මාත් එක්ක එකතු වෙන්න

Thursday, January 31, 2013

අපොයි මගේ ඇ* (18+)


වෙනියා ගේ  යාන්තමින් බේරා ගත්...  කියන පොස්ට් එක කිවපු ගමන්, මතකයන් අතරේ සැඟවී ගිය මෙම මහා අනර්ඝ කතාවස්තුව නැවත මකයට පැමිණුනා.  ඉතින් කියවලම බලන්නකෝ.


කඳුළු දුපතේ ජ.රා. රජාගේ කථාවස්තු නම් පැරණි වටිනා පුස්තකයෙන් සොයාගත් තවත් කථාවස්තුවක් තමයි අද ඉදිරිපත් කරන්නේ. මේ කතාව ඔය ජ.රා. රජාගේ  යුව රජ කෙනෙක්ට උන අබග්ගයක් ගැන කියවෙන එකක්. මේ  කතාවත් ඔය බොහෝ ඇසු පිරූ තැන් ඇති උදවිය දන්නා කතාවක් උනත් කියවලම බලන්නකෝ, මේක ඔය ඔරිජිනල් පොතෙන්මයි උපුටාගත්තේ.

ඔන්න ළමයිනේ මේ ජ.රා. රජා  රාජ්‍යය විචාරන සමයේ, රජු සහ රාජ  සභාවේ සියලුම උත්තමයන් පරසක්වල යවා රජකම පැහැර ගැනීමට විශාල කුමන්ත්‍රණයක් සිදුඋනා. මේ කුමන්ත්‍රන කරුවන් යොදපු උපක්‍රමය තමයි, රජා  සිංහාසනාරූඩව ඉන්න වෙලාවක  රාජ සභාවට බෝම්බයක් දමා ගැසීම. ඔය කුමන්ත්‍රන කරුවන් ගැසූ බෝම්බය, මේ පින්වත් රජාගේ බල මහිමය නිසාම පිපිරෙන්නේ නැතිව වෙනත් තැනකට පොලා පැන්නා.  ඔය සිංහලෙන් බම්ප් වෙනවා කියන්නේ, අන්න එහෙම වෙලා යුවරජතුමා ලගට වැටිලා පිපිරුණා. මේ පිපුරුමෙන් බරපතල ලෙස තුවාල උන යුවරජ තුමාව, වහාම දඬු මොණර යානයකින් රාජකීය රෝහල වෙත ගෙනගියා.

දැන් රාජකීය ඩොකාලා  ටික බරටම වැඩ මුගේ පන බේරගන්න. ඔන්න එතකොට එක ඩොකෙක් දැක්කා මෙයාගේ අර ඇට සෙට් එක හුටස් වෙලා කියලා. දැන් ඉතින් මේකට කොහොම හරි ඔය එකක් බද්ධ කොරන්න  ඕනේ නේ. එත් දෙය්යනේ මොන යකා ද  ඕකක් පරිත්‍යාග කරන පින්වතා. ඉතින් සෙට් එකක් හොයාගන්නම බැරි උනා. නමුත්  ඩොකාලා  ටිකත් වැඩේ අත  හරියේ නැහැ. කොහොම හරි වෙටෙක්  හොයාගෙන කෝල් එකෙක් දීල මෙහෙම කියුවා.

" මචං, අපේ  යුවරජ ගේ ඇට සෙට් එක නැහැ... ගැලපෙන එකක් හොයාගන්නත් බැහැ. අනේ මචෝ කොහොම හරි ඔය බල්ලෙක්ගෙ සෙට් එකක් ගලවලා එවපන්"
දැන් ඉතින් හැරෙන තැපෑලෙන් බලු ඇට  සෙට් එකක් රාජකීය රෝහලේ. ඔපෙරෂන් එක ෆුල් සක්සෙස්. මාස කීපයකට පස්සේ අපේ යුවරජා සනීප වෙලා මේ ඩොකාලා  ටිකට පාටියක් දෙන්න ලෑස්ති කළා. ඉතින් මේ ඩොකාල  ටික පාටියට  ආවෙලේ යුවරජ එක්ක මෙහෙම කතාවක් උනා.

"කොහොමද දැන් සැප සනීප යුවරජ තුමණි.."

"බොහොම ස්තුතියි, ඔයගොල්ලන්ගේ කැපකිරීම  නිසා මගේ ජීවිතය බේරුණා..., නමුත් පොඩි  ප්‍රශ්නයක් තියෙනවා"

ඒ මොකක්ද යුවරජ තුමනි?"

"අනේ මන්දන්නේ නැහැ.. ඔය චූ කරන වෙලාවට මගේ එක කකුලක් ඉස්සෙනවා"

Tuesday, January 29, 2013

පොලිසියෙන් කලා පොළ කයි.


