනම් මමත් අත දැම්මා වැඩේට. හෝව්... හෝව්.. කලබොල වෙන්න කාරී නැහැ. මේ පොස්ට් එක ආහාර හදන හැටි කියලා දෙන්න නම් නෙවෙයි. ආහාර වර්ග ෆොටෝ අල්ලන හැටි කියලා දෙන්න. එහෙනම් වැඩේ පටාන් ගමු.

Food Photography කියන්නේ ඡායාරුප කලාවේ තවත් එක අංගයක්. මෙය වාණිජ ඡායාරුප කරණය යටතට ගන්න පුළුවන්. මේ අංශය දියුණු කලොත් හොඳ ආදායමක් එහෙමත් ලබන්න බැරි කමක් නැහැ.

Food Photography වල මුලික දේ වන්නේ අපි ගන්නා ඡායාරුපය ඉතා සජීවී ලෙස දැක්වීමයි. කොටින්ම කියනවානම් ෆොටෝ එක දැක්ක  ගමන් කටට කෙල ඇවිත් ෆොටෝ එක හරි කන්න හිතෙන්න ඕන.  ඉතින් මේ සඳහා අපි ඡායාරුප ගත කරණ වස්තුවට ඉතා හොඳ ආලෝක කරණයක් ලබාදෙන්න ඕන. ඒ තුලින් අපිට එම ආහාර වල නැවුම් බව ඉස්මතු කරලා පෙන්නන්න පුලුහන්.

ඒ වගේම වැදගත් අනිකුත් කාරණය වන්නේ ආහාර සකසන ආකාරයයි (arrangement) . මේ සැකසීමේදී ආහාර වල වර්ණ සමබර කරගැනීමද ඉතා වැදගත්. ඒ තුලිනුත් ඡායරුපයට විශාල බලපෑමක් කරන්න පුලුහන්.

මම දැකපු තවත් දෙයක් තමා,  බොහෝවිට ආහාර පිගානකට බෙදලා එයට ඉහලින් කෙලින්ම කැමරාව මානලා ෆොටෝ ගන්න එක. මේ තියෙන්නේ ඒ වගේ එකක්.


නමුත් මං තුමාගේ පුද්ගලික අදහස නම් ඉහත ආකාරයට ඡායාරුප ගැනීම ඉතරම් හොඳ මදි කියන එකයි. ඒ ඡායරුපයෙන් අපිට හැඟෙන්නේ නිකම්ම නිකම් කෑම පිගානක්. නමුත් කැමරා කෝණය වෙනස්කිරීම හෝ සම්පුර්ණ පිගාන වෙනුවට ඉන් කොටසක් පමණක් පෙනෙන ලෙස ඡායාරුප ගත කිරීම වඩා සාර්ථක බව මං තුමාගේ අදහසයි. මේ පහල තියෙන ෆොටෝ එක වඩා සාර්ථකයි නේද?


මේ පහල තියෙන ෆොටෝ කීපය බලන්න. මේ සැම ෆොටෝ එකක්ම DSLR එකකින් ඉතා හොඳ ලෙන්ස් එකක් සහිතව ගත්ත ඒවා.






මේ පහල තියෙන ෆොටෝ එක අරගත්තේ ෆෝන් කැමරා එකකින්. නමුත් ඒ ෆොටෝ එක ඉතා හොඳ තත්වයේ තියෙනවා.
ඒ නිසා, අනේ අපිට කොහින්ද DSLR කියලා හිතන්නේ නැතිව, තමන් අත තියෙන ඕනෑම කැමරාවකින් ෆොටෝ ගන්න උත්සාහ කරන්න. මං තුමා සැමදාම කියනවා වගේ ඔබව හොඳ ඡායාරුප ශිල්පියෙක් බවට පත් කරන්නේ ඔබගේ උනන්දුව, කැපකිරීම, දක්ෂතාවය වැනි කරුණු මිස ඔබ අත ඇති කැමරාව නොවන බව කිසි විටකත් අමතක කරන්න එපා.

