අපිට මොකෝ... අනිත් උන්ට හෙනහත වැදිලා ගියත් අපිට මොකෝ. දැන් කාලේ බොහෝ දෙනක් හිතාගෙන ඉන්නේ මේ විදිහට නේද? තමන්ට කරදරයක් නැතිනම්, තමන් අවට ඉන්න අයට පමණක් නොවේ යාළු මිත්රාදීන්ට උනත් මොන දේ උනත් කමක් නැහැ. මේ තමයි බහුතරයගේ මානසිකත්වය....
මේ කතාවත් පුජනිය අජාන් බ්රහ්මවංසෝ හිමියන් ගෙන් ඇසුවක්. කියවලා බලන්න.
ඔන්න එකමත් එක ගොවිපලක් තිබුනා මේ ගොවිපලේ හිටියේ කවුද දන්නවද? මෙන්න මේ තුන් දෙනා..
ඒ තමයි එලදෙනක් , ඌරෙක් සහ කිකිළියක් . මේ තුන්දෙනාට අමතරව මේ ගොවි පලේ තිබුන ගොවි ගෙදර හිටියා මියන් 5 දෙනෙක්.
මේ මියන් පස්දෙනා,අර මුලින් කිවූ එළදෙන, ඌරා සහ කිකිළිය සමග බොහෝ හිතවත්. ඒ නිසාම ගමගෙදර ඇතුලත සිදුවන කතාබහ වලට ඇහුන්කම් දී මිතුරන් තිදෙනාට හානියන් වෙන කාරණයක් ගැන දැන ගැනීමට ලැබුන විගස ඒ බව ඔවුන්ට දැනුම් දීමට මේ මියන් පස්දෙනා පුරුදු වී සිටියා.
එක් දවසක් මේ මියන්ට අසන්න ලැබුනා ගමගෙදරට හිතවතුන් කිහිප දෙනෙක් පැමිණෙන බැවින්, ඒ සඳහා කුකුළු මස් ව්යංජනයක් පිළියෙළ කිරීමට ලැස්ති වෙන බව. ඔවුන් ඒ බව වහාම තම හිතවත් කිකිලියට පවසා දින කිහිපයක් සැඟවී සිටින ලෙස උපදෙස් දුන්නා.
තවත් දවසක් ඔවුන්ට අසන්න ලැබුනා හරක් මස් මිල අධික වී ඇති බැවින් එළදෙන මරා මස්කර, ඔවුන් විශාල මුදලක් ලබාගැනීමට යන බව. මේ බවත් වහාම එළදෙන වෙත දැනුම් දී ඉක්මනින්ම ගොවිපලෙන් පැනගොස් කැලයේ සැඟවී සිට නැවත පැමිණෙන ලෙස උපදෙස් උන්නා.
එමෙන්ම ඌරා මරා මස්කිරීමට සැරසෙන විටමත් ඒ බව ඌරා ට දැනුම් දී, ලෙඩවී ඇති සෙයක් දැනෙන ලෙස, සෙම පෙරාගෙන වැතිරී සිටින ලෙසට උපදෙස් දෙනු ලැබුවා. මේ ආකාරයෙන් මෙම සතුන් තුන්දෙනාගේ ජිවිත බොහෝ වාරයක් බේරා දෙනු ලැබුවේ මෙම මියන් පස් දෙනා විසින්.
එලෙස කාලය ගතවෙද්දී එක්දිනක් මේ ගම ගෙදරට පාර්සලයක් ගෙනාවා. මේ පාර්සලය ඇතුලේ තිබුන දේ දුටුවිට මේ මියන් පස් දෙනා බොහෝ සේ බියෙන් තැති ගත්තා.
දැක්කා නේද ගෙනත් තියෙන දෙය. දැන් ඉතින් මේ අසරණ මියන්ට කාගේ පිහිටක්ද? ඔවුන් දැන් මෙහෙම කතා වෙනවා...
" අපි බොහෝ වාර ගණනක් අපේ මිතුරන් තුන් දෙනාගේ ජිවිත බේරලා තියෙනවා... ඒ නිසා අපි ගිහින් ඒ අයගේ උදවු ඉල්ලා ගනිමු"
ඔවුන් පළමුව ගියේ කිකිළිය හමුවෙන්න.
"අනේ යාළුවේ අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න.."
"අපිට මොකෝ... මි කතුරකින් කුකුලන් මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම ඒ ගැන බලාගන්න"
ඊ ලඟට ඔවුන් ගියේ එළදෙන ලඟට, උදවු ඉල්ලා ගැනීම සඳහා....
"අනේ යාළුවේ අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න.."
"අපිට මොකෝ... මි කතුරකින් හරක් මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම ඒ ගැන බලාගන්න"
බොහෝ සෙයින් කනස්සලු වූ මේ මියන් පස් දෙනාගෙ අවසාන බලාපොරොත්තුව........
"අනේ යාළුවේ අපේ ගමගෙදරට මි කතුරක් ගෙනත්... අපිව මේ කරදරයෙන් බේරා ගන්න.."
"අපිට මොකෝ... මි කතුරකින් ඌරො මරන්න බැහැ. ඒ නිසා මට එකෙන් වැඩක් නැහැ ඔය ගොල්ලම ඒ ගැන බලාගන්න"
මේ කතා අසපු මියන් බොහෝ සෙයින් කනගාටුවටත් කලකිරීමටත් පත්වුණා. දින කීපයක් යනවිට මේ මියන් සියලු දෙනාම මි කතුර විසින් බිලිගනු ලැබුවා. දැන් තවත් දවස් කීපයක් ගතවුනා. එක් දිනක් හදිසියේම ගමමහගේ හදිසි අනතුරකට භාජනය වෙලා රෝහල් ගත කළා. දැන් ඉතින් ඇයට බොහොම අමාරුයි. ශක්තිය වඩවන ආහාරක් ලෙස කුකුල් මස් සුපයක් සෑදීමට තීරණය උනා.
මී කතුරකින් කුකුලෙක් මැරුනේ ඔය විදිහට.......
දැන් ඉතින් අහල පහල සැමෝම වගේ මේ ලෙඩා ගැන තොරතුරු දැනගන්න ගම ගෙදරට එනවා, මේ අයට සලකන්න ඕන නිසා සොසේජස් ඕන වුනා...
මී කතුරකින් ඌරෙක් මැරුනේ ඔය විදිහට......
දින කීපයකින්ම මේ ලෙඩා මරණයට පත් උනා. දැන් ඉතින් ගමගෙදර විශාල සෙනගක් රැස්වෙලා. මේ අයට සලකන්න බිෆ් ස්ටික් සාදන්න උනා...
මී කතුරකින් එළදෙනක් මැරුනේ ඔය විදිහට......
ඔන්න ඕක තමයි කතාව... අනුන්ට වෙන කරදරයකදී අපිට මොකෝ කියලා හිතන්නේ නැතිව හැකි පමණ ඒ අයට පිහිට වෙන්න උත්සාහ කරන්න ඕන. ඍජුවම නැතත් වක්රාකාරව හෝ ඒ අයගේ කරදර අප කරා එන්න හැකි බව අමතක කරන්න එපා.