වණජීවී ඡායාරූප
කොහොමද ඉතින්, වසර ගණනාවකින් තමයි මං තුමා ආපහු බ්ලොග් එක පැත්තට ගොඩ උනේ. අපේ කස්ටියට දැන් මං තුමා අමතක වෙලාද දන්නෙත් නෑ . කොහොම උනත් ආපහු මේපැත්තේ ආවේ පොඩි ආරංචියක් කියන්න.
මේ දවස්වල මංතුමා ගේ විනෝදාංශය වන වණජීවී ඡායාරූපකරණය වෙනුවෙන් වැඩිකාලයක් ගතකරනවා. වණජීවීන් කිවම එය ඉතා පළල් පරාසයක් කරා විහිදෙනවා.
1. කුරුල්ලන්
2.සිවුපාවුන්
3. උරගයන් / සර්පයින්
4. සමනලයින් සහ බත්කුරන්
5. මල්වර්ග
6. ගස් වැල්
මේ සියලුම දේ වණජීවීන් ලෙස හදුන්වන්න පුළුවන්. මේ අංශ අතරින්, මංතුමා ගේ ප්රියතම දේ තමා කුරුල්ලන් සහ ඔවුන්ගේ හැසිරීම් ඡායාරූපගත කිරීම.
මේ වනවිට මා සතුව විශාල වණජීවී ඡායාරූප එකතුවක් ඇති නිසා එම ඡායාරූප ඔබත් සමග බෙදාගන්න හිතුවා. ඒ වෙනුවෙන්ම නව බ්ලොග් එකක් ඉතා ඉක්මනින් පටන්ගැනීමට අදහස් කරන අතර, ඡායාරූප සමග එම ජීවියා ගැන කෙටි සටහනක් සිංහල සහ ඉංග්රීසි භාෂා දෙකෙන්ම පලකිරීමටත් අදහස් කරනවා.
මේ ගැන ඔබ සැමගේ අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම බ්ලොගය සදහා සුදුසු නමක් යෝජනා කරන මෙන්ද ඉතා ආදරයෙන් ඉල්ලනවා.
එම බ්ලොගය පටන්ගත් පසු ඔබ සැම දැනුවත් කරන්නම්. එවිට ඒ පැත්තේ ඇවිත් යන්න එන්න.
ෆොටෝ බලන්න ආවේ .. කාලෙකට පස්සේ දැක්ක එකට සතුටුයි . සතුන්සමග වගේ නමක් කොහොමද
ReplyDeleteස්තූතියි , අලුත් බ්ලොග් එක පටන් ගත්ත ගමන් දැනුවත් කරන්නම්
Deletehttps://wildlifetrails.blogspot.com/
Deleteඔන්න අලුතින් කියපු ලෙස බ්ලොග් එක පටන් ගත්තා. මේක ඉංග්රීසි භාෂාවෙන් පළකරන්නේ, නමුත් ඉක්මනින්ම සිංහල භාෂාවටත් පරිවර්තනය කරලා තවත් සිංහල බ්ලොග් එකකුත් ලියනවා එතෙක් මේක බලන්න
වනජීවී කැන්වසය kohomada?
ReplyDeleteස්තූතියි , එකක් නරක නෑ, තව බලමු
Deletehttps://wildlifetrails.blogspot.com/
Deleteඔන්න අලුතින් කියපු ලෙස බ්ලොග් එක පටන් ගත්තා. මේක ඉංග්රීසි භාෂාවෙන් පළකරන්නේ, නමුත් ඉක්මනින්ම සිංහල භාෂාවටත් පරිවර්තනය කරලා තවත් සිංහල බ්ලොග් එකකුත් ලියනවා එතෙක් මේක බලන්න
ඔබේ බ්ලොග් අඩවිය සඳකඩපහන සින්ඩියට ඇතුලත් කරගෙන ඇත. එය ඇත්තේ බ්ලොග් සඟරා තීරයේය. ඊට අමතරව ඔබ මේ ලියන්නේ බොහෝ කලකින් බැවින් එය "පුනරුප්පත්ති" කොලමට එක් කොට ඇත!
ReplyDeleteබොහොම ස්තූතියි
Deletehttps://wildlifetrails.blogspot.com/
Deleteඔන්න අලුතින් කියපු ලෙස බ්ලොග් එක පටන් ගත්තා. මේක ඉංග්රීසි භාෂාවෙන් පළකරන්නේ, නමුත් ඉක්මනින්ම සිංහල භාෂාවටත් පරිවර්තනය කරලා තවත් සිංහල බ්ලොග් එකකුත් ලියනවා එතෙක් මේක බලන්න.
ඔබගේ සිංඩියට මෙයත් ඇතුලත් කරන්න හැකිනම් බොහොම වටිනවා.