ඔන්න ඉතින්  පහුගිය 26 සහ 27 වෙනිදා  20 වෙනි සැරේටත් කලා  පොළ පැවැත්වුනා   කලා  පොළ  කියන්නේ, ලංකාවේ  ඉන්න සියලුම  චිත්‍ර, මුර්ති සහ කැටයම් ශිල්පීන්ගේ කලා  නිර්මාණ, ප්‍රදර්ශනය සහ අලෙවි කිරීම  සිදුකරන වාර්ෂික අංගයක්. පුරුදු පරිදි පැවැත් වුනේ ග්‍රීන් පාත්  එහෙම නැත්නම දැන් කියන විදිහට නෙලුම් පොකුණ මාවත දෙපස. සුපුරුදු පරිදි සංවිධානය ජෝර්ජ් කිට් පදනම, අනුග්‍රහය ජෝන් කීල්ස් සමුහය.

මං තුමාගේ පොඩි කොලුවත් 3වන  සැරේටත් සහභාගී   උන නිසා මං තුමාත් ඉතින්  කැමරාවත් එල්ලගෙන ඔය දවස් දෙකේම ඔතන ගත කළා. ඔය තියෙන්නේ පොඩි එකාගේ ප්‍රදර්ශන කුටිය. පහුගිය සුමනේ එකා අත කඩා ගත්තා. ඔය ඉන්නේ කැඩිච්ච අතත්  එල්ලගෙන.


මෙතන බොහොම ලස්සන කලා  නිර්මාණ තිබුනා. ඒ වගේම පාර දෙපස ප්‍රදර්ශන කුටි සකස් කරලා බොහොම අපුරුවට තිබුනා.26 උදේ 8.00 විතර උත්සවාකාරයෙන්  කලා  පොළ ආරම්භ කර සුළු මොහොතකින් මෙතනට පොලිසියේ උසස් නිලධාරින් කඩා පැන.  පාර දෙපස තිබුන ප්‍රදර්ශන කුටි පාරේ එක පැත්තකට වහාම රැගෙන යන ලෙස දැනුම් දුන්න. සංවිධායකයන් පොලිසියෙන් සහ  නගර සභාවෙන් පුරවා අනුමැතිය ලබාගෙන තිබුනත් මේ අමන පොලිස් කාරයෝ මේ කුටි ඉවත් කරන්නයි බලකර සිටියා. පසුව පොලිසියෙන් කුලී කරුවන් යොදවා මේ කුටි පිටින්ම ඔසවා පාරේ අනිත් පැත්තට ගෙන ගියා.




පොලිසියෙන් මේ කල අමන ක්‍රියාව බොහෝ දෙනෙක් ගේ කනස්සල්ලට හේතු උනා. විශේෂයෙන්   කලා  පොළ  නැරඹීමට පැමිණි  විදේශිකයෝ   මෙ ගැන තදින් විවේචනය කළා. ඔවුන් කිවේ මෙන රටවල නම් කලා    කරුවන්ට රජයෙන් අත දෙනවා මිසක් මෙලෙස කලා  කරුවන් හට වද හිංසා පමුණුවන්නේ නැති බවයි. පොලිසියෙන් කියුවේ "අපිට කරන්න දෙයක් නැහැ .......... මහත්තය (රජයට සම්බන්ධ උසස් නිලධාරියකු) නෙලුම් පොකුණට එනවා , ඒ නිසා ආරක්ෂාවට මේ ප්‍රදර්ශන කුටි  පාරේ අනික් පැත්තට ගෙනයන්න තීරණය කළා "  බොහෝ දෙනෙක් මෙහෙම කියනවා ඇහුනා "පොලිසියේ මෝඩයෝ හිතන්න ඇති ලංකාවේ කළා කාරයෝ කියන්නේ ත්‍රස්තවාදීන් කියලා." නමුත් සමහරු නම් කියුවේ "එම උසස් නිලධාරියාගේ  නම ගාවන්න හේතුව වක්‍රාකාරයෙන් මහජනයාගේ අප්‍රසාදය ඔහු කෙරේ ගොඩ නංවන්න වෙන්න ඇති කියලයි".

මේ කුටි  24දා සවස් කාලය වෙනවිට ඉදිකිරීම් අවසන් කොට තිබු අතර, යම් හේතුවක් නිසා පොලිසියට එම කුටි පාරේ අනික් පසට ගෙන යෑමට අවශ්‍යයතාවයක් තිබුණි නම් මෙම ප්‍රදර්ශනය ආරම්භයට පෙර එය කල හැකිව තිබු අතර, පොලිසිය කල මෙම  ක්‍රියාව  නිසා බොහෝ දෙනෙකු ගේ අප්‍රසාදයට පත් වුයේ රජයයි. මෙයද රජය අප්‍රසාදයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් විය නොහැකිද ? යන වගත් බොහෝ දෙනෙක් කතා බහ කරනු අසන්නට ලැබුණි.

ඒ කෙසේ වෙතත් මෙවර කලාපොලත් බලන්න වටිනා  ලෙස පැවතුනා. බොහෝ දෙනෙක් මේ අපුරු ප්‍රදර්ශනය බලන්න පැමිණියා වගේම තමන්ගේ සිත් ගත්   කලා  නිර්මාණ මිලදි ගන්නත්, කලා  කරුවන් සමග වචන කීපයක් කතා කරන්නත් මේ  කලාපොළ  හොඳ අවස්ථාවක් කරගත්තා. මේ සැරේ එන්න බැරි උන අය  මෙතනින් ෆොටෝ බලාගන්න. 


