Z - ස්කෝර් අවුල යාන්තමින් බේරාගෙන ඇත්තේය. නමුත් මේ නිසා අසාධාරණයට ලක් වූ සිසුන් බොහෝය. මෙවර වානිජ්‍යය විෂය ධාරාවෙන් A සමර්ථ 3ක් ලැබූ සමහර ශිෂ්‍යයන්ටද සරසවි වරම් අහිමි වන ලකුණු පෙනෙන්නේය. මේ අසාධාරණයට විසදුමක් ලෙසත්, රටේ අනාගත සුභ සිද්ධිය උදෙසාත්, නව විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට පිළිබඳව මේ දිනවල ඉහල මට්ටමේ සාකච්චා පැවැත්වෙන බව ඉතා විශ්වාශ කටයුතු මාර්ගයකින් මං තුමා වෙත තොරතුරු ලැබී ඇත්තේය. මේ යෝජිත නව විශ්ව විද්‍යාලය පිලිබඳ කෙරෙන පළමු හෙළිදරව්ව වන අතර සය්බර් අවකාශයේ හිතවතුන්ගේ අදහස් සහ යෝජනා ඇත්නම් කරුණාකර ඉදිරිපත් කරන ලෙස මෙයින් දන්වා සිටින්නේය.
අ.පො.ස. (උ/පෙ) විද්‍යා සහ ගණිත අංශ වලින් ඉහලම ලකුණු ලබාගන්න සිසුන් ඇතුලත් කරගනු ලබන්නේ වෛද්‍ය සහ ඉංජිනේරු පිඨයන්ටය. තම දරුවා වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් කිරීමට දෙමාපියන් බොහෝ සෙයින් උනන්දු වෙනවාය. එයට දොස් කිමට ද බැරිය. තම දරුවන් සමාජයේ ඉහලට ගෙනයෑමට සෑම දෙමාපියෙක්ම කැමතිය. සමාජයේ ඉහලම තලය හිමිකරගෙන සිටින්නේ දොස්තරය. Once a King always King කියා කියමනක් ඇත්තේය. දොස්තර කමත් එවගේය. ඌ මලත් දොස්තරමය. රටේ ජනාධිපතිත් ධුර කාලය අවසන් වූ පසු හිටපු ජනාධිපති වන්නේය. නමුත් කොහෙවත් හිටපු දොස්තර කියා කියන්නේ නැත්තේය.
තත්වය මෙසේ උවද දැන් සිදුවෙන කාරනා අනුව දොස්තරලගේ අනාගතය එතරම් සුභ නැත්තේය. මෙයට හේතුව වන්නේ අතක් අහිමි වූ නීති ශිෂ්‍යාවට ප්ලාස්ටරය දැමු දොස්තරගේ ප්‍රකාශය ය. මේකා කියා ඇත්තේ ඇගේ වෙලාව හොඳ නැහැ කියාය.
යෝජිත නව විශ්ව විද්‍යාලය පිලිබඳ අදහස් නිලධාරිනට ලැබුනේ මේ ප්‍රකාශය නිසාය. ඔන්න දැන් අලුත් විස්ස විජ්ජාලේ අරඹන්න යනවාය. ඒ කට ඇතුල් කරගනු ලබන්නේ අ.පො.ස. (උ/පෙ) සියලුම විෂය ධාරාවන්ගෙන් ඉහලම Z -අගය ගන්නා සිසුන්ය. (වෛද්‍ය ,ඉංජිනේරු සහ අනිකුත් පිඨයන්ට ඇතුලත් කරන්නේ ඊට වඩා අඩු ලකුණු ලබාගන්න උන්වය.) නව විස්ස විජ්ජාලේ වසර 5ක කාලයේදීම උගන්නන්නේ ජෝතිර් විද්‍යාවය. තත්කාලය අනුව වෙලාව සැකසීමට ප්‍රමුක ස්ථානයක් ලැබෙනවාය.
සියලුම ආයතනවල ඉහලම නිලය හිමිවන්නේ මේ ජෝතිර් වේදී උපාධි ධාරින්ටය. ප්‍රශ්නේ ඉවරය. තත්කාලයට අනුව වෙලාව බලා සුදුසු දොස්තර වෙත ලෙඩා යොමු කරනු ඇත්තේය. එවිට වෙලාව හොඳය. ප්‍රතිකර්ම සාර්ථක වන්නේය.
සෑම තැනකම මේ ලෙසම කරන්නේය. ගොඩනැගිල්ලක් සැදීමට පෙර වෙලාව බලන්නේය. ඒ අනුව ඉංජිනේරුවාට උපදෙස් දෙන්නේය. හුටස් ගා වැඩේ වෙන්නේය. කවදාවත් ගොඩනැගිල්ලක්, පාලමක් කඩා නොවැටෙන්නේය.
කොටින්ම කියනවනම් බ්ලොගයේ පොස්ට් එකක් පබ්ලිෂ් කිරීමට කලින් ද වෙලාව බලා ගන්නේය. සට සට ගා හිට්ස් සහ කොමෙන්ට් වැඩි වෙන්නේය.
ඉහත ප්‍රකාශය කල දොස්තරයා දොස්තර කමට සුදුසු නැති උනත් ඌ ට ඇත්තේ පුදුම මොලයක්ය. වෙලාව හොඳ නැති බව කිවේ ඒ නිසාය. මේ නව විස්ස විජ්ජාලේ හැදෙන්නෙත් මේ ප්‍රකාශය නිසාය. මේ දොස්තරයට රටේ ඉහලම රාජ්‍යය සම්මානයත්, ඉහලම ජනතා සම්මානයත් දෙන්නටම වටිනවය.