Wednesday, November 13, 2013

ඇට දෙකම කැඩුනොත් දොස්තර මොකක්ද කරන්නේ?

ඇට දෙකම කැඩුන වෙලාවක දොස්තරලා කරපු වැඩක් ගැන මං තුමා කලින් ලියලා තියෙනවා. අමතක අය මෙතනින් ගොහින් බලාන අවොතින් හොඳා. අපොයි මගේ ඇ* (18+)

නමුත් මේ ලියන්නේ  ඒ වගේ එකක් ගැන නෙවේ. සත්‍ය සිදුවීමක්. සැමෝටම වෙන්න පුලුහන් අකරතැබ්බයක්, දොස්තරලාගේ නොසැලකිලිමත් කම ගැන.  ඒ නිසා හැමෝම මේ ගැන විමසිලිමත් උනොත් හොඳා. මේක වෛද්‍ය විද්‍යාව ගැන පොස්ට් එකක් නොවයි.

මතක ඇති නේ අපේ පොඩි එකා මේ වසරේ ජනවාරි මාසේ අත කඩා ගත්තා. මෙන්න මේ ලිපියට ගිහින් බලන්න පොලිසියෙන් කලා පොළ කයි එකා අත කඩාගෙන ඉන්න ෆොටෝ එකක් දෙකක් එකේ තියෙනවා. ඒ සැරේ අත කඩා ගත්තා කීවට එක බොහොම සුළු අස්ථි බිඳීමක් (hairline fracture) ඒ කියන්නේ අස්ථියක ඇතිවන ඉතාම සුළු ඉරි තැලීමක්. එවැනි අවස්ථාවක කරන්නේ ඒ අස්ථිය පිහිටි කොටස  නොසෙල්වන සේ තබා, කැල්සියම් ලබාදීම. එවිට සති කිහිපයකදී එම ස්‌ථානය  වැසි යනවා.

ඔන්න ඉතින් දැනුයි කතාව පටන් ගන්න යන්නේ, ඔය කලින් කිව අස්ථි බිඳීම පොඩිඑකාට මදි උනාද මන්දා, සැප්තැම්බර් මාසේ 6 වෙනිදා මේකා අපහු අත කඩා ගත්තා. පාසැලේ සිට මට දුරකථන ඇමතුමක් ලබාදුන් ගුරුවරයෙක් කියා සිටියා "පුතා  පාසලේදී  වැටිලා වහාම එන්න" කියා. ඉතින් මගේ ඔෆිස් එකේ ඉඳන් කොලුවගේ පාසැලට තියෙන්නේ හුවක විතර දුරක්. ගිහි බලනකොට වැටුන පාරට අපහු අත කැඩිලා.  වහාම x-කිරණ සටහනක්  ලබාගත්තා. මේ තියෙන්නේ ඒක.

කොහොමද වැඩේ ඇට දෙකම කැඩිලා. වහාම ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුල් කළා. එදිනම රාත්‍රී 12.00 ට පමණ මේ කැඩුණු අස්ථි නැවත සකස් කරලා ප්ලාස්ටරයක් (POP) දැම්මා.

ඔය අවසානයට තියෙන්නේ POP එක දැමීමෙන් පසුගත් x-කිරණ සටහන. හොඳින් බලන්න එහි එක අස්ථියක් නියමාකාරයෙන් සවි වී නොමැති බව පැහැදිලිව පෙනෙනවා.

පසු දින උදේ විශේෂඥ වෛද්‍යවරයා ගෙන් මේ ගැන විමසු විට ඔහු කියා සිටියේ මෙය ඉතා සාර්ථ බවයි. ඔහු සමග සිදු වූ සංවාදය මේ ආකාර උනා.

මේ x-කිරණ සටහනට අනුව එක අස්ථියක් නියමාකාරයෙන් සවිවී නැහැ මේ ගැන ඔබ මොකක්ද කියන්නේ?