ඉවත ලන වාහන කොටස් වලින් කල නිර්මාණ 
යකඩ බල්ලා

යකඩ අශ්වයා 

යකඩ අශ්වයා 

සිත් ගත්  මුර්ති නිර්මාණ කීපයක් 

 කොහොමද මේ වැඩේ. ගොඩක් දෙනෙක් ඔය විදිහට සජීවී රුප ඇඳීම කළා.



ඔයිට වඩා පෙන්නන්නේ නැහැ. ඊළඟ සැරේ ඇවිත් බලන්න.



Monday, January 28, 2013

අප ඉන්නම් බඩගින්නේ ළඟ ඉන්නකෝ අම්මේ

      
ඈත කැලේ ඉගිල ගියා කැම සොයා අම්මා
ඈත බලා ඉන්නවා අප එනතුරු ඔබඅම්මා
ඈත ඉඳන් හඬ නගන්න මට ඇහෙන්නඅම්මා
ඈත කොනක හිතේ බයක් දැනෙනවා මටඅම්මා
  
කට ඇරගෙන හිටියට අප මේ ලෙස බඩගින්නේ
තටු ඇත්නම් පියඹා විත් ඔබ සෙවනේඉන්නේ
මට ඇත්නම් ඔබේ උණුසුම ඉන්නම් බඩගින්නේ
තටු සලලා මගේ අම්මේ හනිකට මෙහෙ එන්නේ
  
අප දෙදෙනා තුරුලු වෙලා හිටියත් මෙහෙඅම්මේ
අප රකින්න කවුරුත් නැහැ හරිම බයයිඅම්මේ
අප වෙනුවෙන් කෑම සොයා ඉගිල ගියත්අම්මේ
අප ඉන්නම් බඩගින්නේ ළඟ ඉන්නකෝඅම්මේ
  

Thursday, January 24, 2013

මම පොලිසියට දුන්න හැටි ...



මට මේ කතාව මතක් උනේ ච්මී4යු ගේ "පොලිස් නිලධාරියෙකුට දුන්න දවස " කියන පොස්ට් එක කියවන කොට. ඉතින් මම කොමෙන්ටුවක් එහෙම දාලා අවා "අයියෝ මල්ලි මම එක පාරක් රුපියල්  40/- දීල බේරුනා. මේ ගැන පොස්ට් එකක් දාන්නම්." කියලා. ඉතින් ඒ කොමෙන්ට් එකට ප්‍රතිචාර එහෙමත් ලැබුනා. ඒ පැත්තේ ගිහිල්ල ඒවා බලාගත්තොත් හොඳයි.

මේ සිද්දිය උනේ  ඔය "හයි වේ"  අරින්න මාස කීපයකට කලින්. අපි ගෙදර කස්ටිය ඒ කියන්නේ  මගේ බිරිඳකොලුවෝ දෙන්නා සහ මං  තුමා කොළඹ ඉඳන් ගාල්ල බලා ගමන් කරනවා.  ඉරිදා දිනයක් නිසා පාරේ වැඩි වාහන තද බදයක් තිබුනේ නැහැ.  මමත් ටිකක්   වේගයෙන්  වහනය පදවාගෙන ගියා කියමුකෝ.  ඔන්න දැන්  අපි අම්බලන්ගොඩත් පහුකරගෙන ගියා. දැන් පාරේ බලු බල්ලෙක් පෙන්න නැහැ මම තවටිකක් වේගය වැඩිකරා .

" හරි.. තාත්තේ හරි තව ටිකක්"

"ලොකු පුතා, ඔයා තාත්තට නිදහසේ කාර්  එක එලවන්න දෙන්න.. මොන හදිස්සියක්ද?"

හොරැහින් මගේ බිරිඳ දෙස බලපු මම ඒ කතාව ඇහුනේ නැහැ වගේ තවත් ටිකක් වේගය වැඩිකරා. දැන් මම නිතිය ඉදිරියේ වැරදිකරුවෙක් මොකද මගේ වේගය පැ. / කි.මි. 85 ක්.  මෙහෙ යන්න පුළුවන් උපරිම වේගය පැ. / කි.මි. 70 නේ.

" හරි.. තාත්තේ 90 ට ගමු "  පොඩි එකා පිටිපස්සෙන් 

" නැහැ.. අද පාර  හිස් 100ට අල්ලන්න" 

"මේ තාත්තලයි පුතාලයි කවදාවත්ම හදන්න බැහැ" 

" හරි.. තාත්තේ 90 යි.....  95යි ....  හරි හරි "  මුන් දෙන්නට පිටිපස්සේ ඉඳන් ෆුල් චුන්.

