Monday, January 22, 2018

DSLR එකෙන් මියුසික් වීඩියෝ කරමු ද? - දෙවන කොටස

 මෙම පොස්ටුව ලියන්න කල් ගිය නිසා කලින් පොස්ටුවේ තිබුන දේවල් අමතක වෙලා ඇති නේද? ඒ නිසා DSLR එකෙන් මියුසික් වීඩියෝ කරමු ද? පළමු කොටස මෙතනින් බලාගෙන අවොතින් හොදයි.

බොහෝ DSLR කැමරා වලින්  වීඩියෝ ගත කල හැකි බව දන්නවා නේ. ඔය කැමරා එකේ තියෙන වීඩියෝ බටන් එක ඔබලා වීඩියෝ කරන්න පුළුවන්. විවිධ කැමරා වල මේ බටන් එක තිබෙන තැන වෙනස්.හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න.. ඔය වීඩියෝ බටන් එක ඔබන්න කලින් කැමරාව ලයිව් විව් (Live View) දමන්න ඕන. ලයිව් විව් (Live View) කියන එක දන්නවා නේ.

පහල තියෙන රුප හොඳින් බලන්න.



Nikon කැමරාවේ වීඩියෝ බටන් එක

Canon කැමරාවේ වීඩියෝ බටන් එක

දැන් ඉතින් ඔක්කොම හරි මට වීඩියෝ කරන්න පුළුවන් කියලා හිතන්න නම් එපා. මේ විදිහට වීඩියෝ කරන එක හරියටම කැමරාවේ ඔටෝ මෝඩ් එකෙන් ෆොටෝ ගන්නවා වගේ තමයි. අවශ්‍ය නම් කැමරාවේ AUTO මෝඩ්  එකෙන්  Manual ගමු පොස්ට්එක බලන්න. ඉතින්  වීඩියෝ කරනකොට බොහොම වැදගත්  වන දෙයක් තමයි කැමරාවේ සෙටින්ග් ටික. අපි ඒ ගැන පසුවට කතා කරමු.

මේ පහල තියෙන කැමරා තමයි වීඩියෝ වලට හොඳම DSLR කැමරා විදිහට තියෙන්නේ. ඒ කැමරා ගැනත් පහල ඇති ලින්ක් වලට ගිහින් පොඩ්ඩක් බැලුවොතින් බොහොම හොඳයි.
ඉහත ඇති කැමරා ලැයිස්තුවෙන් පහලම ඇති කැමරා වර්ග තුන මිලෙන් අඩු බැවින් ආධුනික ශිල්පියෙකුට ඉතා හොඳ බව මහේ අදහසයි.

මම මිට පෙර පොස්ටුවේ සඳහන් කල මියුසික් වීඩියෝව කර ඇත්තේ Nikon D5100. කැමරාවකින්. ඒ වීඩියෝව මෙතනින් බලන්න පුලුඑවන්.  එම කැමරාවේ වීඩියෝ කිරීම1080p ප්‍රමාණයේ (resolution) කල හැකි නිසා වීඩියෝ කොලිටිය ඉතා හොඳයි. එමෙන්ම එහි flip-out ස්ක්‍රීන් එකක් තියෙන නිසා වීඩියෝ කිරීම් පහසුයි.  මේ පහත තියෙන පින්තුර ඔබලා Nikon D5100. කැමරාවකින් කර ඇති කෙටි වීඩියෝ ටික බලන්න.

http://swiftation.com/Woe

http://swiftation.com/X5v

http://swiftation.com/X9C

http://swiftation.com/XBQ

ඊළඟ පොස්ට් කිහිපයෙන් කැමරාවේ සෙටින්ග්ස්, අමතර උපාංග සහ වීඩියෝ එඩිටිං ගැන කතා කරමු.




1 comment:

  1. ඉස්සෙල්ල කැමරාවක් ගන්න එපැයි. හැක්..

    බලමු ඊගාව පෝස්ට් ටිකත්

    ReplyDelete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...