අස්ථි දෙකම නියාමාකාරයෙන් සවි කිරීම අනවශ්‍යයයි , මෙය ඉතා සාර්ථකයි.

එසේ නම් එක අස්ථියක් පමණක් බිඳුන රෝගියෙක් පැමිණි විට ඔබ එම අස්ථිය යතා තත්වයට පත් කරන්නේ නැතිද?

එවිට අපි එම අස්ටිය නියමාකාරයෙන් සකස් කරනවා.

එසේනම් ඔබ මෙහිදී අස්ථි දෙකම නියමාකාරයෙන් සකස් නොකළේ ඇයි?

අස්ථි දෙකම නියාමාකාරයෙන් සවි කිරීම කලනොහැකියි, අස්ථි දෙකම බිඳුන විට අප කරන්නේ එක අස්ථියක් නියමාකාරයෙන් සකස් කිරීමයි,
එසේනම් දැන් ඔහු පසුවන්නේ එක අස්ථියක් බිඳුන කෙනෙකුගේ තත්වයෙන් නොවේද? ඔබ නැවත දිනක එම අස්ථිය යතා තත්වයට සකස් කරනවාද?

එසේ කරීමට අවශ්‍ය නැහැ, එක කාලයත් සමග හරියාවි.

දැන් ඉතින් මගේ මල ඉතා හොඳින් පැන ඇත, දොස්තරයා ගේද පුෂ්පය විකසිත වීමට ආසන්නව ඇති බව මට දැනුනි. මේ සංවාදය මෙතම් දුරක් හෝ පැවැත්වීමට හැකි වුයේද  සුද්දාට පින් සිදුවන්න උගේ භාෂාව භාවිතා කල බැවිනි. තව දුරටත් මේ සංවාදය පැවැත් වීමෙන් සිදු වන්නේ අනිවාර්යයෙන් දොස්තරගේ කන හරහා පහරක් ගැසීමට සිදුවීමත්, එහි අතුරු ප්‍රතිපල ලෙස රිමාන්ඩ් බන්ධනාගාරය පිලිබඳ බ්ලොග් සටහනක් ලිවීමට සිදුවීමත් බව වැටහුණු නිසා සංවාදය එතකින් නිමා කරන ලදී.


දැන් ඉතින් දින 5ක් දිවා රාත්‍රී රෝහලේ ගත කරන්න උනා. මුන්ගේ වැඩ ගැන කිසිම ලෙසකින් සෑහීමකට පත්වීමට නොහැකි නිසා, විටින් විට ඔහුගේ ඇඟිලි වල රුධිර ගමනාගමනය සිදුවන ආකාරය නිරීක්ෂණය කරමින්, සැක සහිත අවස්ථාවන් වල හෙදියන්ට දන්වමින් එම දින 5 ගත කළා. 

රෝහලෙන් පිටවූ වහාම නැවත කලේ x-කිරණ සටහනක් ගැනීමයි. මේ තියෙන්නේ එම සටහන.


එම x-කිරණ සටහනට අනුව, නියමාකාරයෙන් සවි නොවූ අස්ථිය සම්පුර්ණයෙන්ම විසන්දී වී ඇති ආකාරය පැහැදිලිවම දක්නට ලැබෙනවා. ඉන් පසු එම x-කිරණ හටහන විශේෂඥ වෛද්‍යවරයා වෙත පෙන්වූ  විට ඔහුගේ පිළිතුර පෙර පරිදිම උනා. 

මෙම විශේෂඥ වෛද්‍යවරයා වන්නේ  වෛද්‍ය ප්‍රදීප් ෆර්නැන්ඩෝ. 

මේ x-කිරණ සටහන් වලට අනුව කොළඹ ජාතික රෝහල මගින් ලබාදුන් ප්‍රතිකාර පිලිබඳ  කිසිසේත් සෑහීමකට පත්වීමට නොහැකියි. ඒ නිසා මේ සියලුම x-කිරණ සටහන්, වෙනත් රෝහලක විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයකු වෙත යොමු කළා. 