දැන් මට ඈතින් නවත්තල තියෙන කහපාට බස් එකෙක් පෙනෙනවා. මේ බස් එක අද්දන්න කලින් ඉස්සර කරන්න කියලා හිතාගෙන මම තවත් ටිකක් වේගය වැඩිකලා  දැන් 97 යි.  ඒ එක්කම speed meter   එකක් අරගෙන කොස්සෙක් පාරට පැනලා අත  දික් කළා. එතකොට තමයි මට තේරුනේ අර බස් එකත් high-speed  ඇවිත් අල්ලපු එකක් කියලා. මම කාර් එක අයින් කරලා නවත්තල බැහැල කොස්ස හිටපු දිහාට ඇවිදගෙන ගියා. 

"ෂා  මරු  නේ වාහන  එලවන වේගය.  නැවත්තුවෙත් තව හැතැප්මක් විතර ගිහින්... මහත්තයා දන්නවද මේ පාරේ යන්න පුළුවන් වේගය ?"

"ඔව් රාළහාමි 70 නේ"

"ලජ්ජා නැතිව කියන ලස්සන. දන්නවද තමා අපු වේග කීයද  කියලා ?"

"අනේ රාලහාමි වාහනේ එලවනකොට ඔය මීටර් බල බල එලවන්නේ නැහැ  නේ"  

මමත් ගොනා පාට්  එකේ උත්තරයක් දුන්නා. එතකොට මු මට උගේ ස්පීඩ් මීටර් එක දික් කරලා පෙන්නලා කියනවා 

" මෙන්න බලන්න 81 යි. 11 ක් වැඩියි"  

හුටා 97 ට  අපු මගේ ස්පීඩ් එක 81 වෙන්නේ කොහොමද? මෙතන වෙන අවුලක්  බව  මට තේරුනා.

"පිස්සුද රාළහාමි ඔය මීටරේ වැරදියි මම අවේ 70ට වඩා අඩුවෙන්, කමක් නැහැ මම දැන් ඕක දැක්කනේ දැන් මීටරේ 0 කරලා පෙන්නන්න."

" සාජන් මහත්තයෝ මේ බලන්නකෝ මෙයා  කියනවා මීටරේ වැරදිලු. යන්නකෝ අර සාජන් මහත්තයා ට ගිහින් කියන්න "

මට දැන් වැඩේ තේරුනා. මුගේ මීටරේ වැඩ කරන්නේ නැහැ. 81ට තියාගෙන එන එන එකාගෙන් ගාන කපනවා. මීටරේ 0 කරන්නේ  නැහැ.  මුන් කොහේද  මාව තම්බන්නේ.  ඔහොම හිතමින් මම සාජන් ළඟට ගියා. මු මගේ ලයිසන් එක ඉල්ලගෙන අතේ තියාගෙන ඉන්නවා. 

" හරි හරි සාජන් මහත්තය මම වරද පිළිගන්නම් මීටරේ 0 කරන්න  බලන්න"

"නෑ  ඕනේ නැහැ, මහත්තය  අපි මේක ගොඩින් බේරාගමු."

"හ්ම්,  එහෙනම් ලයිසන් එක දෙන්න මම යන්නම්"

"එහෙම කොහොමද මහත්තය, ලයිසන් එක දෙන්නේ... නඩු දාන්න තමයි වෙන්නේ"

" හොඳයි නඩු දාන්න... "

"එහෙම හරි නැහැනේ, මහත්තයල නිකන් රස්තියාදු වෙනවනේ ..." 

හනේ මුගේ සත්ව කරුණාව.  මට දැන් යකා නැග්ගා. 

"මේ සාජන් මහත්තයෝ .. එක්කෝ දඩ කොලයක් දෙන්න, නැත්නම් උසාවි දාන්ඩ, එහෙම නැතිනම් මගේ ලයිසන් එක දෙන්න මාව මෙතන රස්තියාදු කරන්නේ නැතිව . මම දන්නවා ඔයගොල්ල කරන වැඩේ, වැඩකරන්නේ නැති මීටර් එකක් ගෙනල්ලා. නඩු දැම්මොත් හරි දඩ කොලයක් දුන්නොත් හරි මමත් අත  හරින්නේ නැහැ"

ඔහොම කියුව විතරයි සාජන් කාරයා ලයිසන් එක මගේ අතේ තිබ්බ. එහෙම තියලා;

"ඔන්න මහත්තයෝ මගේ යුතුකම ඉෂ්ටකලා. මෙතන අපි දෙන්නෙක් ඉන්නවනේ, මහත්තයත් අපිට පොඩි සපෝර්ට් එකක් දීලා යන්න."

ඔන්න බලළා මල්ලෙන් එලියට පැන්නා . 

