Tuesday, January 16, 2018

යමරජු ගේ නඩු පොත


එක දිගටම ඡායාරුප ශිල්පය  ගැන කතා කරන්න ගියොත්, ඒ ගැන උනන්දුවක් නොදක්වන හිතවතුන්ට අසාධාරණයක් වෙයි කියලා හිතුන නිසා අද මේ කතාව කියවලා බලමු.

මිට කලින් මං  තුමා ළඟ තියෙන කඳුළු දුපතේ රජ කථා ඇතුලත් වටිනා පුස්තකයේ තිබුන කතා කීපයක් පල කලානේ.  මේ කතාවත් ඔය වටිනා දුර්ලභ පොතේ අවසාන හරියේ තියෙන කතාවක්. හොඳයි එහෙනම් කියවලා බලමු.

මිට කලින් පලකල කතාවල තිබුනේ කඳුළු දුපතේ රජකම් කල ජ.රා. ජරා ගැන කතා උනත් මේ  කතාවෙන් කියවෙන්නේ ඔය ජ.රා. රජාගෙන්  පස්සේ ජරාකම් වැරදුනා රජකම් කල රජතුමා ගැනයි. මෙයා  යුවරජ කලේ උන සිදුවීම මතක ඇතිනේ. මතක නැත්නම් මෙතනින් ගිහින් බලන්න 

 ඔන්න ඉතින් මේ රජතුමා ගේ කාලයේ රටේ බොහොම කැරලි කෝලාහල තිබුනා. රට උතුරෙන් දකුණෙන් දෙපැත්තෙන්ම යුද්ධ වලට මැදි  වෙලා තමයි තිබුනේ. ඔය කොහොම උනත් මේ රජතුමාත් අත හැරියේ  නැහැ. උතුරු පැත්තේ යුද්ධ කරපු කණ්ඩායමට  අවශ්‍ය කරන අවි ආයුධ මදි වෙයි කියලා හිතුන මේ රජතුමා ඒ ගොල්ලන්ට ආයුධ  එහෙමත් දුන්නා. බලන්න අප්පා කොච්චර කරුණාවන්ත රජෙක්ද කියලා? තමන්ට විරුද්ධව සටන් කරන එකාටත් ආයුධ දෙන්න මොන තරම් උණුවෙන හදවතක් තියෙන්න ඕනෙද?  නමුත් දකුණු පැත්තේ සටන් කරපු උන්ට නම් කිසිම සමාවක් දුන්නේ නැහැ. ඇයි  අප්පා ඉතින් යුද්ධ කරන හැම එකා ගැනමත් හිතන්න බැහැනේ.



ඔයවගේ ඉතින් රටේ ජරාකම් වැරදුනා රජකම් කරගෙන යන අතරේ පන්සලක මොකක් හරි තිබුනොත් මල් වට්ටියක් අරන් ඉස්සෙල්ලම එතන ඇති. රටේ තිබුන හැම පන්සලකටම මල්වට්ටි අරන් යන්න මෙයා හරි හපනා නිසාම පුෂ්ප කුමාර රජතුමා නමින් තමයි මහා ජනයා මෙයාව හැඳින්නුවේ.

ඔය කවුරු මොනවා කිවත් කරුමේ කියන එක වලක්වන්න බැහැ  නොවැ. මේ රජතුමා බොහොම විශ්වාස කරගෙන තමන්ගේ පරිවාර මාලිගයක නවත්වාගෙන හිටපු කෙනෙක් හිටියා. මේ කෙනා ඔය කලින් කියපු උතුරු පැත්තෙන් යුද්ධ කරපු කණ්ඩායමේ කෙනෙක් බව කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. දවසක් මේ හාදයා කබල් බයිසිකලයක බෝම්බයක් බැඳගෙන රජතුමා විදි සංචාරය කරන වෙලාවක රජතුමා ළඟටම ගිහිම් මේ බෝම්බය පුපුරවලා ඒ රජතුමා ඝාතනය කලා. ඒ පිපිරුමෙන් මේ පුද්ගලයගේත් ජීවිතය නැති උනා.

ඔන්න දරුවනේ මේ කතාවේ පෙරවදන. ඊට පස්සේ තමයි කතාව සිද්ධ වෙන්නේ. ඔන්න ඒකත් බලන්නකෝ.