එවිට ඔහු කියා සිටියේ,ජාතික රෝහලේ සිදුකල ක්‍රියාව සම්පුර්ණයෙන්ම අසාර්ථක බවත්, එලෙස එම අස්ථින් සවිවිමට ඉඩ ලබා දුනහොත් රෝගියාට කිසිදිනක තම අත හැරවීමට නොහැකි  වන බවත්ය. ඔහුගේ අදහස උනේ වහාම ශල්‍ය කර්මයක් කොට අස්ථි දෙක නියමාකාරයෙන් සකස් කොට ඇට මිදුළු හරහා K-wire නම් වන කම්බි දෙකක් ඇතුල් කල යුතු බවත් මාස 6 ට  පමණ පසු එම කම්බි දෙක ඉවත් කිරීමට හැකි බවත්ය. ඒ අනුව ඔහු කෙරෙහි සම්පුර්ණ විශ්වාසය තබා එම ශල්‍ය කර්මය සිදු කිරීමට අවසර ලබා දුන්නා. ඔහු විසින් එදිනම සවස පැය 2 ක පමණ කාලයක් වැය  කරමින් සාර්ථක ලෙස එම ශල්‍ය කර්මය සිදුකලා. මේ තියෙන්නේ ඊට පසු ලබාගත් x-කිරණ සටහන. (ජාතික රෝහලේ ක්‍රියාව පිළිබඳව, වෛද්‍ය ප්‍රදීප් ෆර්නැන්ඩෝට එරෙහිව  නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තුවන නිසා දෙවන වර ශල්‍ය කර්මය සිදුකල රෝහල හෝ වෛද්‍ය විශේෂඥවරයා පිළිබඳව මෙහිදී සඳහන් නොකරමි)



එම ශල්‍ය කර්මයෙන් පසු දාමු POP එක ඉවත් කලේ දැනට සුමාන දෙකකට කලින්. දැන් ඔහුට දිනපතාම භෞතචික්තිසාව (physiotherapy) ලබාදීම සිදුවෙනවා. එය දිනපතා මාස දෙකක් පමණ කාලයක් ලබාදිය යුතු බව තමයි පවසන්නේ.

දැන් කාලයේ හැටියට නම්  වෛද්‍යවරයකු වෙත යාමට පෙර රෝගියා සහ ඥාතින් රෝගය පිළිබඳවත් එයට ලබාදිය යුතු නිවැරදි ප්‍රකිකාර පිළිබඳවත් යම්  හෝ දැනුවත් වීමක් ලබාගැනීම වඩාහොඳ බව මගේ පුද්ගලික වැටහීමයි.

ඔන්න ඔය සිදුවීම නිසා තමයි පහුගිය මාස දෙකක පමණ කාලයක් මේ පැත්තේ  ගොඩවෙන්න නොහැකි උනේ. ඒ කාලය තුල බොහෝ දෙනක් මා ගැනසොයා බැලුවා. සමහර අය ඊමේල් වලින් වගේම, දුරකතනයෙන් පවා විටින් විට කතාකලා. මගේ ඊමේල් සහ දුරකථන අංක නැති අය කමෙන්ට් වලින් සොයා බැලුවා. ඒ සැමෝම දැක්වූ සහෝදරත්වය ඉතා අගය කරනවා.

Thursday, September 5, 2013

මොකක්ද මේ VR ?



ඔන්න ලමයි පොඩි විවේකයක් ඕනා කියපු නිසා විහිළු කතා දෙකක්ම දුන්නා, දැන් ඉතින් ආපහු අපේ ෆොටෝ පාඩමට යමු. පසු  ගිය දිනක  පල කල "zoom එක මදිද?" පොස්ට් එකට කොමෙන්ට් කරලා සෙන්නා අහල ප්‍රශ්නෙකුයි එයම මං තුමා දුන්න උත්තරෙයි මෙන්න තියෙනවා.