"ආ ... එහෙම කියන්න එපැයි, මගේ පර්ස් එක කාර් එකේ මම එතනට යන්නම් අර රාලහාමිව  එතනට එවන්න"

"හොඳයි  මහත්තයා.. පේන්න  දෙන්න එපා ගුලි කරලා එයාගේ අතේ තියන්න... දන්නවනේ අද කාලේ  හැටි.. අපි දෙන්නෙක් හින්දා සාධාරණ ගානක් දෙන්න "

දෙන්නම් මම තොපිට සාධරණ ගානක් කියල හිතල කාර් එක ලඟට ගිහින්  රුපියල් 10 කොළ 4 ක්  අරගෙන සාජන්  කියපු විදිහට බොහොම පොඩියට ගුලි කළා.  දැන් කොස්ස මගේ ළඟ.  මම අත  මිට මොලවල රු 40 උගේ අතේ තියලා මෙහෙම කියුවා.

"රාලහාමි සාජන් මහත්තය කියුවා දෙන්නටම සාධාරණ ගානක් වෙන්න දෙන්න හැබැයි පෙන්න දෙන්න එපා කියලා.  මෙතන කොළ 4ක් තියෙනවා ඔහොමම සාක්කුවේ  දා ගෙන පස්සේ  දෙන්නා බෙදාගන්න"

තැන්කිව්....,   තැන්කිව්, මහත්තයා කියල කොස්සා එක  සාක්කුවේ ඔබා ගත්තා. 




Tuesday, January 22, 2013

පාන් සහ *කා පාන් (18+)



මම මේ ලඟදි දවසක පාන්  ගෙඩියක්  ගන්න ගියා. යකෝ  පාන් ගෙඩිය අතට අරගෙන ගාන අහපුවහම,  *කා පාන්  කිය උනා. ඇයි  යකො මේ බරේ හැටියට තියෙන්න එපායැ මේ මිල. පාන් ගෙඩියේ ගානේ හැටියට නම් මේකේ  උස්සගන්න බැරි තරම් බරක් තියෙන්න ඕනේ . හැබැයි  ඇහුවම කියුවෙ නම් බර ග්‍රෑම්  450ක් කියලා. ඔන්න එතකොට තමයි අර පොඩිකාලේ සෙල්ලම මතක් උනේ 

බර වැඩි යකඩ රාත්තලද පුළුන්  රාත්තලද

ඒ දවස්වලනම් හුටස්  ගාලා උත්තරේ දෙනවා යකඩ රාත්තලද කියලා.  අයි යකෝ ඉතින් යකඩ පුළුන් වලට වඩා  බරයි නේ? පස්සේ තමයි  තේරෙන්නේ, හුටා වැඩේ වැරදුනා, දෙකේම බර එක සමානයි කියලා. 

හැබැයි පුතෝ මේ ග්‍රෑම්  450 හේ පාන් ගෙඩිය ගත්තම මට හිතුනා ඔය පරණ සෙල්ලම අත්හදා බලන්න ඕනේ කියලා. ඔන්න ඉතින් මම පුළුන් ග්‍රෑම් 450 ක් සහ  තරාදියක් හොයාගෙන  මේ විදිහට එක පැත්තකට  පුළුන් ග්‍රෑම් 450ක්  සහ  ග්‍රෑම්  450 හේ පාන් ගෙඩිය අනික් පැත්තට දැම්මා . මල කෙලියයි පාන් ගෙඩිය තියෙන පැත්ත උඩට යනවා හරියට එකේ මිල වගේ. 

වෙන්න බැහැ,  තරාදිය වැරදි ඇති කියලා හිතලා පැති  දෙක මාරු කළා. අර ඉස්කෝලේ යන කාලේ අපි  ඉගෙන ගත්තේ පාලක පරීක්ෂණය කියල දෙයක් අන්න ඒ වගේ, ඒත්  පාන් ගෙඩිය උඩට යනවා. දැන් නම් මට ෂුවර්,   පුළුන් ග්‍රෑම් 450 බර වැඩි බව, ග්‍රෑම්  450 හේ පාන් ගෙඩියට වඩා.

ඔයදේ තේරුණ  ගමන් මට අපහු සැරයක් *කා පාන් කියවුණා.



පසු සටහන :
මට පින්තුරේ  අපේ යාන්ත්‍රිකයාගේ ඇත්තටම බර වැඩි යකඩ ලෝවදපුළුන් කිලෝවද? යන පොස්ට් එකෙන්, ඊට පස්සේ පොඩි එඩිට් පාරක් දැම්මා. Photoshop වලට පින්සිදුවෙවා.!

Monday, January 21, 2013

අල්ලස් දීම සහ *කේ ඇරීම



ඔන්න මම බිසවුන් වහන්ස *ක තියෙනවද? කියලා ලියපු කතාවෙන් ඔය කඳුළු දුපත නමින් ප්‍රසිද්ධ වුන රටේ හිටපු බොහොම බලසම්පන්න යයි කියාගත්ත  රජ කෙනෙක් ගැන කියුවනේ. මේ කතාවත් එයාගේ වැඩක් ගැන තමයි. මේකත් බොහොම පැරණි කථාවස්තුවක් නිසා සමහර දෙනෙක් අහලා ඇති.  කොහොම උනත්  හැමෝම මේ කතාවත් කියවලා බලන්නකෝ.