දැන්  මේ රජතුමා ගේ ආත්මය සුදු ඇඳුමක් ඇඳගෙන ,  අතේ සුදු මල් වට්ටියක් අරගෙන දිව්‍ය ලෝකය කරා ගමන් ගන්නා මාර්ගයේ සෙමින් සෙමින් රජකීය ලීලාවෙන් ගමන් කරනවා. මේ මාර්ගය එකතැනකදී දෙකට බෙදෙනවා. එක පාරක් දිව්‍ය ලෝකය කරා, අනික අපාය කරා. මෙතන එක්තරා  දේව දුතයෙක් ඉන්නවා. එයා අතේ රත්තරන් පොතක් තියෙනවා. මේ පොතේ දිව්‍ය ලෝකය කරා ගමන් කිරීමට සුදුසු අයගේ නම සටහන් වෙලා තියෙනවා. ඉතින් මෙතැනදී නම පරික්ෂා කරලා තමයි දිව්‍ය ලෝකයට පිටත් කරන්නේ. යම් හෙයකින් ඔය පොතේ නම තිබුනේ නැත්නම් ඉතින් අපායට තමයි.

දැන් අපේ පුෂ්ප කුමාර රජතුමා මේ කියපු දේව දුතයා ඉදිරියේ , දැන් දේව දුතයා මෙලෙස ප්‍රශ්න කරනවා.

තමාගේ නම මොකක්ද? මොනවද කරලා තියෙන පින්?

මගේ නම පුෂ්ප කුමාර  රජතුමා, මම කඳුළු දුපතේ හැම පන්සලකටම ගිහින් තියෙනවා. මල් පුජා කරලා තියෙනවා. රන් වියන් හදවලා තියෙනවා. තව කොච්චර පින් වැඩ කලාද, හාමුදුරුවරු ටයර් සැයේ ආදාහනය කරන්න අණ  දිලා තියෙනවා. ආ වැරදුනා..  ඒවා කලේ මම නෙවේ. 

හ්ම්ම්. .. පොඩ්ඩක් ඉන්න මේ පොතේ නම තියෙනවද බලන්න.,................  නැහැ,  නම නැහැ අර අනිත් පැත්තෙන් අපායට යන්න.

මොනවා! මගේ නම නැහැ. වෙන්න බැහැ. අනේ කරුණා කරලා තව  සැරයක් පොත බලන්න, මගේ නම ඇති.

දැන් මේ දේව දුතයා පොත නැවත පරික්ෂා කරයි.

නැහැ, නම නැහැ මම අපහු බැලුව. දැන් කරන්න දෙයක් නැහැ අර පාරෙන් අපායට යන්න.

අනේ එහෙම කරන්න එපා. ඔය පොතේ මොකක් හරි වැරදීමක් ඇති.

හ්ම්ම් මටත් දැන් නම් හිතෙනවා මෙතන මොකක් හරි වැරදීමක් වෙලා කියලා.

අන්න හරි, ඇයි ඔබ තුමා එහෙම කියන්නේ ?


නැහැ දැන් ටිකකට කලින් කිලුටු  ඇඳගත්ත මිනිහෙක් අවා කබල් කැඩුණු බයිසිකලයක් තල්ලු කරගෙන. ඒ මිනිහගෙන්  මොනවද කරපු පින් කියලා ඇහුවම  දුන්න උත්තරේ තමයි;

"අනේ අප්පි පින් කොරලා නේ ෂාමි...., මම මේ එකෙක්ට මොම්බයක් ගහල මරලා එන ගමන්"

ඒ උනාට ඒ මිනිහගේ නම මේ පොතේ ලොකුවට ලියලා තිබුනා.








26 comments:

  1. ඔව් අප්පා ඔය අපායට යන කතා නං සෑහෙන්න තියෙනවා.. තව ලියන්ටකෝ...

    අඩේ මේ උඩින් තියෙන ආලවට්ටම් ටික අවංකව කියන්නේ ඩුඩෙ, චන්දන දෙන්නට කලින් කව්රු හරි දාලා තිබ්බා මතකයි.. ඒත් නම මතක නෑ... එයාටත් ගෞරවයක් යන්න ඕන...

    ReplyDelete
    Replies
    1. හොයලා ලින්කුවක් දාපන්කෝ ගිහින් බලන්න.

      Delete
    2. අවතාර් දාල තිබුන ඒ ආලවට්ටම් ටික. මං අල්ල ගත්තේ මනෝජ් ගෙන්.