මේ ගැන පසුව පොස්ට් එකකින් පැහැදිලි කරන්නම් කීවට මං තුමාට එක අමතක වුනා. අද මට ඊයක් විදලා අමිල නිරෝෂන් මලයා මේ ගැන මතක් කරලා තිබුනා. මේ ගැන මතක් කලාට ඔබට බොහොම ස්තුතියි අමිල.

අපි බොහෝ විට ඡායාරුප ගන්නේ කැමරාව අතේ තියාගෙන (hand held) එවිට අඩු ද්වාර වේගයන් (slow shutter speed) භාවිතා කිරීමේදී, අපේ අතේ ඇතිවන සුළු සෙලවීමක් (camera shake) නිසා වුවද ඡායාරූපයේ පැහැදිලි තාවයට බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. මෙවැනි ඡායාරුප අපි blur image ලෙස හඳුන්වනවා. පහත ඇති ඡායාරුපය බලන්න.
camera shake දෝෂය සහිතයි.
දැන් අපිට ඇතිවන ප්‍රශ්නය තමයි කැමරාව අතේ තියාගෙන ෆොටෝ ගැනීමේදී camera shake දෝෂය නැතිව ෆොටෝ ගත හැකි  අවම ද්වාර වේගය (shutter speed)  කුමක් ද යන කාරණය. මේ අවම ද්වාර වේගය අපි භාවිතා කරණ කාචයේ නාභි දුර අනුව වෙනස් වනවා.  මේ සඳහා ඉතා සරල සමීකරණයක් තියෙනවා එය හඳුන්වන්නේ rule of thumb ලෙසයි.  එනම්

අවම  ද්වාර වේග =  1/ කාචයේ නාභි දුර 

 මි.මි. 18 කාචයක් භාවිතා කිරීමේදී  1/18 
 මි.මි. 50 කාචයක් භාවිතා කිරීමේදී  1/50 
 මි.මි.  100 කාචයක් භාවිතා කිරීමේදී  1/100 
 මි.මි. 300  කාචයක් භාවිතා කිරීමේදී  1/300

නමුත් පළපුරුදු දක්ෂ ඡායාරුප ශිල්පියෙකුට මිට වඩා අගයන් දෙකක් හෝ තුනක් පමණ පහලින් සිටින සේ ද්වාර වේග සකසා සාර්ථක ඡායාරුපයක් ගැනීමට හැකියාව තිබෙනවා.

මොකක්ද මේ VR  එහෙම නැතිනම් IS ලෙන්ස් කියන්නේ?

අපි ඉහත ඉගෙනගත්ත rule of thumb එකට අනුව දැන් අපි දන්නවා කාචය අනුව, කැමරාව අතේ තබාගෙන ෆොටෝ ගැනීමේදී යොදාගන්න ඕන කරණ අවම ද්වාර වේගය (shutter speed)  කුමක් ද කියා. මේ VR එහෙමත් නැතිනම් IS ලෙස හඳුන්වන්නේ කාචයට යොදා ඇති තාක්ෂණික ක්‍රමයක් මගින් මේ අවම ද්වාර වේගය (shutter speed)   තවත් දුරට අඩුකර දීමයි. VR  වලදී  සාමාන්‍ය අගයට වඩා අගයන් දෙකක් ද VR -II වලදී අගයන් හතරක් ද ලෙස ද්වාර වේගය අඩු කල හැකියි)

VR සක්‍රිය නොකර

VR සක්‍රිය කර
මෙම තාක්ෂනය  Canon හඳුන්වන්නේ   IS (Image Stabilization) ලෙස සහ Nikon හඳුන්වන්නේ   VR (Vibration Reduction) ලෙසයි. නමුත් මේ දෙකේම ඇත්තේ එකම තාක්ෂණයයි.  එනම් කාචය තුල ඇති එක ලෙන්ස් එකක් VR unit එකක්  ලෙස සකස් කර තිබීමයි. මෙහිදී  කැමරාවේ ඇතිවන සෙලවීම දැනගත හැකිවන මෝෂන් ඩිටෙක්ටරයක් මගින් එහි ඇතිවන සෙලවිමෙහි ප්‍රමාණය සහ දිශාව තීරණය කර ඒ අනුව එයට ප්‍රතිවිරුධව මෝටරයක් මගින් මේ කාචය චලනය කරවීමෙන්, සෙන්සරය මතට ලැබෙන ප්‍රතිබිම්බය ස්ථාවරව තබාගැනීමයි.