අපේ මේ ජරාතුමා වැරදුනා.. වැරදුනා... (මෙයා  ගැන කියන කොට කියවෙන්නෙම ඔය වචනේ ) රජ තුමා රජකම් කරන කාලේ රටේ බොහොම කලබල,  කුමන්ත්‍රණ ආදිය තිබුනා. ඉතින් ඔය හේතුවෙන්ම යුවරජ තනතුරේ හිටපු තුන් දෙනාගෙන් දෙන්නෙක්ම අකාලයේ පරලොව යන්න උනා. රජා ටත් මේකට බොහොම දුකයි. මොකද කියනවනම් ඔය ඉතිරි උන යුවරජාට රජකම දෙන්න මෙයාගේ කිසිම කැමැත්තක් තිබුනේ නැහැ.  දැන් ඉතින් කොරන්න දෙයකුත් නැහැ, මගෙන් පස්සේ රජකම පවරන්න වෙන්නේ මේ ඉතිරි උන එකාට උනත්, මම රජ වෙලා ඉන්නකල් මූට කොරන්න පුළුවන් ඔක්කොම කෙනහිලි කම් ටික කොරන්න ඕනේ කියලා මේ නාකි රජා  හිතාගත්හා.

ඔන්න ඔහොම ඉන්නකොට  දවසක්  රෑ හීනෙන් මේ රජාට අර පරලොව ගිය යුවරජ කෙනක් පෙනිලා මෙහෙම කියනවා.

"රජ තුමනි මම දැන් ඉන්නේ අපායේ... මෙහෙ යමරජ තුමා ඔබ තුමා ගැන බොහොම තරහෙන් ඉන්නේ... ඔබ තුමා මැරිලා මෙහේ  අවොත් එහෙම බඩුම තමයි. ඉක්මනට මොනවා හරි කරන්න"

හීනෙන් බයවෙච්ච රජා දාඩිය දාගෙන නැගිට්ටා. දැන් හොඳටම බයවෙලා මේකෙන්  ගැලවෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා.  දැන් රජාගේ කපටි මොලයට මෙහෙම අදහසක් පහල වෙනවා.

"මම මැරිලා ගිහින් අපායේ ඉපදුනොත් නේ වැඩේ වෙන්නේ... ඊට කලින් මම අපායට  රාජකීය සංචාරයක් ලස්තිකොරලා ගිහින් යම රජ්ජුරුවන්ට පගාවක් එහෙම දීලා යාළු  කොරගන්නවා." 

ඔහොම හිතපු රජා අපායේ  සංචාරයට ලෑස්තිවෙලා, යම රජ්ජුරුවන්ට ගෙනියන දැකුම් කදේ ගෙනියන්න ඕනේ මොනවද කියලා තනිවම කල්පනා කොරණකොට  හිතුනා;

"අපායේ   fresh fruits  නැතිව ඇති.. මොනවද ගෙනියන්නේ.. ආ මේ රඹුටන් වාරේ  නේ හොඳ රඹුටන් ටිකක් ගෙනියන්න ඕනේ"

ඔන්න ඔහොම හිතලා බොහොම රසවත් මල්වානේ  පැණි රඹුටන් පාර්සලයක් එහෙම අරගෙන අපායේ විසිට් එකක් ගියා. මේ බව දැනගෙන හිටියේ අර දැන් පන පිටින් ඉන්න යුවරජා විතරයි. ඔන්න දැන් අපේ රජා අපායට  ගිහිල්ලා යමරජු ඉදිරිපිට.

" පස්වාන් දහසකට බුදු වෙන්න යම රජ තුමනි... ඔබ වහන්සේ  බැහැ දැක මේ දැකුම් කද පුදන්ට අවසර....."

" ඈ බෝල  ජ.රා.  රජෝ ... උඹ කොරන දේවල් වලට කොහොමත් එන්නේ මෙහෙ තමයි.. ඊට කලින් මොකද බෝල මේ හදිසියේ."

"අනේ යම රජ තුමණි.. එහෙම කියන්නට එපා. ඔබ තුමත් රජා, මමත් එහෙට රජා.. ඉතින් 
රජාලගේ හැටි දන්නවනේ.. ඕවා අමතක කොරලා  දාන්න ... මම මේ පොඩි තෑග්ගක් එහෙමත් ගෙනාවා."

මේක කියපු ගමන් යම  රජ තුමාට යකා නැග්ගා.

"ඈ  බොල  ජ.රෝ.   තෝ හිතුවද මට පගාව දෙන්න. හිටු තොට පාඩමක් උගන්නන්න පගාව දෙන්නට ආවට .."  ඔහොම කියලා යම පල්ලෙක්ට මෙහෙම අණ  කළා.