      Delete
  2. Replies
    1. අනේ අපි දන්නේ නැහැ..ඔය පොතේ නමක් තිබ්බේ නැහැ බන්.

      Delete
  3. හික්ස්...!!! රජාව මරපු පින පලදීල පොරට..

    ReplyDelete
    Replies
    1. මටත් පෙනෙන්නේ ඒ වගේ තමයි.

      Delete
  4. අනේ වාසනාවන් අර අහිංසක මිනිහාට....

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ ගතියක් නාඩියෝ ... කාට උනත් හරි යනවනම් හොඳයි නේ..

      Delete
  5. පට්ට කථාවක් තෙවැනි ඇසත් කලාත්මකයි.

    ReplyDelete
    Replies
    1. ඔයාව සාදරයෙන් පිලිගන්නවා මේ අඩවියට. ගොඩක් ස්තුතියි... දිගටම එන්න.

      Delete
  6. ඒ රජ්ජුරුවන්ට මොකුත් කියන්නේ නෑ ඈ... :) :)

    සිරා වැඩේ ඒ උනාට

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ රජාත් බයවෙලාද දන්නේ නැහැ.... හික්ස්.

      Delete
  7. හැබැයි මේ දෙවියෝ දැන් නර ලෝකෙට බැස්සොත්නම්, අනිවාර්යෙන් ම පැය 48 ක් රිමාන්ඩ් නැතිනම් අතුරුදහන්....

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්නම් ප්‍රමෝෂන් එකක් හම්බවෙයිද දන්නෙත් නැහැ....

      Delete
  8. එහෙනම් අර මනුස්සය දිවය ලෝකේ යන වැඩක් අන්තිමට කොරල තියෙන්නේ. ඒකෙත් හැටි බලමුකෝ ඉතිං.....

    ReplyDelete
    Replies
    1. සමනලී ගොඩ දවසකින් නේද?

      Delete
    2. ඔව්නේ.... පහුගිය ටිකේ බ්ලොග් කියවන්න එන්න බැරි වුනා. මග ඇරුණු පෝස්ට් ගොඩායි දැන්. හිමිට කියවන්න ඕනි......

      Delete
  9. අද කතාවක් තියන්නේ..
    අර ඡායාරුප ගැන ලිපි අතරට මෙහෙම ඒවත් දාන්න හිතපු එක නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන නැත්නම මේක එපාවෙනවා.

      Delete
  10. මට දැන් නේ තේරුනේ කවුද මේ රජතුමා කියලා.. වර්තමාන රජතුමා යන්නේ කොහෙද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ බන් මල්ලියේ උඹ බබා නේ?
      මගේ ළඟ තියෙන්නේ පැරණි පුස්කොල පොතක්නෙ, එකේ තියෙන්නේ පැරණි රජවරු රජිනියෝ ගැන විතරයි.

      Delete
  11. ඔය කඳුලු දූපත පැසි‍ෆික් සාගරේ කිරිබතී දූපත කිට්‍ටුව තියෙන එකක් නේද?

    ReplyDelete
    Replies
    1. අන්න හරි, උඹත් නොදන්නා දෙයක් නැහැ නේ.

      Delete
  12. ඒ පුශ්ප කුමාරටත් වඩා මේ ඉනන් රැවුල් කාර කුමාර දැන් මේ රට කාගෙන කාගෙන යන විදිහට මෙයාට කොහේ යන්න වෙයිද මන්දා බන්

    ReplyDelete
    Replies
    1. ඒ කතාව කඳුළු දුපත කියන රටේ හිටපු රජ කෙනෙක් ගැනනේ බන්, වෙන රට වල ඉන්න රජවරු රටට ආදරෙයි නේ බන්. කඳුළු දුපතේ උන් ඇරුනම අනික් ඔක්කොම ටික අනිවා දිව්‍ය ලෝකේ තමයි.

      Delete

කොමෙන්ටුවක් දාල ගියොත් හොඳා නේද ?

දැන් ලස්සනට කොමෙන්ට් කල හැක

Image : [im] image url [/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

මේ සඳහා මඟ පෙන්වීම ඩුඩ් ගෙන් : අහුලා ගැනීම චන්දන ගෙන්

  https://wildlifetrails.blogspot.com/ කලින් පොස්ට් එකේ කියල තිබුන විදිහට අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා ඉංග්‍රීසි භාෂාවෙන්, පසුව එය සිංහලටත්...