ඉහත තිබෙන flash applet එකේ තිබෙන play එක ඔබලා බලන්න. ඊට අමතරව මේ පහත තියෙන වීඩියෝ දෙක බලන්න, එවිත ඔබට මේ VR ක්‍රියාකරන ආකාරය ගැන හොඳ වැටහීමක් ලැබේවි.





Wednesday, August 21, 2013

නොමිලයේ Zoom ලෙන්ස් එකක්


කලින් පොස්ට් එකෙන් අපි කතා කලේ ටෙලි ලෙන්ස් එකක නාහි දුර වැඩි කරගැනීම පිණිස යොදාගන්න පුළුවන් ටෙලි කන්වර්ටර් ගැන. මීළඟ පොස්ට් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අඩු නාභි දුරක් ඇති කාව ගැන සහ මේ එක එක වර්ගයේ කාචයන් භාවිතා කරන්නේ කුමන අවස්ථාවන් හි ඡායාරුප ගැනීම සඳහාද යන කාරණයයි.

ඉහත රුපයෙන් දැක්වෙන්නේ Nikon විසින් නිෂ්පාදනය කර ඇති මි.මි. 800 නාභි දුරක් ඇති ටෙලි ලේන්සයයි. මෙය තමයි නිකොන් වල දැනට ඇති විශාලතම ටෙලි ලේන්සය. මෙහි මිල ඩොලර් 17,899.95  පමණ වෙනවා. ඉතින් මෙතරම් මිලක් ගෙවා මෙවැනි කාච ලබාගන්නේ ඇයි? නාභි දුර වෙනස් වීමේදී අපට ලැබෙන රුපය වෙනස්වන ආකාරය කෙබඳුද? වැනි කාරනා ගැන බොහෝ දෙනෙක්ට අත්දැකීම් නැහැ. ඒ නිසා මේ කාච වල හැසිරීම පිලිබඳ පොඩි ප්‍රායෝගික අත්දැකීමක් තිබුනොත් හොඳයි කියලා හිතුනා. ඒ ගැන සොයා බලාන කොට නිකොන් වෙබ් අඩවියේ ඉතා හොඳ simulator එකක් තිබුනා. ඔන්න ඕගොල්ලන්ගේ පහසුව සඳහා එම සිමියුලේටර් එක සහිත පිටුව මෙම අඩවියේම ඇතුල් කළා.

දැන් ඉතින් මේ simulator එකට ගිහින් කාච වල නාභි දුර වෙනස්කරමින් බලන්න. ඒ වගේම කැමරා බොඩි එක FX සහ DX ලෙස වෙනස් කරමින් බලන්න. FX කියන්නේ Full Frame සෙන්සරයක් සහිත කැමරා සහ DX කියන්නේ APS සෙන්සරය සහිත කැමරා.  සෙන්සර් ෆොර්මැට් ගැන මේ පොස්ට් එක බලන්න 

එමෙන්ම ඒ ඒ වර්ග වෙනුවෙන්  FX සහ DX ලෙස ලෙන්සයන් තිබෙනවා. FX කැමරාවක් වෙනුවෙන් යොදාගත යුත්තේ FX ලෙන්ස් වන අතර DX ලෙන්ස් යොදාගැනීමේදී රුපයේ සිදුවෙන වෙනස දකින්න. නමුත් DX කැමරා සඳහා මේ දෙවර්ගයේම ලෙන්ස් යොදාගන්න පුළුවන්.

දැන් එහෙමනම් මේ පහල තියෙන simulator එක සමග ටිකක් කාලය ගත කරන්න.

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...