"මේ නරයාගේ සරම ගලවලා.. මුනින් අතට බුදි කරවපිය .  ඊට පස්සේ මේ මට පගාව දෙන්න ගෙනාපුවා එකෙන්  එක මුගේ *කෙන් අස්සට ඔබපිය  කටෙන් එලියට එනකල්ම"

කොහොමද සැප.., දැන් අර රඹුටන් ඔක්කොම අපේ රජාගේ අධෝමුඛයෙන් ඇතුල් කරලා, රජාව  අපහු මේ ලෝකෙට  එවුව .  දැන් නැවතත් රජා තමාගේ රජ මාලිගයේ. දැන් ඉතින් වේදනාව ඉවසගන්න බැහැ. මෙහෙම ඉතාම වේදනාවෙන්  ඉන්නකොට අර යුවරජ එනවා.  යුවරජා දැකපු ගමන් රජා  හිතනවා හිටු මම තොටත් ගේමක් දෙන්නම්, මම විතරක් මොකටද පරිප්පු කන්නේ කියලා.

"ආයුබෝවන් රජ තුමණි... කොහොමද ගමන?..  මොකද නිකන් මුණ හරි නැහැ වගේ... ගිය වැඩේ හරි ගියේ නැතිද?...."

"ඔව් බන් යම  රජ්ජුරුවෝ මට හොඳටම දොස් කිවා. අනාගතයේදී රජ වෙන්න ඉන්න යුවරජු එක්කගෙන අවේ නැහැ කියලා.. ගියගමන් උඹවත් එහෙ විසිට් එකකට එවන්න කිවා"

"හොඳමයි රජ තුමනි, මම වහාම විසිට් එකක් දාන්නං "  ඔහොම කියපු යුවරජු විසිට් එක දන්න කියල හිතාගෙන රජුට ආචාර කරලා පිටත් වෙනකොටම රජතුමා මෙහෙම කියපි.

"ආ... එක නෙවේ තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා ... යමරජු කියුවා  දූරියං කන්න හරිම අසයි කියලා."

Saturday, January 19, 2013

Operation Eagle - මෙතෙක් නොකළ හෙළිදරව්වක්



මේ සිදුවීම වෙනකොට අපි හිටියේ  රාගම කිට්ටුව තිබුන  නිවසක. අපේ ගෙදරට යාබද තිබුන ගෙදර හිටියේ හමුදාවේ හිටපු නිලධාරියෙක්. මගෙත් එක්ක බොහොම හිතවත් හාදයා. හැමදාම වගේ  උදේම මට good  morning පාරක් දාන්න කවදාවත්ම අමතක කලේ නැහැ. බොහෝවිට ගමනක් එහෙම යන්න ඕන උනහමත් මගෙත් එක්ක සෙට් වෙනවා.  හැබැයි මටනම් මුගේ සමහර වැඩ ගැන  එච්චර පැහැදීමක් නැහැ. විශේෂයෙන්ම ඔය සත්තුන්ට හිරිහැර කරන උන් මට දිරවන්නේ නැහැ.

ඔන්න දවසක් මේකා කොහෙන්දෝ උකුස්සෙක් අල්ලාගෙන අවා.  ඇවිල්ල මුගේ කකුල දම්වැලකින් ගැටගහල අපේ ගෙවල් දෙක වෙන්වෙන බැම්ම අයිනේ ගහක ගැට ගහල, මට කතා කරලා කියනවා;

"මචං, ආයිලෂ් මම උකුස්සෙක් ගෙනාවා හුරතලේට ඇතිකරන්න"

"හපෝ ඔය මොන අපරාදයක් ද. ඔය නිදහසේ ඉගිල්ලෙන සතෙක්නෙ. උන්ගේ ලස්සන බලන්න ඕනේ උන් නිදසසේ උන්ගේ පරිසරයේ ඉන්නකොට "

"මොන පිස්සුද? මුගේ ලස්සන බලන්න පුළුවන් මෙහෙම ළග තියාගෙන විතරයි...ආයේ මුට කවදාවත්  ඉගිල්ලෙන්න බැරි වෙන්න මම මුගේ තටු කැපුවා."

ඔහොම කියපු මේ කාලකන්නියා, අර අහිංසක සතාගේ     අත් තටු දෙක  උස්සලා පෙන්නුවා. ඇතුලට වෙන්න තියෙන පිහාටු ටික ඔකොම බාගෙට කපලා. අනේ මු ලස්සන බලන විදිහ කියල මට හිතුනා. දැන් මේක අපේ   පවුලේ ඔක්කොටමත් හරිම දුකක්. දැන් මේ සතා  හැම වෙලේම ඉන්නේ අපේ බැම්ම උඩ.  සමහර දවස් වලට මේකව බැම්මෙන් ලිස්සල වැටෙනවා එතකොට මුට තටු ගහල උඩට එන්න බැරුව  දම්වැලෙන් එල්ලිලා ඉන්නවා. ඔන්න ඒ වෙලාවට අපි අර යකාට කතා කරලා කියනවා,

" මෙන්න  මේ සතා  දම්වැලෙන් එල්ලිලා"

" මු මහා යක්ෂ සතෙක් දෙන දේ කාලා බිලා ඉන්න බැරි දැඟලිල්ල..."