හික් හික් හික් දැනටත් ප්‍රධාන බැංකුවක ලොකු පුටුව දීල තියෙන්නේ රාජකීය ජෝතිෂ්‍යවේදියාට. පට්ටයි අර ඩොකාව හම්බ උනානම් ඕකගේ කලිසම ඔළුවෙන් ගලවනවා අර අසරණ ළමයාගේ අනාගතේම අඳුරේනේ.....
ReplyDeleteඔන්න බලපන් කෝරලේ මහත්තයෝ සුදුස්සාට සුදුසු තැන දෙන හැටි. දැන් ඔය බන්කොවේ කිසිම ප්‍රශ්නයක් නැතිව ඇති. මේ කපේදී බංකොලොත් වෙන්නේ නැහැ. මොකද වෙලාව බලලා වැඩ කරනවනේ.
Deleteඅනිත් හැම තනමත් ඔහොම පත්වීම් දෙන්න ඕනේ.
මේක කියවන් යද්දි මටත් මතක් වුනේ ඒ හාදයා තමයි. බොරු කියල පජාත උනා මදිවට තව බැංකුවල ලොකු පුටුත් දෙනව. දෙයියනේ එතකොට ආර්ථික විද්‍යාවක් වැඩක්ම නෑනේ. රටේම ආර්ථිකෙත් ජ්යෝතිශ්යයටම බාර දුන්න නම් වැඩේ ඉවරයි. අන්තිමට ඔය යකා කබරාලයගෙ සීට් එකෙත් ඉන්දවයිද මන්ද මෙහෙම ගිහින්, ඒත් මගේ හිතේ වැඩි වෙනසක් වෙනකන් නැති වෙයි.
Deleteහයියෝ සල්ලි,, මොනවා වුනත් ඔක්කටම කලින් රටේ වෙලාව බලවන්න වෙයි මේ යන විදියට...
ReplyDeleteඔව්, එක ඇත්ත ශම්මි.
Delete
ReplyDeleteAn architect can advise his client to plant ivy to cover his mistakes. A doctor has to bury his mistakes.
Is this mistake or careless ?
Deleteහෙහ් හෙහ් ... සුමන බණ්ඩට ඔය අදහස දැම්ම නම් මිනිහම කපල මහල ඇඳගන්නත් තිවුනා. පොර ඒ තරම් ක්‍රියේටිව්.
ReplyDeleteදැන් දොස්තරලගෙන් සැලකියයුතු ප්‍රමාණයක් මාන්නයෙ උපරිමයටම ගිහින් තියෙන්නෙ. ඒකයි ඔය වගේ ප්‍රකාශ කරන්නෙ. වෛද්‍ය වෘත්තියෙ මූලික අරමුණු සාරධර්ම හුඟ දෙනෙක්ට මතක නෑ, නැත්නම් උවමානවෙන්ම අමතක කරනව.
මාන්නයේ උපරිමය කියන්නේ අන්තයටම ගිහින්.
Deleteඑලම තමා! අපරාදේ මේ ඉන්න එකෙන් අයින් වෙලා ඒකට යන්න ඕනේ!කොහොමත් බං ඔය දොස්තරලා කියන උන් මේවා ඇතුලෙත් ඉන්නෙත් හෙනම එකෙන්!
ReplyDeleteඑක හොඳ අදහස මල්ලි, ඔය උපාදිය ගත්තොත් ඉතින් ගොඩම තමයි. හිකිස්......
Deleteදොස්තර වැරදියි තමයි ඒත් එයා කිවිව දේ නමි ලංකාවෙ හැටියට වැරදි නැහැ..
ReplyDeleteලංකාවෙ අපිට හැමදේම වැරදිලා තියෙන්නෙ ඔය වෙලාව හරි නැති නිසානේ...
එකනේ ළමයෝ මේ අලුතින් විස්ස විජ්ජාලයක් පටාන් ගන්න යන්නේ..............
Deleteඅනේ මන්දා...අපේ වෙලාව හොද හින්දද මන්දා සෑහෙන කාලෙකට කලින් අපි නම් උ/පෙ ලිව්වෙ...
ReplyDeleteහෙක්, හෙක්... එක හැබෑ තමයි සිරා.
Deleteහික්... හික්... හික්.... එහෙනම් ඉස්සරහට ලංකාව ආසියාවේ විතරක් නෙමේ ලෝකෙන්ම ආශ්චර්යමත්ම රට වේවි.... කාටද ආඩම්බර.... ජය වේවා!
ReplyDeleteකොහොමද වැඩේ, නැගලා යයි නේද?
Deleteලෝකෙන් උතුම් රට ලංකාවයි අපෙ ලංකාවයි කියල කියා කියා ඉන්නයි තියෙන්නෙ... අනේ හැබැයි ඒ අක්ක නම් හරි පව්.... අවුරුදු 24 ලු... ශික් කාලකන්ණි දොස්තරලා....
Deleteඇත්තටම ඒ අහිංසක කෙල්ල පවු.
Deleteඅඩේ.. අපි ඊළඟ පාරත් මේ අයම පත් කරමුකෝ.... පට්ටයිනේ..
ReplyDeleteකොහොමත් ඉව ළඟ සැරෙත් මෙ ගොල්ලම තමයි. පත් කරන්න දෙයක් නැහැ.
Delete