 ඔහොම කියල ආපහු මේකව අපේ බැම්මෙන් තියෙනවා.. දැන් මුට කන්න දෙන්නේ බත්, අනේ අපො, අර මාළු  කන සතා  බත් කයිද?  ඉතින් ඌ  කන්නේ නැහැ. මේක බලන් ඉන්න බැරි නිසා අපි ඔය සාලයෝ වගේ පොඩි මාළු ගෙනත් මුට කන්න දුන්නා.

පුතාලා මු කෑම  කන දිහා බලන්න ආසයි නේද? ඒකනේ කෑම  ගෙනත් දෙන්නේ. කමක් නැහැ එහෙනම් අපි ආයේ කෑම දෙන්නේ නැහැ. පුතාලම දිපුදෙන්, පොඩි උන්ගේ ආසාවනේ..."

මේකාගේ ගෑණි දවසක් ඔහොම කියුවා.  මට කුණුහරුප තමයි මතක් උනේ මොනවා කරන්නද ඉවසගෙන හිටිය. ඔන්න ඔය විදිහට මාස  කීපයක් ගත උනා. එක දවක්  මොකක්දෝ හේතුවක් නිසා මට වැඩට යන්න බැරි උනා. පොඩි උන් දෙන්නත් ඉස්කෝලේ ගිහින්..

"අයිලාෂ් .. එහා ගෙදර ඔක්කොමල ගමනක් යනවා කියල ගියා ... අපි අර උකුස්සා නිදහස් කරලා යවමුද ...?"

Operation Eagle, පළමු අදහස මගේ බිරිඳගෙන් .

" බැහැ.. වැඩක් නැහැ... ඌට පියාබන්න  බැහැ.. තටු කපලා නිසා"

" අනේ ඉක්මනට මොනවහරි දෙයක් හිතන්න... ආයේ මෙහෙම  චාන්ස් එකක් එන්නේ නැහැ.."

ඔයා  මට telephone directory  එක ගෙනත් දීලා ඉක්මනට පෙට්ටියක් හොයන්න මේකව දාගන්න"

මටත් ඉතින් හිටපු ගමන්  ගණ දෙවි නුවණ  පහල වෙනවා.  directory  එක පෙරලලා වනජීවි කාර්යාලයේ නොම්බරය හොයාගෙන කෝල් එකක් ගත්තා. ඒ දවස් වල වනජීවී කාර්යාලය තිබුනේ ග්‍රෙගරි පාරේ.  ඔතන  ඊට කලින් තිබුනේ මම කලින් වැඩකරපු වැවිලි සංස්ථාවේ ඔෆිස් එක. කෝල් එක අරගෙන සම්පුර්ණ විස්තරය වනජීවී අධ්‍යක්ෂ තුමාටම කියුව. 

"අපි නිලධාරීන් එවල ඔය කියන කෙනාට නීති මගින් කටයුතු කරන්නම්"

" හපෝ එපා.. එහෙම කලොත් මට මෙහෙ ඉන්න හම්බවෙන්නේ නැහැ, මට ඕන කරන්නේ ඔය මිනිහ උසාවි ගෙනියන්න නෙවේ, මේ සතාව මේ අපායෙන් මුදවන්න. මේකට මට උදවු කරන්න"

" එහෙනම් අපි මොනවද කරන්නේ, ඔයා  දැන් ඔය තැන අපිට කියන්නෙත් නැහැ නේ..."

මටත් මල පැනපි.. මුන් නම් මහා පුදුම වනජීවී  නිලධාරීන්.. නමුත් වැඩේ කරගන්නත් ඕන නිසා බොහොම ශේප් එකෙන් මෙහෙම් කියුවා.

" හරි මම කියන්නම් වැඩක් මේකට මට උදවු කරන්න. මේ සතා  මට මෙතන ලිහන්න පුළුවන් නමුත් ඌට ඉගිලෙන්න බැහැ. තටු කපලා   ඒ විතරක් නෙවේ මේකා  බොහොම දුර්වල වෙලා ඉන්නේ .. මම මේකව ගලවල  ගෙනෙන්නම් , ඔබතුමා  zoo  එකට බාරදෙන්න ක්‍රමයක් සකස් කරන්න"

" හා එක මම කරන්නම්.. ඔයා  කෙලින්ම zoo එකට ගෙනියන්න.. මම එතන දැනුවත් කරන්නම්.... ඔයාට බොහොම  ස්තුතියි ඔය වගේ වැඩක් කරන්න හිතපු එකට.."

දැන් අපි දෙන්න ඉක්මනට මේකව  ගලවලා පෙට්ටියට  දා ගෙන zoo  එකට ගිහින් බා දුන්නා.  ඊට පස්සේ ගෙදර එනකොට අල්ලපු ගෙදර උන් ඇවිත් උකුස්ස හොයනවා. මුන් අපිට මෙහෙම කියනවා 

"අනේ බලන්නකෝ නරක වෙලාවට ඕගොල්ලොත් ගෙදර ඉඳල නැහැ. උකුස්සා  කඩාගෙන ගිහින්........."

************ *************